ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි

Published in ක්‍රීඩා
Monday, 23 February 2026 07:01

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිර 8 වටයේ අද (22) පැවති එංගලන්තයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 51කින් ලැබූ පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබුණි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දැකගත හැකි වූයේ ඉතා දුර්වල ක්‍රීඩා විලාසයක් බවත් ඔහු පෙන්වා දී තිබේ.

කමිල් මිෂාරගේ ක්‍රිඩා විලාසය ද එතරම් උසස් මට්ටමක නොතිබූ බව ඔහු එම සටහනෙන් විශේෂයෙන් පෙන්වා දී ඇත.

ක්‍රීඩාංගණයේ තණතිල්ලේ ස්වභාවය සහ තරගයේ පවතින තත්ත්වය නිවැරදිව වටහා ගැනීමට පිතිකරුවන් අපොහොසත් වීමෙන් ශ්‍රී ලංකාවට මෙම පරාජයට මුහුණ දීමට සිදු වූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us