යහපාලනය රෙදි නැතිව නාගන්නා ඇවන්ගාර්ඩ් කතන්දරයේ සාරාංශය Featured

Thursday, 12 September 2019 21:30

යහපාලන ආණ්ඩුව පත් වී ඒ ජයග්‍රහණයේ උණුසුම යන්නට පෙර යහපාලකයො සිය වල්ගය පාගා ගත්තේය. ඒ ගාලුවරායෙ නීති විරෝධී අවි සඟවා තිබෙන නැවක් ගැන කියමිනි. යම් හෙයකින් රාජපක්ෂවරු පරාජයට පත් වුවහොත් එම අවි ආයුධ පාවිච්චියට ගනිමින් යළි රටේ බලය ඇල්ලීම සඳහා කුමන්ත්‍රණයක් දියත් තිබූ බවත් මේ නැව ගැන කියන කතා අස්සේ ආණ්ඩුවෙ මැති ඇමැතිවරු පවා කියන්නට ගත්තහ. මෙය ජාත්‍යන්තර අවි ජාවාරමක කොටසක් බවත් කීවෝය.

ඒ අනුව හොරු අල්ලනාවාය කියමින් මේ යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසුව මුලින්ම බෙල්ලෙන් අල්ලා ගනු ලැබුවේ ඇවන්ගාඩ් සමුද්‍රාරක්ෂක සේවයේ හිමිකරු විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිවය. සේනාධිපති ජාත්‍යන්තර අවිජාවාරම් කරුවකු බවත්, ගෝඨාබය මේ සියල්ල මෙහෙයවන බවත්, ආදී වශයෙන් චෝදනා රොත්තක් ඇද බැවාය. ඉන් පසුව ගාලු වරායේ තිබු  ඇවන්ගාඩ් සමාගමේ ' මහනුවර' නම් නැව අත් අඩංගුවට ගනු ලැබීය.  

ජඩ ඇමැති තුන් කට්ටුව සහ ජවිපෙ

මෙහි නීති විරෝධි කියන අවි අත් අඩංගුවට ගන්නත් ඒවායේ නීති විරෝධීබාවයන් ඔප්පු කර පෙන්නවන්නටත් ,ඇවන්ගාර්ඩ් පාවෙන අවිගබඩා ව්‍යාපාරය සහ සමුද්‍රාරක්ෂක සේවා සැපයීමේ ව්‍යාපාරය නීති විරෝධී ජාවාරමක් බව කියන්නත් අවසාන වශයෙන් රජයට දැවැන්ත පාඩුවක් සිදුකර ඇති බව කියන්නටත් දන්නා සෙල්ලම් සියල්ලම යහපාලන ආණ්ඩුවේ මැති ඇමැතිවරු කිහිප දෙනෙකු බරපතල ලෙස මහන්සියක් ගත්හ.. රාජපක්ෂ සමයේ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් නන්දසේන ගෝඨාබයට මෙයින් විශාල කොමිස් කුට්ටියක් යන බවත් ඔහු මෙම ව්‍යාපාරය ඇවන්ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිට ලබා දූන්නේ අල්ලස් ගැනීමෙන් බවත් ආදී චෝද්නා රැසක් එල්ල කෙරුණි.

විශේෂයෙන්ම රාජිත සේනාරත්න , පාටළී චම්පික රණවක, අර්ජුන රණතුංග සහ සරත් ෆොන්සේකා ආදීන් මීට පෙරමුණ ගත්හ. එසේම ජනතා විමුක්ති පෙරමුණ සහ සිරස මාධ්‍ය ජාලය මේ වෙනුවෙන් විශාල හඬක් නැගීය. මේ කතන්දර බොහො දෙනා විශ්වාස කිරීමට පෙළඹුණේ මෙම පාවෙන අවි ගබඩා ව්‍යාපාරය යනු කුමක්ද සමුද්‍රාරක්ෂක සේවය කියන්නෙ මොකක්ද යන්න ගැන හාන්කවිසියක දෙයක් නොදන්නා කම නිසාත් ඇවන්ගාර්ඩ් නිශ්ශංක ගොඨාබයගේ සමීපතමයෙක්ම යන හේතූන් නිසාය.

ඉන් පසුව ඇවන්ගාර්ඩ් ව්‍යාපාරයටම අයත් අනෙක් පාවෙන අවිගබඩාව එම් වී ඇවන්ගාඩ් නම් නෞකාව සහ එහි තිබු අවි ද අත් අඩංගුවට ගැනු ලැබුවේය.

දිල්රුක්ෂිගේ තදියම

කෙසේ නමුත් මෙම චෝදනා පදනම් විරහිත බව යහපාලන ආණ්ඩුව පත්වීමෙන් පසුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය පවා පිලිගැනීමට කටයුතු කර එම සමාගම සමඟ වන ගිවිසුම් අලුත් කර එම ව්‍යාපාරය පවත්වාගෙන යෑම සඳහා කටයුතු කළේය. එහෙත් ජවිපෙන් සහ ඉහත කී ඇමැතිවරුන්ගෙන් එල්ල වූ බරපතල පීඩනය හමුවේ මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දියත් විය. එහෙත් කලින් නැඟූ චෝදනා කිසිවක් සත්‍ය බවට ඔප්පු කර ගැනීමට සාක්ෂි කිසිවක් හමු වූයේ නැත. ඒ අතර අල්ලස් හෝ දුෂණ විමර්ශ්න කොමිසමට ජවිපෙ කළ පැමිණිල්ලක් අනුව එම කොමිසම විසින් ඇවන්ගාර්ඩ් සමාගම , රාජ්‍ය ආරක්ෂක අමාතයංශය අනුබද්ධ සමාගමක් වන රක්නා ලංකා සමාගම සහ නාවික හමුදාව ගෙන ගිය ඒකාබද්ධ ව්‍යාපාරය නිසා රජයට රුපියල් බිලියන 11.4 ක බරපතල පාඩුවක් සිදු කර තිබෙන බවට චෝදනා කරමින් නඩු පැවැරීමට හදිස්සි විය. එවකට අල්ලස් කොමිසමේ තරුවක් බවට පත්වී සිටි අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් මෙම නඩුව පැවැරීමට ඉක්මන් වූයේ කොහොම හරි ගෝඨාව ඇතුලට දැමිය යුතු බවට දේශපාලන අධිකාරියෙන් ලැබුණු පීඩනයත් සමඟය. නීතිපතිවරයාගේ සහයෙන් නඩුව ගොනුකිරීම සිදුවිය.

ඇවන්ගාර්ඩ් සමාගම මුලිකව ගෙන ගිය ව්‍යාපාරය ගැන වැටහීමක් ඇති අයකුට මෙම නඩුවේ නිමිත්තම බැලූ බැල්මට විහිළුවක් බව පෙනී යයි. මෙම ලියුම්කරු විසින්ම මීට තුන්වසරකට ඉහතදී මෙම නඩුව පැවැරූ අවස්තාවේදී ලියා තැබුවේ මේ  නඩුව පැවරනු ලැබුවේ  'ගෝඨාව සුද්ධ කරන්නද කියන සැකය' මතුවන බව සඳහන් කරමිනි. මන්ද මෙම අතිශ්ය දුර්වල නඩු නිමිත්තක් නිසාය.

බිලියන් 11.4 ගියේ කාගේ අතටද?

සරලවම සටහන් කරනවා නම් මෙම බිලියන් 11.4 ක් (කෝටි 1140 ක) රජයට පාඩු කළාය කියන එම ඉලක්කම අල්ලස් කොමිසම හොයා ගන්නේ එම ව්‍යාපාරය විසින් ව්‍යාපාරික කටයුතු සිදු කළ අවුරුදු දෙකහාමාරක පමණ කාලය තුල ලැබූ සමස්ත ආදායම අනුවය.

එම ආදායම ගෙඩිය පිටින්ම ඇවන්ගාර්ඩ් සමාගමට හෝ හවුල්කාර රක්නා ලංකා සමාගමට හෝ ලැබුණක් නොවේ..එය කොටස් තුනකට බෙදී යයි..එනම් ඇවන්ගාර්ඩ් සමාගමටත් රක්නා ලංකා සමාගමටත් සහ නාවික හමුදාවටත් වශයෙනි..ඊට අමතර බදු ලෙස මහ භාණ්ඩාගාරයත් ඉන් කොටහක් ඇතුලත් විය.

එමෙන්ම 2009 වසරේදි නාවික හමුදාව විසින්  සමුද්‍රාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් වන ව්‍යාපාරික කටයුත්ත විවිධ අලකංචි මධ්‍යයේ හෝ සිදුකරමින් 2012 වසර දක්වා උපයා තිබුණේ රුපියල් කෝටි 180 ක් පමණි.  පසුව ඇවන්ගාඩ් සමාගම පාවෙන අවි ගබඩ සංකල්පය ද සමඟ ආරක්ෂක අමාතයංශයේ රක්නා ආරක්ෂක ලංකා සාමගම හා ඒකාබදධ ව්‍යාපාරයක් ආරම්බ කරමින් 2012 ඔක්තොබර් මාසයේ සිට 2015  අගෝස්තු දක්වා කාලය තුල  රජයට උපයා දුන් මුදල රුපියල් කෝටි 380 කි. එමෙන්ම නාවික හමුදාව ඒවන විට සිදු කර තිබු මෙහෙයුම් සංඛ්‍යාව මාසිකව 500 ක පමණ අගයක් ගෙන තිබූ අතර ඇවන්ගාඩ් සමාගම ඒ 750 ක පමණ සාමාන්‍යයකට ගෙන එන ලදී.

ඇවන්ගාර්ඩ් සමාගම ලත් කොටහා නිශ්ශංක සේනාධිපතිගේ පෞද්ගලික ගිණුමකට ගියා නම් මේ ආදායම් විචිකිච්චාවක් තබා ගැනීමට හැකිය..එහෙත් එම මුදලින් සමාගමේ සේවකයන් 5000 කට පමණ වැ‍ටුප් ගෙවූ බවත්, අවිගබඩාව පවත්වාගෙන ගිය නෞකාවට කුලී ගෙව්ව බවත් අනෙකුත් නඩත්තු වියදම් පියවූ බවත් කිව යුතුය. නිවැරදි ලෙස ගනනය කරන්නෙ නම් මෙහි වැඩි වාසිය ලැබුනේ රජයටය. මන්ද මේ ව්‍යාපාරය මඟින් උපයකු ලැබූ සියලු මුදල් විදේශීය විනිමය වන අතර..එහි එක ඩෝලරයක් නෑරම මෙරටට රැගෙන ආ බැවිනි. ඒ බව මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේ එම සමාගම විසින්ද මාධය වාර්තා මඟින්ද පෙන්වා දී තිබිණි.

5000 කට රැකියා අහිමි විය

එමෙන්ම මේ විධිමත් වැරැදි වලින් තොර විශිෂ්ට ව්‍යාපාරයක් බවට පත් කිරීමට ඇවන්ගාඩ් සමාගමට හැකි වු අතර එය ලෝකයේ අංක එකේ සමුද්‍රාරක්ෂක සේවය බවට පිළිගැනිමකට ද ලක් විය.  එය ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ගේ විශිෂ්ටත්වය ලොවට පෙන්වා දීමේ මහගු අවස්ථාවක් ද විය. එසේම ආබාධිත වූ ආරක්ෂක අංශ සාමාජිකයන් දහස් ගනනකට මේ හරහා රැකියා උත්පාදනය විය. ඒ විශාල වැටුප් තල වල පිහිටාය.

ඇවන්ගාඩ් ව්‍යාපාරය නාවික හමුදාව අතට ගැනිමෙන් පසුව සේවය අහිමිවූ  හිටපු ආරක්ෂක අංශ සෙබලුන් කිසිවකුට හෝ ‍ යළි රැකියාවක් ලබා දිමට නාවික හමුදව අදත් සමත්ව නැත. මේ සේවය අහිමිවූවන් අතර තුන් දහසක් පමණ ආබාධි සෙබලුන් සිටින බව පැවසේ. රුපියල් ලක්ෂ එකහාමාරේ සිට ලක්ෂ 30 දක්වා වැ‍ටුප් තල වල ඔවුන් බොහෝ දෙනෙක් එවකට කටයුතු කරනු ලැබීය. ඊටත් වඩා මේ අතරින් සියයට 80 ක පමණ දෙනා නාවික හමුදාවේම සේවය කළ අයවලුන් වේ.  මෙලෙස රැකියා අහිමි වූ පන්දහසකට ආසන්ව සිටි එම සමාගමේ සේවකයන් පසුගිය යහපාලන වසර පහකට ආසන්න කාලයේ මේ සිදු කළ ව්‍යවසනය ගැන ආණ්ඩුවට දෙස් දෙවොල් තබමින් සාපකරමින් සිටි බව රහසක් නොවේ. ඔවුන් විටින් විට පැවැත්වූ මාධ්‍ය හමුවලදීද ඔවුන් වැ‍ටුනු අමාරුව ගැන හඬු කඳුලින් පැවසීය. එහෙත් ඒ කිසිදු පුද්ගලයකුට එක් රැකියා අවස්ථාවක් හෝ ලබා දීමට දේශපාලන අධිකාරිය හෝ නාවික හමුදාව සමත් වූයේ නැත.

නාවික හමුදාව කළ පාඩුව

මෙහි ඇති අනෙක් උත්ප්‍රාසය නම් මෙම සමාගමෙන් මෙම ව්‍යාපාරය ගලවා නාවික හමුදවට පැවැරීමට ගත් තීන්දුවෙන් පසුව රජයට සිදුව තිබෙන අමුතු ලාබය ගැන කිසි කතාවක් නොවීමය. අලුතෙන් මෙරටට ව්‍යාපාරයක් හඳුන්වා දී බිලියන් ගනනින් විදේශ විනිමය රට තුල ගෙන ඒමට සමත් වූ ව්‍යාපාරයක් රජයට සිදු කළ පාඩුවක් වශයෙන් හන්වඩු ගසා කුඩු පට්ටම් කර එය රජයට පවරා ගත්තා නම් රජය විසින් විශාල ලාබයක් පෙන්නුම් කළ යුතුය. නමුත් එහෙම ලැබූ අමුතු ලාබයක් නැත. ශ්‍රීලංකාවට තිබුණු ව්‍යාපාරික අවස්ථාවන්ද තරමකට කඩා වැටීම පමණක් සිදුව තිබේ.

එවකට ඇවන්ගාර්ඩ සමාගම විසින් එක් මෙහෙයුමක් වෙනුවෙන් අය කර ගත් ඩොලර් 3500 ක මුදල නාවික හමුදාව විසින් 2500 ට අඩු කරනුද ලැබීය.  එමඟින් රජයට සිදු කර ඇති පාඩුව ඔවුන් විසින් සිදුකරනු ලැබයි කියන මෙහෙයුම් 6500 හා සැලකිමේදී  ඩෝලර් 650000 ක පමණ පාඩුවක් මෙරටට සිදු කර තිබේ.  අදාල ලාබය ගැන කතා කරන මාධ්‍ය වාර්තාවන් හී මේ අලාබය ගැන වචනයකදු සඳහන් නැත.  එමෙන්ම ඇවන්ගාර්ඩ් සමාගම කෝටි 1140 ක ආදායමක් වාර්තා කළේ වසර දෙකාමාරකට ආසන්න කාලයකදී වන අතර ඒ අනුව නාවික හමුදාව එක් වසරක් තුලදී අඩුම තරමින් රුපියල් කෝටි 350ක්වත් ආදායම් උපයා ගැනීමට සමත් විය යුතුව තිබිණි.  එහෙත් නවික හමුදාව එම නොහැකියාව සනාත කොට ඇත. 

මේ නොහැකියාවේ පදනම වන්නේ මෙම ව්‍යාපාරයේ ආයුධ ගබඩා කර ගැනීම හා අදාල වෙලඳ නෞකවල සිට ආයුධ ප්‍රවාහනයේදි ආරක්ෂාව සැපයීම පමණක් නාවික හමුදාව සිදු කරන බැවිනි. 

  නාවික හමුදාවට පාවෙන අවි ගබඩා ඇත්තේ නැත. එවැනි අවි ගබඩවක් ජාත්‍යන්තර මුහුදේ පවත්වාගෙන යාමට නාවික හමුදවට නීතියෙන් අවසරයක්ද නැත. එමෙන්ම සමුද්‍රාරක්ෂක නිලධාරීන් (සී මාර්ෂල් වරු) සේවයෙහි යේදීමේ අවසරයද නාවික හමුදාවට නැත. එනම් මේ තමන්ට කරන්න බැරි වැඩක් බාර ගැනීමකි. ලාබ උපයමින් තිබූ අනුන්ගේ ව්‍යාපාරයක් කොල්ල කා ගැනිමකි.

ආණ්ඩුවට සමාවක් දිය නොහැක

සිය ප්‍රතිපාක්ෂික දේශපාලකයන් දඩයම් කිරීම වෙනුවෙන් මෙරට විදේශ විනිමය ගෙන ආ අංක එකේ ව්‍යාපාරය පොඩි පට්ටම් කර දැමීම ගැන වත්මන් ආණ්ඩුවට සමාවක් දිය නොහැක.. ඇවන්ගාර්ඩ් සමාගම මේ රටේ පොදු දේපොළ කොල්ල කෑමක් සිදු කර නැත.. රට තුල කිසිදු මුල්‍ය හෝ වෙනත් අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වී නැත. ඔවුන් සිදු කළේ ජාත්‍යන්තර ගැටලුවක් බවට පත් වූ සොමාලියානු මුහුදු මංකොල්ල කරුවන්ගෙ ගැටලුවට සාර්ථක පිලිතුරක් නිර්මාණය කර දී එය රටෙ ප්‍රධාන ආදායම් මාර්ගයක් කර දීමය..

ඇවන්ගාර්ඩ් සමාගමේ ව්‍යාපාරය සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබුණා නම් එක්කො රජයට ලැබෙන ලාබාංශයේ අඩුවක් හෝ තිබුණා නම් වගකිව යුතු රජයක් කළ යුතුව තිබුණේ එතෙක් පැවැති ගිවිසුම් සමාලොචනය කර එහි අඩු පාඩුවක් ඇතොත් ඒ සකස් කර මෙම ව්‍යාපාරය පවත්වාගෙන් යෑමට දිරිමත් කිරීමය. විශේෂයෙන්ම විදේශ විනිමය සම්බන්ධ බරපතල අර්බුද්යක සිටි සමයේදී ආණ්ඩුවේ තක්කඩි ඇමැති කිහිපදෙනෙකු විසින් සිදු කළේ මරි මෝඩ තකතීරු වැඩකි.

දිට්ඨ ධම්ම වේදනීය කර්ම පටිසන් දෙනවා මෙන් දැන් අභියාචනාධිකරණය ලබා දී තිබෙන තීන්දුව මේ ජඩ ඇමැතිවරුන්ට සහ ජනතා විමුක්ති පෙරමුණට ගැසූ සැර කණේ පහරක් බව සඳහන් කිරීම වැරදි නැත. තකක්ඩි දේශපාලන සහ පෞද්ගලික අමනාපකම්( මෙම ඇමැතිවරුන් තමන්ගේ කප්පම් ඉල්ලු හැටි ගත්තු හැටි ගැන නිශ්ශංක සේනාධිපති මීට පෙර හෙළි කර තිබිණි) නිසා රටට මහ ධනයක් කීර්තියක් ගෙන දුන් දැවැන්ත ව්‍යාපාරයක් විනාශ කර දැමීමට මේ ඇමැතිවරු කටයුතු කිරීම ජාතියේ අවාසනාවකි.

දප්පුලගේ අලුත් නඩුව

කෙසේ නමුත් පසුගියදා ගාලු වරාය ආසන්නයේ හික්කඩුව මුහුදු තීරයේ අත් අඩංගුවට ගත් එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ගිනිඅවි සහ ජීව උණ්ඩ තබා ගත්තාය යන චෝදනා එල්ල කර ඇවන්ගාර්ඞ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට කොළඹ ත්‍රිිිපුද්ගල මහාධිකරණ හමුවේ නීතිපතිවරයා අලුත් නඩුවකද පවරනු ලැබීය.

එය 2014 වසරේ අප්‍රේල් මස 7 වනදා සහ 2015 වසරේ ඔක්තෝබර් මස 6 වනදා අතර කාලසීමාව තුළ හික්කඩුව මුහුදු තීරයේ ඇවන්ගාඩ් නෞකාව තුළ නිසි බලපත්‍රයක් හෝ නිසි අවසර පත්‍රයක් නොමැතිව ස්වයංක්රීය ගිනි අවි 816 ක් සහ උණ්ඩ 200935 ක් තබාගැනීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව චෝදනා 7574 ක් යටතේ මෙම නඩුව ගොනුකර තිබේ. ලංකා ඉතිහසයේ වැඩිම චෝදනා සංඛ්‍යාවක් ගොනු කරන නඩුව මෙය විය හැකිය. පළපුරුදු නීති වේදීන් පවසන්නෙ මෙම නඩුව අසා නිම කිරීමට අවුරුදු 500ක් වත් කල් ගත වනු ඇති බවය. ප්‍රධාන චෝදනාව ඔප්පු කිරීමට නම් මෙහි අවසාන චෝදනාවේ සිට එම චෝදනා ඔප්පු කිරීමට හැකි විය යුතුය.
එය කෙසේ නමුත් වත්මන් නීතිපති දප්පුල ලිවේරා පසුගිය කාලයේ පවරනු ලැබූ නඩුද අසාර්ථක වූ අතර මේ නඩුවටම එම කලදසාවම වෙනු ඇති බව නීතිවේදීන් පවසයි. එමෙන්ම මෙම නඩුව පැවැරීමට හදිස්සි වුයේ ගෝඨාබයගේ දේශපාලන ආගමනය වැලැක්වීමට ඔහුගේ දකුණු අත මෙන් සැලකෙන සේනාධිපතිව සිර කිරීම වෙනුවෙන් විය හැකි බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දි තිබිණි. කෙසේ නමුත් මෙම නඩුවේ චූදිතයකු ලෙස ගෝඨාභයව නම් කර නැත.

ඒ කොහොම වෙතත් නීතිපතිවරයා නගන චෝදනාවන් කවරක් වූවත් එම නෞකාවේ තිබූ ගිනි අවි සියල්ල රජයට අයත් නිතයනුකූල ගිනි අවි බව රජයේ රස පරික්ෂකවරයාගේ වාර්තාවෙහි දක්වා තිබේ.එමෙන්ම එම ගිනි අවි සීයල්ල නාවික හමුදව භාරයට ගත් අතර අදත් නාවික හමුදාව සමුද්‍රාරක්ෂක කටයුතු වෙනුවෙන් එම ගිනි අවි යොදා ගනිමින් තිබෙන බවත් වාර්තා වේ. මේ විහිළුවටද කෙදිනක හෝ අධිකරණය නිවැරදි විනිශ්චයක් දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැක.

සැබැඳි පෙර ලිපි:

මහාචාර්ය විජේසූරිය..,මේ අභියෝගය බාරගන්න ! සැඟවී පලා යන්න එපා.. 

ඇවන්ගාඩ් අල්ලස් සිද්ධිය : චුදිතයන්ට ඇපදීම නිවැරදි බව මහාධිකරණය තීන්දු කරයි 

ආණ්ඩුව පචවෙයි. ඇවන්ගාර්ඩ් ව්‍යාපාරය කොල්ලකෑවාට මිලියන 840 වන්දි ගෙවන්න සිදුවෙයි. ... 

 ලංකාවේ බොරු කුඩුකර, ඇවන්ගාර්ඩ්ට යුරෝපයෙන් 'සොක්‍රටීස්' සම්මානය ! ... 

ඇවන්ගාඩ් චෝදනාත් දේශපාලන න්‍යායපත්‍රයක් මත කෙරෙන බවට ජනාධිපතිගෙන් දෝස්මුරයක් 

 විදේශ ගුවන් නියමුවන්, නාවික කපිතාන්වරු ලංකාවේ වැඩට බය වෙයි 

ආරක්ෂක අමාත්‍යංශයේ 'රෝ' ඔත්තුකරුවෙක් !

ඇවන්ගාර්ඩ් වන්දිය: නාවික හමුදාව රු බිලියන 2 යි, රක්නාලංකා ඩොලර් බිලියන 12යි ... 

ෆොන්සේකා අල්ලස් කොමිසමට යයි, පිස්සු නැත්නම් ෂෝක් 

ඇවන්ගාර්ඩ්ගෙන් සල්ලි ගත්තු බව රාජිතගේ මිතුරා පිළිගනී (හඬපටය) ... 

ඇවන්ගාඩ් 'හොර අවි' වලින් නාවික හමුදාව බිස්නස් කරන්නේ කොහොමද?

ඇවන්ගාර්ඩ් සමඟ රජය අලුත් ගිවිසුමක් ගහලා ? ... 

ඇවන්ගාර්ඩ්ට ගෝඨා සැලකුවේ මිලියන 500ක අල්ලසක් නිසාලු ... 

 ඊළඟට, ඇවන්ගාඩ් බ්ලැක් ලිස්ට්. මහරාජාට හා ඇමැතිවරයාට ඉඩ 

ඇවන්ගාර්ඩ් ප්‍රශ්නය සමථයකට, තවත් සමාගම්වලටත් අවස්ථාව දෙයි ... 

තිලක් මාරපන ඉල්ලා අස්වන ලකුණු 

ඇවන්ගාර්ඩ්ගෙන් සල්ලි ගත්තු මාධ්‍යවේදීන්, දේශපාලකයන්, ජවිපෙ හෙළිකරන්න යයි ! ...

 පාවෙන අවිගබඩා ව්‍යාපාරය මහරාජාට ! රුවන් උගුලක, අර්ජුන ගිනි පිබියි, අනුර හොරි කසයි. 

 පාවෙන අවි ගබඩාව නිත්‍යානුකූල බව පිළිගනී 

ඇවන්ගාර්ඩ්ට එරෙහි චෝදනා; නිශ්ශංක රහස් හෙළි කිරීමේ සූදානමක ... 

Last modified on Monday, 16 September 2019 19:44

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us