සරත් ෆොන්සේකා මහතා කියන්නේ නීතිය හා සාමය අමාත්‍යංශය කරන්න බැරි පුද්ගලයෙක් නෙවෙයි. යුද්ධයට විශාල කැපකිරීමක් නායකත්වයක් දුන් පුද්ගලයෙක්. ඉතින් එතුමාට මේක බෑ කියලා කවුරු හරි කියනවා නම් ඒක බොරුවක්. හැබැයි දේශපාලනය කියන්නේ යුද්ධයක් නෙවෙයි. පොලිසිය කියන්නේ සියල්ලන්ටම සාධාරණයක් වන පරිදි පාලනය විය යුතු තැනක්.... බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක ලංකාදීප පුවත්පතට ප්‍රකාශකර තිබේ.

උපුල් ශාන්ත සන්නස්ගල.........

ඊළඟට?

ඔව් ඊළඟට ලිවිය යුත්තේ කුමක්දැයි මම කල්පනා කරමි

‘‘වස්සාන සිහිනය’’

‘‘ආදරණීය වස්සානය’’‘‘ඔබ හීනයක් වගේ’’

‘‘අපේ සිංහල පන්ති’’

මගේ මතකයට පිවිසෙන කරුණු කාරණා බොහෝය. එම කරුණු කාරණා ගොන්නේ පළමුවැන්න නව කතාවකි. ජනප‍්‍රියම නව කතාවකි.

දෙවැන්න නෙත් සිත් බැඳගත් ජනප‍්‍රිය චිත‍්‍රපටියකි.

තෙවැන්න ජනප‍්‍රියත්වයේ ඉහළින්ම රැුඳුණු අදටත් අඩු නොවුණු ගීතයකි.

සිව්වැන්න උසස් පෙළ සිංහල පංතියකි.

මේ සියල්ල සමගම උපුල් ශාන්ත සන්නස්ගල නම සම්බන්ධය.

තවත් විදිහකට කියනවා නම් උපුල් නවකතාකරුවෙකි. චිත‍්‍රපට නිෂ්පාදකයෙකි. ගීත රචකයෙකි. ටියුෂන් ගුරුවරයෙකි.

මේ ගොන්නටම එකතු කළ හැකි දේවල් තවත් තිබේ. ඔහු සන්නිවේදකයෙකි. පොත් ප‍්‍රකාශකයෙකි, එසේම කිව යුත්ත කෙලින්ම කියන එහෙත් හිත හොඳ මිනිසෙකි, මිතුරෙකි.

මෙකී සියල්ල අමතක කර, උපුල් ශාන්ත සන්නස්ගල ගැන අද අපට කතා කරන්නට සිදුව ඇත්තේ ඔහු විසින් අලූතින්ම ඉදිරිපත් කරන්නට යන ගීත රසවින්දනාත්මක වැඩසටහනක් හේතුවෙනි. හීන

ඇහිඳින යාලූවෝ එම සන්නිවේදන කාර්යයයි.

ඉතින් සියල්ලටම කලින් සන්නස්ගල සමග එක්ව ගීත අහුලා ගනිමු. ඒ සඳහා මම ඔහුට ප‍්‍රශ්න කිහිපයක් යොමු කරමි.

මොකක්ද මේ හීන අහුලන කතාව?

මම මීට අවුරුදු දෙකකට කලින් එක්තරා එෆ්.එම්. නාලිකාවක ආදරෙත් එක්ක තුන්පැයක් නමින් ගීත රසවින්දන වැඩසටහනක් කළා. මේ වැඩසටහනට ශ‍්‍රාවක ප‍්‍රතිචාර රාශියක්ම ලැබුණා.

මාධ්‍යවලට ගීත නැතුවම බැහැ. ඒත් කිසිම දවසක කිසිම මාධ්‍යයක ගායකයගෙ ගීත රචකයගෙ සංගීතඥයගෙ නම් කියන්නෙ නැහැ. ගීතයක ස්වාමිත්වය දරණ මේ අයගෙ නම් නොකිව්වත් ඒ ගීතය අහන ගෙදර බල්ලගෙ බළලගෙ නම් පවා කියන්න නිවේදක නිවේදිකාවො පෙළඹිලා ඉන්නවා. බල්ලගෙ නම විතරක් නෙමෙයි ඌ කිරි බිව්වද උගෙ ඇෙඟ් කිනිතුල්ලො ඉන්නවද කියලත් නිවේදිකාවො අහනවා.

ගායකයගෙ, ගීත රචකයගෙ, සංගීතඥයගෙ නම් කියන්න තත්පර පහකට වැඩියෙ යන්නෙ නැති වුනත් ඒ නම් තුන නම් මේවයෙ කියන්නෙම නැහැ. හැබැයි ගීතයට කලිනුයි පස්සෙයි වෙළෙඳ දැන්වීම් නම් ගොඩාක් කියනවා.

මම ආදරෙත් එක්ක තුන්පැයක් කරද්දි අර ගීතයේ ස්වාමිත්වයේ නම් තුනයි ගීතය ගැන රසවින්දනාත්මක පූර්විකාවකුයි ඉදිරිපත් කළා. ඒ ආකෘතිය තවත් අලූත්කරලා තමයි හීන ඇහිඳින යාලූවෝ ඉදිරිපත් කරන්නෙ.

Upul Shantha 1

මේ විදිහට හීන අහුලන්න, ඔබ ගීත අහුලගන්නෙ කොහොමද?

කිසිම වර්ගීකරණයක් නැහැ. සම්භාව්‍යයද දෙමළද හින්දිද වගේ කිසිම වර්ගීකරණයක් නැහැ.

සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. අපි සමහර සිංදුවල එක වචනයක්වත් දන්නෙ නැතුව කටහඬට වශීවෙලා ඒ ගීතයට ප‍්‍රියකරනවා. සංගීතයට වශීවෙන ගීත තියෙනවා. ඒ නිසා මම තෝරාගන්නෙ හොඳ ගීත වලට වැඩියෙ රසවත් ගීත කිව්වොත් වඩාත් හරි. සමහර ගීතයක් හැත්තෑව දශකයෙ ගීතයක්. තව එකක් නූතන පරපුරේ ගීතයක්. මේ රසවත් ගීත නූතන සංගීත පරම්පරාවට ඔසොවා තැබීමටයි මං උත්සාහ කරන්නෙ.

 

අද නූතන පරම්පරාව රේඩියෝ අහනවද?

ඇයි ඒගොල්ලො රේඩියෝ අහන්නෙ නැත්තෙ? ඒගොල්ලො රේඩියෝ එකෙන් ඈත්වුණේ ඇයි? මේවයෙ තියන වාචාල කතා අහගෙන ඉඳල වැඩක් නැති නිසා. ඒ ගොල්ලො හිතනව රේඩියෝ ඇසීම කාලෙ නාස්තිකිරීමක් කියලා. එයින් ජීවිතේට අලූත් දෙයක් ලැබෙන්නෙ නෑ කියලා. අන්න ඒ හින්දායි ඒ අය රේඩියෝවෙන් ඈත්වුණේ. ඉතින් ඒ ප‍්‍රශ්න තුනට උත්තර දෙන්න පුළුවන්නම් තරුණයෝ ආයෙත් රේඩියෝ එක වටකර ගනීවි. හෙට අහන්න පුරුදු කරන දැනෙන රහ තවත් වැඩිකරන වැඩසටහන් තියෙනව නම් ආපහු ඒ අය රේඩියෝ එක ළඟට රොක්වේවි.

 

සන්නස්ගලට මේ වැඬේ කරන්න පුළුවන් කියලා ඔබට විශ්වාසද?

අනිවාර්යයෙන්ම මම ඉස්සර ආදරය සමග තුන් පැයක් වැඩසටහන කරන කාලෙ මං දන්න එක්තරා විශේෂඥ වෛද්‍යවරයෙක් ඔහුගෙ ප‍්‍රයිවෙට් ප‍්‍රැක්ටිස් ඉරිදා රෑට නතර කළා. මගේ වැඩසටහන අහන්න ඕනෙ කියලා.

මම තව සිදුවීමක් කියන්නම්. එක්තරා නීතිඥයෙක් ඒ වැඩසටහන අහන්න හැමදාම හැන්දෑවට කාර් එකට නැග්ගා ගෙදර වෙන වෙන ටීවී චැනල් බලන නිසා නිදහසේ මේ වැඩසටහන රේඩියෝ එකෙන් අහන්න.

අන්න ඒ වගේ සංස්කෘතික ශ‍්‍රාවකයො ගොඩාක්ම මගේ වැඩසටහන සමග බද්ධ වෙලා හිටියා.

 

ඔබ තෝරාගන්න ගීත සම්බන්ධයෙන් නිදසුනක් දෙකක් දෙන්න පුළුවන්ද?

මම ප‍්‍රියකරන එක්තරා ගීතයක් තියෙනවා සුදෝ මම ආදරෙයි කියලා. සුජාතා අත්තනායක ගයන මේ ගීතය ලියල තියෙන්නෙ ගාමිණී ෆොන්සේකා. මයුරිගෙ කතාව චිත‍්‍රපටියෙයි මේ ගීතය තියෙන්නෙ. මේක හුඟාක් රසවත් ගීතයක්.

එතකොට උමාරා ගායනා කරන වසන්තයට අත වනමින්. ඒක හොඳ තැනට නොවැටෙන්න පුළුවන්. නමුත් බොහොම රසවත් ගීතයක්. සංගීත් විජේසූරියගෙ වායෝ සංගීත කණ්ඩායමේ අපි කවුරුද ගීතයත් ඉතාමත්ම රහ සිංදුවක්..... ඔන්න ඔය වගේ රහ සිංදු තමයි මගේ වැඩසටහනෙන් තවත් රහට ඉදිරිපත් කරන්නෙ.

 

හොඳයි දැන් මට කියන්න ඔබට මේ වැඩසටහන ඉදිරිපත් කරන්න තියෙන සුදුසුකම මොකක්ද?

මම තරුණ පරපුර එක්ක ගණුදෙනු කරන්නෙ බොහෝ කාලයක ඉඳලා. උසස් පෙළ විභාගෙට සුදුසුකම් ලබන තරුණයො තරුණියෝ එන්නෙ මගේ ළඟට. මම ඔවුන්ට සිංහල උගන්නනවා. එතකොට ඔවුන්ට රසවිඳින හැටි කියල දෙන්න මට සිද්ධවෙනවා. ඒ සුදුසුකමම මට ඇති මේ වගේ වැඩසටහනක් කරන්න.

Upul Shantha 2

ඒත් ඉතින් අද තරුණ පරපුර මෙලෝ රහක් නැති කට්ටියක්නෙ?

තරුණ පරපුරට බනින එක අසාධාරණයි. ඒ අය අපේ රටේ දරුවො නෙමෙයි කියලයි සමහරු හිතාගෙන ඉන්නෙ. ඔය චෝදනාවම අපේ තරුණ කාලෙ අපිටත් එල්ලවුණා. එහෙම නම් අපිත් මෙලෝ රහක් නැති එවුන්.. ඒ නිසා කරන්න ඕනෙ තරුණයන්ට බනින එක නෙමේ ඒ අයට කියලා දෙන එක. ඒ අයට හොඳ ගීත හොයලා ඒ වයේ තියෙන රසේ කියල දෙන්න ඕනෙ. එතකොට ඒ අය රහ විඳගන්න පුරුදු වේවි.

අපේ තරුණ දරුවන්ට බනින අයට මම කියනවා අපේ දරුවො හොඳයි, වැඩිහිටියන්ට වැඩියෙන් හොඳයි කියලා. වැරදි කිරීමේ ප‍්‍රතිශතය බැලූවොත් වැඩිහිටියන්ගෙන් සීයට අනූවක් වැරදි කරද්දි දරුවන්ගෙන් වැරැදි කරන්නෙ සීයට දහයක් විතරයි.

හීන ඇහිඳින යාලූවෝ ප‍්‍රචාරය වන දින වකවානු ගැන කිව්වෙ නැහැ.

දෙරණ එෆ්.එම්. නාලිකාවෙන් ඉරිදා රාත‍්‍රී 7 ට ප‍්‍රශ්න ඇසීම අවසානය.

මේ පිළිසඳරේදී නොකියැවුණත් උපුල් ශාන්ත සන්නස්ගල ගීත රචකයෙකි. ජනප‍්‍රියතම ගීත රචකයෙකි. එයද ගීත වල රස විඳගැනීම සඳහා ලොකු පිටුවහලකි. ඉතිං ඔහු ගීත රචකයකු වීමේ කතා පුවතද ගීතයක් තරම්ම රසවත්ය. නැතිනම් හීන අහුලාගැනීම පිළිබඳ විචිත‍්‍ර වෘතාන්තයකි. ඉතින් ඒ ගැනද කියන්නැයි ද මම උපුල්ට ඇරියුම් කරමි.

‘‘මම විශ්ව විද්‍යාලෙ යනකාලෙ මගෙ බෝඩිමේ හිටිය අනිත් යාලූවො තමයි ධම්මික බණ්ඩාරයි ලලිත් ඇතාකඩයි. අපි තුන්දෙනාම කවියට කලාවට ළංවෙලා හිටියෙ.. ඔය කාලෙ මම කුමරි පත්තරේට සරසවි දියනියෝ නවකතාව ලිව්වා. ධම්මික කවි ලියනවා. අපි දෙන්නට ඕනෙ වුණා පොත් දෙකක් එළිදක්වන්න. ධම්මික අහෝ මිත‍්‍රවරුනි කියන කවි පොතත් මම සරසවි දියණියෝ නවකතාවත් එකම උත්සවයකදී එළිදැක්වුවා. ඒ උළෙල තිබුණෙ ජෝන් ද සිල්වා රඟහලේ.

කොහොම හරි ඔය කාලෙත් මම කවි ලියනවා. හැබැයි දිනපොතේ. ඒ එක කවියක්වත් මම පත්තරේකට දාලත් නැහැ. පොතක් ගහලත් නැහැ. මොකද මට හිතෙනවා මගෙ කවි හොඳ නැහැ කියලා. අනෙක් කවීන් එක්ක මට තරග කරන්න බැහැ කියලා. ඒ හින්ද මගෙ කවි දිනපොතේ පිටු අතරේ හැංගිලා තිබුණා. ධම්මිකගෙ කවි බොහෝම ලස්සනයි. ඒවා පොත්වලට ගිහින් රසික ප‍්‍රතිචාර ලැබුණා. ඔහොම ඉන්න අතරෙ ප‍්‍රියනාත් රත්නායක මගෙන් සිංදුවක් ඉල්ලනවා. උපාලි කන්නන්ගර, සමන්ත පෙරේරා, නවරත්න ගමගේ මගෙන් සිංදු ඉල්ලනවා...

 

ඉතින් ඔබ දෙනවා?

තම කවි ගැන පැහැදීමක් නැති ඔහු ගීතයක් ලියාදේවිද යන කුහුල නිසාම මම ඔහුට බාධා කරමි.

”ඔව්. මොකද ගීත රචකයෙක් වෙන්න ලොකු පෙරේතකමක් මගෙ ළඟ තිබුණා. අනිත් එක ගීතයක් කියන්නෙ තනි වැඩක් නෙමෙයි. තුන්දෙනෙකුගෙ වැඩක්. සවුත්තු වුණොත් ඒ සවුත්තුව තුන්දෙනා අතරෙම බෙදිලා යනවා. මගෙ වැරැුද්දක් තිබුණොත් ඒක අනිත් දෙන්න අතින් හැදෙන්න පුළුවන්. අන්න ඒ හින්දා මං ගීත ලියලා දුන්නා.

 

ධම්මිකයි සන්නස්ගලයි තරගෙට සිංදු ලිව්වද?

මම යළිත් ඔහුට බාධා කරමි.

ධම්මික බණ්ඩාර කියන්නෙ අති දක්ෂ ගීත රචකයෙක්. එයා එක්ක මට හැරෙන්නවත් බැහැ. ඒ හින්දා තරගයක් තිබුණෙ නෑ. ඒත් අපි දෙන්නම සිංදු ලිව්වා.

ඒ මොනවා කිව්වත් උපුල් ශාන්ත සන්නස්ගල අද වන විට අතිදක්ෂ ගීත රචකයෙකි. ඔහු ලියූ ගී ඊට සාක්ෂි දරයි. වැහිකඳුළු වැටී දඟ කරන හැටී, ඔබ හීනයක් වගේ, ආදරණීය වස්සානේ ඊට උදාහරණ කිහිපයකි.

ඔහු ලියූ වස්සාන සිහිනය අදටත් හොඳින් අලෙවි වන ආදරණීයම නවකතාවකි.

මේ හපන්කම්වලට හේතුව ඔහු හීන ඇහිඳීමයි. දෙරනින් හීන අහුලා අහසින් හීන කඩාගැනීමයි.

කෙසේ හෝ වේවා දැන් ඉතින් අපිට සමුගෙන යන්නට හෝරාවයි. උපුල් ශාන්ත කතාවට චතුර සේම ආවේගශීලීව කතා කරන්නෙකි. එහෙත් ඔහුත් මාත් අතර මේ පිළිසඳර නම් පැවැත්වුණේ බෙහෙවින්ම ශාන්තවය. හේතුව ඔහුත් මාත් දෙන්නාම ශාන්තලා වීම විය යුතුය.

(ලංකාදීප)

මහාචාර් රොහාන් ගුණරත්න, දේශපාලනික ප්‍රචණ්ඩත්ව හා ත්‍රස්තවාදී කටයුතු සමීක්ෂණය අරබයා සිංගප්පූරුවේ ස්ථාපිත ආර්.එස්.අයි.එස් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ඔහු මෙම සාකච්ඡාවෙන් මතු කරන කරුණු වාර්ගික හා ආගමික අන්තවාදී තත්වයන්ගේ ඉස්මතුවීම පාලනයට සිංගප්පුරුවෙන් ලද හැකි පාඩම් පිලිබඳ සිහිපත් කර දෙයි.

අද්‍යතන සමාජය තුල බෞද්ධ භික්ෂුවගේ විනය සම්බන්ධව දැඩි කතාබහට ලක්වීමක් සිදුවෙන වටපිටාවක ථේරවාද භික්ෂු කතිකාවතක් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ දැඩි ආන්දෝලනාත්මක වාග් හරඹයන් සහ මතවාද හුවමාරුවෙමින් පවතියි. එවැනි වාතාවරණයක පිරිහෙමින් පවතින බෞද්ධ සමාජයේ විනය සහ භික්ෂු කතිකාවත සම්බන්ධයෙන් ඇති සමාජමය පෙළඹවීම පිළිබඳ සංවාදයට එක්වන්නේ ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන්.

ථේරවාද බෞද්ධ භික්ෂු කතිකාවත අද සමාජයේ දැඩිලෙස කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට පත්වෙලා. ඔබවහන්සේට අනුව මෙවැනි කතිකාවතක් අද බෞද්ධ සමාජයට අවශ්‍යයද?

භික්ෂූන් වහන්සේලා සඳහා කතිකාවතක් අවශ්‍යයයි. ඒකේ සැකයක් නෑ. කතිකාවතක් තුළින් බිහිවෙන්නේ සංඝ සමාජය ඇතුළේ පොදු සම්මුතියක්. අපි දන්නවා ගෙදරකට වුනත් පොදු සම්මුතියක් අවශ්‍යයි. ඒක නිසා සංඝ සමාජයට එය අවශ්‍ය නෑ කියන්න අපිට බෑ. එවැනි කතිකාවතක් හැමදාටම අවශ්‍යයි. බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩඉන්න කාලේ ඇතිකරපු විනය පද්ධතිය විනය පිටකේ සඳහන් වෙනවා. ඒක හැමදාටම හරියන්නේ නැති නිසා කාලීනව ශික්ෂාවන් වෙනස් කරගන්න පුළුවන් කියලා උන්වහන්සේ දේශනා කරලා තිබෙනවා. හැබැයි එවැනි වෙනස් කිරීම් සංඝ සමාජය පොදුවේ කතාබහ කරලා වෙනස්කරගත යුතුයි.

සංඝ සමාජය කියන්නේ නිවන අරමුණු කරගෙන ක‍්‍ර‍්‍රියාකරන පිරිසක්. අද මෙහෙම කිව්වම සමහරු හිනාවෙන්නත් පුළුවන්. ඒත් ඇත්ත ඒකයි, ඒ නිසා උන්වහන්සේලා වෙනුවෙන් අවශ්‍යවෙන්නේ අධ්‍යාත්මික සම්මුතියක්. ඒත් මේ පනත් කෙටුම්පතේ අඩංගු වෙන්නේ දණ්ඩ මූලික ක‍්‍රමයක්. ඒ කියන්නේ භික්ෂූන් වහන්සේලාගේ විනය විරෝධී ක‍්‍රියාවන්ට ද`ඩුවම් කිරීම මූලික කරගෙන සැකසෙන කතිකාවතක් විදිහටයි. නමුත් අද භික්ෂූන්වහන්සේලා වෙනුවෙන් අවශ්‍ය කරන්නේ මෙවැනි දණ්ඩණය මූලික කරගත්ත කතිකාවතක් නෙවෙයි.

ඒත් අපේ හාමුදුරුවනේ මේක රජය විසින් ගෙන එන පනතක් නෙවෙයි, මේක සම්බුද්ධ ජයන්ති කාර්ය සාධන කමිටුවේ යෝජනාවකට මහනායක හිමිවරුන්ගේ මැදිහත්වීමෙන් සකස් කරනලද්දක් නේද?

ඔව් ඒක ඇත්ත. 1973 දී සිරිමාොව් බණ්ඩාරණායක මැතිණියගේ රජයත් මෙවැනිම පනතක් නිර්මාණය කරන්න උත්සහ කලා.2004 දි රත්නසිරි වික‍්‍රමනායක මැතිතුමා බුද්ධ ශාසන ඇමති ලෙස ඉන්නකොටත් මේ පනත ගේන්න උත්සහ කරලා කරගන්න බැරිවුණා. ඒත් ජනවාරි 12 ඉදිරිපත් කරපු කෙටුම්පතට අදාල යෝජනාවලිය අපේ භික්ෂූන්වහන්සේලා විසින් ඉල්ලා සිටි කතිකාවත සම්බන්ධ යෝජනාව නෙවෙයි. ඒක පැහැදිළිවම කියන්න පුළුවන්. මොකද දැනටමත් විවිධ නිකායන්ට අනුව කතිකාවත් තිබෙනවා. නමුත් භික්ෂූන්වහන්සේලා යෝජනා කරපු කතිකාවත වෙනුවට ආණ්ඩුවේ වුවමනාව උද්දීපනය වෙන කතිකාවතක් පෙරට ඇවිත් තිබෙනවා.

අද අපි දකිනවා විශ්වවිද්‍යාලවල භික්ෂූන්වහන්සේලා සිවුරු පවා පැත්තකට දාලා උද්ඝෝෂණ කරනවා.පහුගියදා අධිකරණයේ තාප්පවල නගින,වාහන රෝදවලට බෙල්ල තියන භික්ෂූන්වහන්සේලා දකින්නට ලැබුණා. මේ සිදුවීම් නෙවෙයිද භික්ෂු විනය සම්බන්ධ කතිකාවතකට දොර ඇරලා දුන්නේ?

බුද්ධකාලීනවා පවා ශාසනයේ අභව්‍ය පුද්ගලයෝ කියලා නම්කරපු භික්ෂූන් හිටියා. චන්න භික්ෂුව පාලනය කරන්න බුදුහාමුදුරුවන්ට පවා නොහැකිවුණ නිසා අවසානයේ බ‍්‍රහ්ම දණ්ඩණය පනවන්න පවා සිදුවුණා. ඒත් මේ කතිකාවතට මගපාදන්නේ භික්ෂූන් වහන්සේලාගේ විනය සම්බන්ධ කාරණාවලට වඩා ආණ්ඩුවේ වුවමනාවන්. දැන් මේ කතිකාවත තුළින් කරන්න යන්නේ එක පොදු කතිකාවතක් බිහිකරනවා වෙනුවට භික්ෂූන් වහන්සේලාගේ අනු නිකායන් 32ටම අදාලව කතිකාවත් 32ක් නිර්මාණය කරන්න අනුබල දෙන එකයි. අපි සුද්දට චෝදනා කරනවා බෙදුම්වාදය ඇතිකරනවා කියලා අතීතයේ ඉඳන්ම, ඒත් අද ලංකාවේ ආණ්ඩුව පනත් මගින් සංඝ ශාසනයේ බෙදුම්වාද වපුරනවා. අපි රජයට බලකරන්නේ එක පොදු කතිකාවතක් නිර්මාණය කරන්න කියලා. නැතිනම් මේකෙන් වෙන්නේ බෙදුම්වාදය නීතිගත කරන එක. මොකද මේ අනුනිකායක් තමන්ගේ කතිකාවත අතුලේ පොදුවේ විරුද්ධ වෙච්ච කරුණක් වුණ භික්ෂූන්වහන්සේලාට රියඳුරු බලපත‍්‍රය ලබාගත හැකියි කියලා සම්මත කරගත්තම මොකද වෙන්නේ. අපේ රටේ පවා අද භික්ෂූන් වහන්සේලට වාහන පූජකලාට රියඳුරෝ පූජකරන්නේ නෑනේ. ඒක නිසා කාලීනව අවබෝධයකින් තොරවයි මේ යෝජනා සිදුකරලා තියෙන්නේ.

ඔබ වහන්සේ වරක් ප‍්‍රකාශකරලා තිබුණා “රෑට ක්ලබ් ගානේ ගිිිහින් දවල්ට පාර්ලිමේන්තු එන දේශපාලනඥයෝ බෞද්ධ භික්ෂුවගේ විනය හදන්න එනවා“ කියලා.

ඒක සහතික ඇත්ත. මේ පනත සම්මත කරන්නේ කොතැනින්ද? පාර්ලිමේන්තුවෙන්. එතකොට ක්ලබ් ගානේ ගිහින්, අන්ත ¥ෂිත වැඩකරන මිනිස්සු පිරිසකට බෞද්ධ භික්ෂුවකගේ විනය සම්බන්ධව තීරණගන්න කියලා බාරදෙන්න පුළුවන්ද. මේ කතිකාවත සම්බන්ධ පනතේ එක් වගන්තියක සඳහන්වෙනවා යම් ලිඛිත නීතියක් උල්ලංඝනය වන අවස්ථාවකදී කියන කොටස. මෙතනදි ස`ගවලා ප‍්‍රකාශකරන්නේ දණ්ඩ නීති සංග‍්‍රහය හෝ අපරාධ විධිවිධාන පනත ගැනයි. එතකොට මේ පනතෙන් ඉඩලබාදෙන්නේ එවැනි තැනකටද කියලා ප‍්‍රශ්නයක් තිබෙනවා. අපහාසයකට නෙවෙයි මෙහෙම අහනේනේ, මේ පාර්ලිමේන්තුවේ ඉන්නවද හරියාකාරව භික්ෂු විනය සම්බන්ධව අවබෝධයක් තිබෙන කෙනෙක්. රටේ පළමුවෙන් පුරවැසියාගේ ඉඳන් අන්තිම පුරවැසියා දක්වා අඩුවැඩි වශයෙන් ¥ෂිතයි. එහෙම වෙද්දි පාර්ලිමේන්තුවේ විතරක් දුසිරිතෙන් තොර පුද්ගලයෝ ඉඳීවි කියලා බලපොරොත්තු වෙන්න බෑ. එහෙව් පාර්ශවයක්ද අද භික්ෂූන්ගේ විනය සම්බන්ධව තීරණ ගන්න යන්නේ.

යහපාලනය කියන එක වචන මාත‍්‍රයකට සීමාවෙලා වැඩක් නෑ. අතීතයේ සෙල්ලිපිවල සඳහන්වෙන්නේ ලංකාවේ පාලකයෙක්නම් බෝසත් ගතිගුණ තිබෙන අයෙක් වෙන්න ඕන කියලා. ඒත් දැන් ඒක එහෙම වෙන්නේ නෑනේ. එහෙව් නායකයෝ තමයි නිවන අරමුණුකරගෙන යන භික්ෂු සමාජයේ විනය ගැන තීන්දු තීරණ ගන්න යන්නේ. මේවා ගැන අහුවම හිනා යනවා.

අන්තවාදිත්වයට හෝ ජාතිභේදවාදිත්වයට ඇතැම් භික්ෂූන් වහන්සේලා උඩගෙඩි දෙමින් ඉන්නවා. එවැනි ගැටළුවලට මේ පනතේ විසඳුම් තිබෙනවද?

බුදුහාමුදුරුවන්ගේ ඉදිරිපිට අඳනකඩය පවා ගලවලා ගියපු භික්ෂූන් හිටියා. ඒත් භික්ෂූන් සම්බන්ධව විනය තීරණ ගනිද්දි උන්වහන්සේ බොහොම ප‍්‍රවේසම්වුණා. පහුගිය දවස්වල භික්ෂූන්වහන්සේලා සම්බන්ධ සිදුවුණු සිදුවීම් කිසිවක් අනුමත කරන්න බෑ. ඒකට ප‍්‍රධානතම හේතුව තමයි භික්ෂු සංස්ථාව තුළ ඒකමිතියක් නැති එක. මේකට මහනායක හිමිවරු වගකීම භාරගත යුතුයි. උන්වහන්සේලා මැදිහත්වෙලා පොදු බෞද්ධ කතිකාවතකට අවශ්‍ය කටයුතු සම්පාදනය කළයුතුයි.

ඒ විතරක් නෙවෙයි මේ රටේ පාලකයන් ඇතුළු ප‍්‍රජාව අවබෝධකරගන්න ඕන ඇයි මේ විදිහට භික්ෂූන් වහන්සේලා පාරේ කඳුළු ගෑස් පාරවල් කන්නයි, තාප්ප උඩින් පනින්නයි යන්නේ කියලා. බොහෝදෙනෙක් දකින්නේ මේ සිදුවීම්වල අග‍්‍රඵලය විතරයි, ඒවාට හේතුවෙන කාරණා දකින්න කවුරුත් උත්සහ කරන්නේ නෑ.ඒවා අප‍්‍රසන්න සිදුවීම් කියන එක ඇත්ත, ඒත් ඒවා විවේචනය කරනවා මිසක් ගැටළු හොයාගෙන නිවැරදි කරන්න වැඩපිළිවෙලක් නෑ. විශ්වවිද්‍යාලවල භික්ෂූන්වහන්සේලා පාරට බහින එකට දොස් කියනවා ඒත් උන්වහන්සේලාගේ නේවාසිකාගාර ප‍්‍රශ්නය, ශිෂ්‍යාධාර ප‍්‍රශ්නගැන කවුරුවත් කතාකරන්නේ නෑ. භික්ෂු අධ්‍යාපනය අද තියෙන්නේ ඉතාමත් ඛේදනීයය තත්ත්වයක. ඒවාට විධිමත් ක‍්‍රියාමාර්ග ගන්නවා වෙනුවට සිදුකරන්නේ ප‍්‍රශ්නයේ අන්තිම කෙළවර අල්ලගෙන පහරගහන එකයි.

එතකොට මේ පනත හරහා ආණ්ඩුව භික්ෂූන්වහන්සේලාට බලපෑමක් කරනවද? එහෙමත් නැත්නම් භික්ෂූ බලවේගය මෙල්ල කරන්න හදනවද?

ඇත්තම කතාවනම් ආණ්ඩුවට අවශ්‍ය භික්ෂු පරපුර ආම්බාන් කරන්නයි. වල්පොල රාහුල හාමුදුරුවන්ගේ භික්ෂුවකගේ උරුමයපොතේ සඳහන් වෙනවා එදා සුද්දා කරන්න හදපු දේ. යටත් විජිත පාලනය ගෙනගියපු ටොරින්ටන් සාමිලා හාමුදුරුවන්ගේ හිසට වෙඩි තියන්න කියලා අණදුන්නේ අනිත් පිරිසට ආදර්ශයක් ගන්න කියලා. එදා සුද්දට කරන්න බැරිවුණු දේ කරන්න අද ආණ්ඩුව උත්සහ කරනවා. ලංකාවේ භික්ෂුව අන්ත දෙකකින් විමුක්තිය වෙත යායුතු වෙනවා. එකක් සංසාරගත විමුක්තිය එහෙමත් නැත්නම් නිවන සඳහා යන ආධ්‍යාත්මක ගමන. අනික තමයි සමාජ විමුක්තිය. ඒ කියන්නේ සමාජය තුල තිබෙන අසමානබව දුරු කරලා සාධාරණ සමාජයක් ඇති කිරීම. 4 වැනි සියවස දක්වා රහතුන්වහන්සේලා හිටියා කියලා ලිඛිත සාක්ෂි තිබෙනවා, අද ඉන්නවද කියලා අපි දන්නෛ් නෑ හරියටම. ඒත් අදටත් භික්ෂූන් වහන්සේලා සමාජගත විමුක්තිය වෙනුවෙන් අති විශාල කාර්යභාරයක් ඉටුකරනවා.

රාජ්‍ය නායකයෙක්ට රට පාලනය කරන්න දස රාජ ධර්මය සහ සතර සංග‍්‍රහ වස්තුවලින් මාර්ගය කියලා තිබෙනවා. ඒත් එදා සුද්දට බැරිවුණ භික්ෂු පරපුරේ දණ නම්මන කාර්යය කරන්න 1948 න් පස්සේ බලයට ආපු ඞී.එස් ලා විද්‍යාලංකාරේ වටකරලා කටුකම්බි ගැහුවා, ජේ.ආර් ආණ්ඩුව ගැටඹේ පන්සල මැදින් කම්බි ගැහුවා, ඊටත් පස්සේ සෝභිත හාමුදුරුවෝ වගේ චරිතවලට කාණුවේ දාගෙන පහරදුන්නා. ඒත් භික්ෂූන්වහන්සේලා කියන්නේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් හම්බකරලා දෙන දානේ වේල අරගෙන ජීවත්වෙන පිරිසක්. අපිට ඒ මිනිස්සු වෙනුවෙන් ආගමික වගේම ලොකු සමාජ වගකීමකුත් තියනවා.

අපිට ලොකු සැකයක් තිබෙනවා ආණ්ඩුව මේ සියලූම සංවර්ධන සහ සංශෝධන වැඩ පැත්තකට දාලා හාමුදුරුවෝ මට්ටු කරන්න එන්නේ ඉස්සරහට ජනතා විරෝධී වැඩ කිරීමේ සැලසුම් තබාගෙනද කියන එක. මොකද මේ ආණ්ඩුව වටකරගෙන ඉන්නේ දේශීය වගේම විදේශීයවත් රටවල් පිටින් ගිලපු චරිත. රටේ භික්ෂු පරපුරට දුර පේනවා. ඒ නිසා මූලික කටයුත්තක් විදිහට භික්ෂු පරපුර මර්දනය කරන්න යනවද කියන සැකය තිබෙනවා. ඒ වගේම මේ පනත ගේන්න මූලික කාර්යභාරයක් කරන්නේ නීතිය පිළිබඳ හසල දැනුමක් තියන බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍යවරයා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි දේ මේ පනතේ තියනවා කියලා එතුමාට අහුවුණේ නෑ කියනවනම් ඒක බරපතල තත්ත්වයක්. එහෙමත් නැත්නම් එතුමා මේක ව්‍යවස්ථාවට පටහැනියි කියලා දැන දැනම ඉදිරිපත්කලේ කාගේ බලපෑමටද කියලා හිතන්න ඕන කරුණක්. මොකද මේ පනත හරහා කරන්න හදන්නේ සංඝ සමාජය තුළ බෙදුම්වාදයට නීතියෙන්ම ඉඩදෙන්න. එතකොට සංඝ සමාජය ඇතුළේ කාකොටාගනිද්දි ආණ්ඩුවට තමන්ගේ පාඩුවේ වැඩටික කරගන්න පුළුවන්.

එතකොට අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කිව්වා කතිකාවතක් අත්‍යවශ්‍යයි කියලා. මොනවිදිහටද බෞද්ධ භික්ෂුව සම්බන්ධ කතිකාවතක් සමාජගත විය යුත්තේ?

මෙතනදි මූලික විය යුත්තේ අනු නිකාය 32 මහනායක හිමිවරු,අනුනායක හිමිවරු, ලේඛකාධිකාරී හිමිවරු කියන මේ 96 දෙනායි. උන්වහන්සේලා එක තැනකට එකතුවෙලා කොයිතරම්හරි කාලයක් අරගෙන පොදු එක`ගතාවයකට පැමිණිය යුතුයි. එක් එක් නිකායට වෙන වෙනම චර්යා පද්ධති, ආචාර ධර්ම හදනවා වෙනුවට පොදු බෞද්ධ කතිකාවතකට අවශ්‍ය කරුණු එක්රැුස්කරගත යුතුයි. ඒ වගේම මේ මේ තීන්දු තීරණ ගන්න නීතිමය බලයක් දෙන්න කියලා ඉල්ලීම් කලයුතුයි. සමථ මණ්ඩලයට තිබුණා වගේ සීමාසහිත අධිකරණ බලයක් තමයි අපි ඉල්ලා සිටින්නේ, නැතුව මහාධිකරණ බලයක් නෙවෙයි. එතකොට ඒ නිර්මාණය කරගන්න කතිකාවත ඇතුළේ විනය විරෝධී ක‍්‍රියා සිදුකරන භික්ෂූන් වහන්සේලාට මුලින් අවවාද දීලා පස්සේ තීන්දු තීරණවලට යන තත්ත්වයක් ගොඩනගන්න පුළුවන්.

එහෙම නැතිව අධිකාරීබලය පාවිච්චි කරලා මේ ආණ්ඩුව මෙන්න මේ දේවල් මේ කතිකාවතට ඇතුළත් විය යුතුයි කියලා බලකරනවනම් සම්පූර්ණ වැරදියි. පොළොන්නරු කතිකාවත වෙලාවේ පරාක‍්‍රමබාහු රජතුමා උපාසකයෙක් විදිහට වෙස්වලාගෙන ඒ කටයුතු අධීක්ෂණය කලා මිසක් අධිකාරීබලය පාවිච්චි කරලා බලකිරීම්කලේ නෑ. අපි කියන්නේ නෑ භික්ෂුව පාරිශුද්ධයි කියලා. රටේ මුල්තැන් වැරදි කරනකොට ඒවා ආදර්ශයට අරගෙන රටම වැරදි කරනවා. එතනදි භික්ෂුව විතරක් සුද්ධවෙන්න විදිහක් නෑ. හැබැයි අපි කරන ඉල්ලීම තමයි කාලීන සංශෝධන සහිතව විනය පිටකයට අනුව භික්ෂු ශික්ෂා නිර්මාණයකරනවා මිසක් බලහත්කාරයෙන් රජයට අවශ්‍ය දේවල් ඉටුකරගන්න දෙන්න බෑ. ඇතැම් හාමුදුරුවරු මේ පනතට හොඳයි කියන්නේ ලණුවේ ගැටේ දාලා දීලා තොණ්ඩුව දාන්න කියලා වගේ. හැබැයි මේ පනත හරහා එන්නේ අපි ඉල්ලපු කතිකාවත සම්බන්ධ කාරණානම් නෙවෙයි කියන එක නුදුරු දවසක හොඳටම පැහැදිලි වේවි


කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශ ප්‍රධානි
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්‌.ටී. හෙට්‌ටිගේ

අපේ රටේ සිදුවන අපරාධ අඩුකර ගැනීම සඳහා මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළ යුතු යෑයි ප්‍රබල හඬක්‌ නැගෙමින් පවතී. සේයා සදෙව්මි දැරිය ඝාතනය වීමත් සමඟ යළි සමාජයේ කතාබහට ලක්‌ වූ මෙම මතයට එරෙහිව අදහස්‌ පළකරන්නන් කියා සිටින්නේ පුද්ගලයකුගේ ජීවිතය විනාශ කර අපරාධ අවම කළ නොහැකි බවය.

ජාතික ආණ්ඩුව සම්බන්ධව පවතින විවේචන, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වරූපය, ජිනීවා ප්‍රශ්නයට මුහුණ දෙන ආකාරය, අපරාධ පරීක්ෂණ ‍ආදිය සම්බන්ධව පුරවැසි සංවිධාන විසින් කෙරෙන චෝදනා වැනි කරුණු පිළිබඳ අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සමඟ කළ කතාබහ.

‘‘සංස්කෘතික විමුක්ති ගිවිසුම’’... මේ නම සයිබර් අවකාශයේ සැරිසරන අයට පමණක් නොව සාහිත්‍යය සිනමාව ඇසුරු කරන්නන්ට ද විශේෂයෙන් සිහිපත් කර දිය යුතු නැත. මෙම කණ්ඩායම විසින් වසරක් පුරා ‘‘සාහිත මධු සාදය’’ සහ ‘‘සිනමා මධු සාදය’’ නමැති කතිකාවත සංවිධානය කළේ ය; එය සමාජ ගතකළේ ය. මෙම කතිකා ද්වය තව තවත් ඉදිරියට රැගෙන යාමේ අටියෙන් ඔවුන් මේ වන විට ‘‘කුමාරයා’’ නමින් වෙඩ් අඩවියක් සයිබර් අවකාශයට මුදා හැර ඇත.
මතු දැක්වෙන්නේ එහි ප්‍රධාන සංස්කාරක විදර්ශන කන්නන්ගර සමග කළ කතා-බහක සංක්ෂිප්තයකි.

ගුණසිරි සිල්වා යනු මෙරට සිටින ප‍්‍රවීණ මාධ්‍යවේදියෙක්, ලේඛකයෙක් හා චිත‍්‍රපට විචාරකයෙකි. කලක් ‘සියරට’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයා හැටියට කටයුතු කළ ඔහු ඒ සමයේ පුවත්පතට ලියූ කතුවැකි රැසක් කෘතියක් ලෙස එළි දැක්වීමට කටයුතු සූදානම් කරමින් සිටී.
'අවිචාර සමය - රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග' ලෙස නම් කර තිබෙන මේ කෘතිය මේ මස 29 වන බදාදා සවස 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී දොරට වැඞීමට නියමිතය. පහත දැක්වෙන්නේ අප ඒ පිළිබඳ ගුණසිරි සිල්වා සමඟ කළ සාකච්ජාවයි.

Page 1 of 9

Gossip

විශ්වාසභංගයෙන් වැඩක් නෑ.. ශ්‍රිලනිප කැබිනට් සංශෝධනය මැයි 7න් පසුවට කල්තබයි

විශ්වාසභංගයෙන් වැඩක් නෑ.. ශ්‍රිලනිප කැබිනට් සංශෝධනය මැයි 7න් පසුවට කල්තබයි

කැබිනට් මණ්ඩලයේ ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ විෂය මාරු කිරීම මැයි 07 වන දිනෙන් පසුව සිදු කිරීමට ජනාධිප...

රනිල් එළවීමේ සටනේ නායකත්වය චතුර බාරගනී

රනිල් එළවීමේ සටනේ නායකත්වය චතුර බාරගනී

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාස භංග යෝජනාවට එ...

නීතිඥ නෝනාවරුන්,  මහත්වරුන්ගේ කලිසම දිනාගති

නීතිඥ නෝනාවරුන්, මහත්වරුන්ගේ කලිසම දිනාගති

ලෝක කාන්තා දිනයට සමගාමීව විවෘත අධිකරණවල පෙනී සිටින නීතිඥවරියන් හට නව ඇඳුමක් හඳුන්වාදීම ඊයේ (8දා) සිද...

අගමැති විශ්වාසභංගය, ශ්‍රීලනීපභංගයක් බවට පෙරළේ..

අගමැති විශ්වාසභංගය, ශ්‍රීලනීපභංගයක් බවට පෙරළේ..

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන එනවා යැයි කියන විශ්වාසභංග යෝජනවක් ගැන ගැන කසු කුසුව නිසා. ශ...

Connet With Us

       Google+