ඇවන්ට්ගාර්ඩ් යළි පිහිටුවීම - අවනීතියට එරෙහිව කෙරුණු සටනක්. Featured

Tuesday, 10 August 2021 19:14

 රටේ දේශපාලන බල අධිකාරිය විසින් හිතා මතා සාහසික ලෙස විනාශ කිරීමට කැස කැවූ ව්‍යාපාරිකයකු, ඒ අසාධාරණ අයුක්ති සහගත අවනීතික ක්‍රියාවලියට එරෙහිව නොපසුබස්නා වීරයෙන් යුතුව කළ සටනින් අද ජයගෙන තිබේ. ඒ ඇවන්ට්ගාර්ඩ් සමූහ ව්‍යාපාරයේ අධිපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිය.

වසර හතකට ආසන්න කාලයක් මුළුල්ලේ මේ අවනිතික ක්‍රියාදාමයක එරෙහිව ඔහු කටයුතු කළේ තමන්ගේ නිවැරදි භාවය ගැන ඔහුට තිබුණු විශ්වාසය නිසාය. වැදගත්ම දේ ගහන්න ගහන්න මෝඩයා සේ වැඳ වැටෙන්න නොගිහින් පෙරළා පහර පිට පහර ගසමින් තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමය. මේ සටනින් ජය ගන්නා තෙක් ඔහු කිසි මොහොතක සටන අත්හැරියේ නැත. ඒ ඔහු කොමාන්ඩෝ බලකායේ විශිෂ්ට නිලධාරියකු ලෙස මරණය පෙනිපෙනී තිබෙන අවස්ථාවේදී පවා ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමට ලත් පුහුණුව විසින් ගොඩනගා ගත් සුවිශේෂී ආත්ම ශක්තිය සහ හැකියාව නිසා විය හැකිය.

ඇවන්ට්ගාර්ඩ් සමුද්‍රාරක්ෂක සමාගම , රක්නා ආරක්ෂක ලංකා සමාගම සමඟ ඒකාබද්ධව 2012 වසරේදී ආරම්බ කරන ලද සමුද්‍රාරක්ෂක ව්‍යාපාරය, එතෙක් මෙතෙක් කාලයකට ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තර ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළම තැනක රැන්දූ එකම ව්‍යාපාරය ලෙස සැලකිය හැක්කකි. මේ රටේ මහා පරිමාණ ව්‍යපාරිකයන් දහස් ගනනක් සිටී. රුපියල් බිලියන් ගනනින් උපයන දැවන්තයෝද සිය ගනනකි. එහෙත් ජාත්‍යන්තර ජය ගත් සහ විදේශ විනිමය ඩොලර් මිලියන් ගනනින් මෙරට ගෙන ආ ප්‍රමුඛතම ව්‍යාපාරිකයා නිශ්ශංක සේනාධිපති බව කිසිදු සැකයක් නොමැතිව කිව හැකිව තිබේ. ලංකාවේ ඉහළම වැ‍ටුප් තලවල තබමින් ආරක්ෂක අංශයේ විශ්‍රාමික සොල්දාදුවන් 6000 කට තරම් රැකියා සපයමින් ලක්ෂ ගනනකගේ බඩ කට පුරවපු, රුපියල් බිලියනයක පමණ සමාජ සත්කාර කටයුතු සිදුකළ වෙනත් ව්‍යාපාරිකයකු මෙරට අදටත් නැත. සිය ව්‍යාපාර බිඳ වැටුනත් අද කොවිඩ් වසංගත තත්වය හමුවේ ඒ මර්දනය වෙනුවෙන් රුපියල් මිලියන සිය ගනනක් ඔහු වැයකර ඇති බව තවම රට වැසියා දන්නේ නැත. ඔහු ඒ ගැන ප්‍රචාරක වැඩ කළේ නැත. මේවා ගැන සවිස්තරාතමකව පොත් ගන්නක් ලිවිය හැකි තරම් තොරතුරු ගොන්නක් තිබේ.

කොහොම නමුත් 2015 වසරේදී පැවැති පාලනය පෙරළා දමා යහපාලන ආණ්ඩුව පිහි‍ටුව ගැනීමත් සමඟ ඒ ව්‍යාපාර සියල්ල විනාශ කර දැමීමට ගත හැකි සියලු අනීතික , සදාචාර විරෝධී ක්‍රියාමාර්ග එම ආණ්ඩුවේ තකක්ඩි ඇමැතිවරුන් වූ චම්පික, රාජිත, අර්ජුන ප්‍රමුඛ දුෂ්ට බලවේගය ක්‍රියාත්මක විය. ඊට ජනත විමුක්ති පෙරමුණද කෙලින්ම සම්බන්ධ විය. නිශ්ශංක සේනාධිපතිගෙන් ඉල්ලු මිලියන් සිය ගනනින් වන කප්පම් මුදල් නොලැබීම මත මේ තක්කඩි ඇමතිවරු එම ව්‍යාපාරය විනශ කිරීමට උත්සහ කරන ලදී. ජවිපෙ කළේ වෙනත් ව්‍යාපාරිකයකුට මෙම ව්‍යාපාරය අත්පත් කර දීමේ කොන්ත්‍රාත්තුවකි. මේ සම්බන්ධයෙන් ලංකාඩේලි අප (ලංකාඩේලි) 2015 වසරේ සිටම හෙළිදරව් කිරීම් රැසක් සිදුකර තිබේ. ( එම සැබැඳි පහතින් දක්වා ඇත). ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර වශයෙනුත් දිනා තිබෙන විශිෂ්ටත්වයේ කීර්ති නාමයත් විනාශ කළ දූෂිත නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුත් මේ යහපාලනයේ කුමන්ත්‍රණයට හවුල් වූ බව කණගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුය. හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන ප්‍රමුඛ මේ දූෂිත නිලධාරීන්ට අධිකරණය හමුවේ තමන් කළ වරද පිළිගැනීමට සිදුවිය.

කොහොම නමුත් අද යුක්තිය ජයගෙන තිබේ. 2015 වසරේදී නීත්‍යානුකූල ක්‍රියාදාමයට එපිටින් ගොස් මෙම සමුද්‍රාරක්ෂක ව්‍යාපාරය නාවික හමුදාව යටතට පත් කිරීමට යහපාලන තකක්ඩියන් විසින් සිදු කරනු ලැබීය. දවසින් දවස අභූත චෝදනා පිට චෝදනා ගොනු කරමින් මඩ අවලාද ගසමින් මෙම ව්‍යාපාරය මුලුමනින්ම විනාශ කිරීමටත් සේනාධිපති මහතා සහ සමාගමේ ඉහළ නිලධාරින්වත් සිරගත් කිරීමට යහපාලකයන් මාන බැලීය. මේ හරහා පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ව සිටි වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ එම අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුව දඩයම් කිරීමටත් යහපාලන තක්කඩි උත්සහ කරන ලදී. එහෙත් ඒ සියල්ල යුක්තිය හමුවේ පරාජය විය. කොටින්ම එම යහපාලන යුගයේදී ජනාධිපති සිරිසේන විසින් පිහිටවනු ලැබූ බරපතල අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසම හරාහත් ඇවන්ට්ගාර්ඩ් ව්‍යාපාරය නීති විරෝධි ව්‍යාපාරයක් බවට තහවුරුවක් ලබාගැනීමට අතිශය නිනදිත ලෙස උත්සහ කළද එම කොමිසමද මෙම ව්‍යාපාරයේ ඇති විශිටත්වයත් සාර්ථකත්වයත් පෙන්වා දී එය ආරක්ෂ කළ යුතු බවත් නැවත ඊට ඉඩ කඩ ලබාදීම විය යුතු බවටත් නිර්දේශ කළේය.

එහෙත් යහපාලකයන් එම නිරිදේශ පවා නොසලකා හැර බොරු චෝදනා හත් දහසකටත් වැඩි ගනනක් ගොනු කර නඩු පැවැරීමට කටයුතු කරන ලදී. නඩු පිට නඩු වැ‍ටුණත් අවසානයේදී ඒ සියල්ල අධිකරණය හමුවේ ඉදිරිපත් වී සිය සත්‍යවාදීබව, නිවැරදිබව, නිතිගරුකභාවය ඔප්පු කිරීමට නිශ්ශංක සේනාධිපති මහතාට හැකි විය. 2019 වසරේදී තමන්ද සහය වී ගොඩ නැගූ වත්මන් ගෝඨාභය රාජපක්ෂ පාලනය තුළින් වෙන වෙන වටවංගු ගසා නැවත ව්‍යාපාරය අත්පත් කරගන්නවා වෙනුවට අධිකරණ හමුවේ නිදොස් වී නිදහස් වී නීත්‍යනුකූල ක්‍රියාපටිපාටිය හරහාම එය නැවත අත්පත් කරගැනීමට සේනාධිපති මහතා කටයුතු කිරීම ඔහුගේ විනයගරුක, නීතිගරුක භාවයට තවත් ප්‍රබල සාක්ෂියකි.

අධිකරණය මඟින් පසුගියදා ඔහුව නිදොස් කොට නිදහස් කිරීමෙන් පසුව මෙරටට විදේශ විනිමය ඩොලර් මිලියන් ගනනින් ගෙන ආ, ලක්ෂ ගනනකගේ බඩ ගින්න නිවූ මෙම ව්‍යාපාරය නැවත් ආරම්බ කිරීම වෙනුවෙන් ඔහු රජයෙන් කළ ඉල්ලීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව අනුමත කර ඇත. එය ද දේශපාලනිත හිතවත්කම මත සිදුවූවක් නොවේ. නීතිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් ලබා දී තිබු නිර්දේශ පදනම් කරගෙන ඇමැති මණ්ඩලය මෙය අනුමත කිරීම සිදුව තිබේ.

එහිදී නීතිපතිවරයා කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ වාණිජ නෞකා සඳහා ආරක්ෂක සේවා සැපයීම, පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සඳහා රක්නා ලංකා සමාගම සහ ඇවන්ගාඩ් සමාගම අතර ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය නීතියට පටහැණි නොවන බවය. පැවැති නඩු විභාග තුළ දී එය ත්‍රිපුද්ගල මහාධිකරණය විසින්ද සනාත කරන ලදී.

1950 අංක 34 දරණ ( සංශෝධිත) ශ්‍රී ලංකා නාවික හමුදා පනතේ ප්‍රතිපාදන අනුව නාවික හමුදාවට වාණිජමය කටයුතුවල නිරත වීමට අවසර ලබාදී නොමැති බවත් නීතිපතිවරයා පෙන්වා දී ඇති අතර මේ තත්වය අප විසින් ද මීට පෙර පැහැදිලිව පෙන්වා දී ඇත. නාවික හමුදාවට සිදුකළ හැක්කේ රජයේ අවසර පරිදි අවි ගබඩා කිරීම සහ නිකුත් කිරීම පමණකි.

එසේ තිබියදී මෙම සමුද්‍ර ආරක්ෂණ සේවා සැපයීමේ වාණිජ ව්‍යාපෘතිය සහ පාවෙන අවි ගබඩාව 2015 වසරේදී රජයට අයත් නාවික හමුදාව යටතට පවරා ගැනීම කිසිදු නීතියකට අනුකූල නොවන අතර කිසිදු නීතියකට අනුව සාධාරණීකරණය කළ නොහැකි බවත් නීතිපතිවරයා පෙන්වා දී ඇත. කොහොම නමුත් ජාත්‍යන්තර නීති හරස්වීම මත නාවික හමුදාවට 2015 න් පසුවත් සිදුකළ හැකිවූයේ අවි ගබඩා කිරීම සහ නිකුත් කිරීම පමණකි. මේ නිසා රජයට ලැබිය හැකිවූ ඩොලර් මිලියන සිය ගනනක ආදායම් අහිමි වීම සිදු විය.

මේ තත්වය යටතේ රජයට අයත් සමාගමක් වන රක්නා ලංකා සමාගම යහපාලන යුගයේදී ගිවිසුම් කඩකිරීම මත නඩු කටයුතුවලට මුහුණ දීමට සිදුව තිබෙන අතර එම ගිවිසුම කඩවීම හේතුවෙන් පවරා ඇති නඩුවෙන් රක්නා ලංකා සමාගමට, ඇවන්ගාඩ් සමාගම වෙත ඩොලර් මිලියන 20ක මුදලක් ගෙවීමට සිදුවීම වළක්වා ගැනීම සඳහාත් ඇවන්ගාඩ් සමාගම තමන්ට රුපියල් බිලියන 21ක පාඩුවක් සිදුව ඇති බවට ආරක්ෂක ලේකම්වරයා වෙත යවා ඇති එන්තරවාසිය අනුව ඉදිරි නීතිමය කටයුතු සිදුවීම වළක්වා ගැනීමට සඳහාත් අදාළ ව්‍යාපෘතිය එම සමාගම වෙත යළි ලබාදීමට නීතිපතිවරයා නිර්දේශ කර ඇත.

මේ අනුව පෙර පරිදි නාවික හමුදාවේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සමුද්‍ර ආරක්ෂණ ව්‍යාපෘතිය පවත්වාගෙන යෑමට රක්නා ලංකා සහ ඇවන්ගාඩ් සමාගම්වලට අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

අවසන් වශයෙන් කිව යුත්තේ මේ රටේ වාසනාවකට යුක්තිය ඉ‍ටු වීම සිදුව ඇති බවය. අද දැවන්ත විදේශ විනිමය අර්බුධයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට යළි විදේශ විනිමය විනිමයා උපයාගත හැකි පහසු මඟක් මෙම ඇවන්ට්ගාර්ඩ් සමුද්‍රාරක්ෂක ව්‍යාපාරය නැවත ගොඩනැගීම හරහා සිදුවෙනු ඇත. එය පෙර මෙන් සාර්ථකව වඩාත් දියුණුව සිදු වෙනු දැකීම අපගේද ප්‍රාර්ථනයයි.

 

පෙර සැබැදි

පාවෙන අවි ගබඩා තුනෙන්, එකයි පොලිස් අත්අඩංගුවට ගත්තේ

ඇවන්ගාර්ඩ්ට එරෙහි චෝදනා; නිශ්ශංක රහස් හෙළි කිරීමේ සූදානමක  

 සී අයි ඩීය මෙහෙයවන්නේ කවුදැයි දැයි සැකයක් 

 පාවෙන අවි ගබඩාව නිත්‍යානුකූල බව පිළිගනී

 හැංඟිමුත්තං කෙළින්නේ කවුද...? කා සමග ද...?

ඇවන්ගාර්ඩ් හිමිකරුට විදේශ ගතවන්න අවසර ලැබෙයි 

පාවෙන අවිගබඩා ව්‍යාපාරය මහරාජාට ! රුවන් උගුලක, අර්ජුන ගිනි පිබියි, අනුර හොරි කසයි. 

 ඇවන්ගාර්ඩ්ගෙන් සල්ලි ගත්තු මාධ්‍යවේදීන්, දේශපාලකයන්, ජවිපෙ හෙළිකරන්න යයි ! 

 තිලක් මාරපන ඉල්ලා අස්වන ලකුණු 

 ඇවන්ගාර්ඩ් ප්‍රශ්නය සමථයකට, තවත් සමාගම්වලටත් අවස්ථාව දෙයි 

 ඊළඟට, ඇවන්ගාඩ් බ්ලැක් ලිස්ට්. මහරාජාට හා ඇමැතිවරයාට ඉඩ 

 ඇවන්ගාර්ඩ්ට ගෝඨා සැලකුවේ මිලියන 500ක අල්ලසක් නිසාලු 

 ඇවන්ගාර්ඩ් සමඟ රජය අලුත් ගිවිසුමක් ගහලා ? 

 ඇවන්ගාඩ් 'හොර අවි' වලින් නාවික හමුදාව බිස්නස් කරන්නේ කොහොමද? 

 ඇවන්ගාඩ් ගෙන් අල්ලස් ගත්තු රාජිත රටින් පනී ! අල්ලස් කොමිසමට පැමිණිල්ලකුත් (හඬපටය)

 ඇවන්ගාර්ඩ්ගෙන් සල්ලි ගත්තු බව රාජිතගේ මිතුරා පිළිගනී (හඬපටය)

 ෆොන්සේකා අල්ලස් කොමිසමට යයි, පිස්සු නැත්නම් ෂෝක් 

ඇවන්ගාර්ඩ් වන්දිය: නාවික හමුදාව රු බිලියන 2 යි, රක්නාලංකා ඩොලර් බිලියන 12යි 

 ආරක්ෂක අමාත්‍යංශයේ 'රෝ' ඔත්තුකරුවෙක් ! 

 විදේශ ගුවන් නියමුවන්, නාවික කපිතාන්වරු ලංකාවේ වැඩට බය වෙයි 

 මහරාජා, අනූෂිව හෝටල් කාමරයෙන් එළියටම දාලා

 ඇවන්ගාඩ් චෝදනාත් දේශපාලන න්‍යායපත්‍රයක් මත කෙරෙන බවට ජනාධිපතිගෙන් දෝස්මුරයක් 

 ලංකාවේ බොරු කුඩුකර, ඇවන්ගාර්ඩ්ට යුරෝපයෙන් 'සොක්‍රටීස්' සම්මානය ! 

 ආණ්ඩුව පචවෙයි. ඇවන්ගාර්ඩ් ව්‍යාපාරය කොල්ලකෑවාට මිලියන 840 වන්දි ගෙවන්න සිදුවෙයි. 

 ඇවන්ගාඩ් අල්ලස් සිද්ධිය : චුදිතයන්ට ඇපදීම නිවැරදි බව මහාධිකරණය තීන්දු කරයි 

 මහාචාර්ය විජේසූරිය..,මේ අභියෝගය බාරගන්න ! සැඟවී පලා යන්න එපා..

 2020 ගෝඨා එනවා ! අමරිකානු පුරවැසිභාවය ඉවත් කරගනී !! 

නීතිපති වැඩ පෙන්වයි.. ඇවන්ගාර්ඩ් නඩුවෙන් ගෝඨා නිදහස්..! 

 යහපාලනය රෙදි නැතිව නාගන්නා ඇවන්ගාර්ඩ් කතන්දරයේ සාරාංශය

 යහපාලනයේ නීතිය නැවිල්ල සහ කැඩීම ගැන තවදුරටත්.. 

 ඇවන්ගාර්ඩ් බොරු චෝදනාව දැන්වත් නවත්තන්න..(Video) 

 ඇවන්ට්ගාර්ඩ් ව්‍යාපාරය කොල්ලකා නාවික හමුදාව ලාබ ලැබුවාද? චම්පිකලා ගසාකෑවාද ?

 ඇයි ජවිපෙට විශාල ඡන්ද පදනමක් නැත්තේ? හරිනි ඇත්තම කියයි

 හරීන්ගේ හරි සයිස් එක මොකක්ද ? 

අනුරලා දේශපාලන පළිගැනීම් කළ බවට හොඳම සාක්ෂිය ඇත්තේ නිශ්ශංක ළඟය. 

 දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මකවීම කඩිනමින් වියයුතුය. 

ඇවන්ට්ගාර්ඩ්, daily mirror එකත් සල්ලිවලට අරගෙනද? මාධ්‍ය ගණිකාවන් ගැන හෙළිදරව්වක්. 

 පාඨලීගේ හොර ගිනි අවිය අතේ පත්තුවෙයි. වරද දැන දැනම කරලා ! 

 කුලීකාරයන්ගේ මාධ්‍ය වාර්ථා සහ ඇත්ත අතර පරතරය ගොඩක් වැඩියි. 

 

 

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us