''ගෞතම බුද්ධ මාතා” රූපගත කිරීම සුනිල් ආරියරත්න සහ තිලංග සුමතිපාල සුසංයෝගයෙන් ඇරඹේ  

Published in කලා
Saturday, 15 June 2024 13:37

රාජ මාතාව,රාජ මෙහෙසිය, රාජ කුමරිය යන නාමයන් ස්ත්‍රියන් හට දුලබ නොවෙති. නමුත් යම් ස්ත්‍රියක් හට ''ගෞතම බුද්ධ මාතා” යන නමක් වේ නම් එය ලෝකයේ පරම දුර්ලභය. ආත්ම කල්ප ගණනක් පෙරුම් පුරාගෙන විත් බුදුවන සිදුහත් කුමරුන්ට සිය මව් කුසය දුන් මහාමායා දේවිය හැරුණු කොට ඒ දුර්ලභ වාසනාව උදාවූයේ කල්ප ගණනකින් උපදින වාසනාවන්ත ස්ත්‍රී රත්නයකට පමණක්මය. ගෞතම බුදුන් නිසාම ඒ මහා වාසනාව ලද්දී මහා ප්‍රජාපතී ගෝතමී දේවියයි.


සුවහසක් කාන්තාවන්ගේ විමුක්තිය වෙනුවෙන් මෙහෙණි සස්න ආරම්භ කීරීමටද පුරෝගාමී වූ ඈ, සිදුහත් කුමරා කුසින් නොවැදුවද එදා මෙදා තුර අප ගෞරවයෙන් වන්දනා කරන ගෞතම බුදු සසුනේ බුද්ධ මාතාවයි.
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණයෙන් සහ තිලංග සුමතිපාල නිෂ්පාදනයෙන් දායකවන නවතම සිනමාපටය දිග හැරෙන්නේ මේ උතුම්, වන්දනීය කාන්තා රත්නය වටාය.
''ගෞතම බුද්ධ මාතා” ලෙසින් නම්කර ඇති මෙම සිනමා පටයේ රූපගත කිරීම් 2024 ජුනි 14 වැනි සිකුරාදා දිනට යෙදී තිබුණු සුබ මොහොතින් ආරම්භ කෙරිණ.

බෞද්ධ සාහිත්‍යයේ අපට හමුවන පරම පූජනීය උතුම් කාන්තා රත්නයක්වන මහා ප්‍රජාපතී ගෝතමියගේ ජීවන පුවත ඇසුරෙන්, නිෂ්පාදක තිලංග සුමතිපාලගේ සංකල්පයකට අනුව මෙහි තිර රචනය සහ දෙබස්ද ලියා ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනි.

සිනමාපටය පිළිබද අදහස් දක්වමින් මහාචාර්ය සුනිල් ආරියරත්න සදහන් කළේ ''ගෞතම බුද්ධ මාතා”යනු මේ සමයේ නිර්මාණය නොවන ආකාරයේ විශාල ආයෝජනයක් සහිත දැවැන්ත සිනමා නිර්මාණයක් බවය.

අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා,

මහා ප්‍රජාපතී ගෝතමිය බෞද්ධ සාහිත්‍යයේ එන ප්‍රධාන චරිතයක් වුවත් එතුමිය පිළිබදව තොරතුරු සුලබව සමාජගත වී නැහැ. එතුමියගේ ශ්‍රේෂ්ඨ චරිතය පදනම්කරගෙන මෙබඳු වටිනා සිනමා නිර්මාණයක් කරන්නැයි තිලංග සුමතිපාල මහතා මා හට ආරාධනා කළත් ඒ සඳහා අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට මට විශාල වෙහෙසක් දැරීමට සිදු වුණා. ඒ සඳහා පොත් පත් සහ ඓතිහාසික මූලාශ්‍ර රාශියක් පරිශීලනය කිරීමට මට සිදුවුණා.එය ඉතාම අසීරු කාර්යයක් වුවත් මම එය ඉතා සාර්ථකව සිදු කළා. මෙතෙක් කිසිඳු අයුරකින් හමුනොවූ මහා ප්‍රජාපතී ගෝතමියගේ ජීවන චරිතය මෙම චිත්‍රපටය හරහා ලෝකවාසී බෞද්ධ ජනතාවට හදුනාගන්නට සහ දැකගන්නට ලැබෙනවා. ඉන්දීය රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සමගින් ප්‍රවීණ දේශීය රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක්ද චිත්‍රපටය සදහා රංගනයෙන් දායක වෙනවා”

මාගේ මව දිවංගත මිලිනා සුමතිපාල මහත්මිය සිංහල සිනමාවට සම්මානනීය චිත්‍රපට ගොන්නක් තිළිණ කළා. ගඟ අද්දර,දුවට මවක මිස,උප්පලවණ්ණා සහ පත්තිනි ඒ අතරින් ප්‍රධානයි.බුදුන් වහන්සේගේ සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමිය නම්වූ ශ්‍රේෂ්ඨ කාන්තා චරිතය ඇසුරෙන්ද චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ ආශාවක් සහ බලාපොරොත්තුවක් මගේ මව තුළ තිබුණා. ඇගේ එම බලාපොරොත්තුව ඉටුකිරීමේ අරමුණද ඇතිවයි මා එම බුද්ධ මාතාවගේ කතා පුවත සිනමාවට නගන්නට තීරණය කළේ . මේ වසරේ අවසානය වන විට ''ගෞතම බුද්ධ මාතා” චිත්‍රපටය ප්‍රේක්ෂක ජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව උදා වේවි ” යනුවෙන් නිෂ්පාදක තිලංග සුමතිපාල සදහන් කළේය.

චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණයෙන්, ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන්, විමල් දේශප්‍රිය සහය අධ්‍යක්ෂණයෙන්, මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන්, ප්‍රියන්ත දිසානායක වෙස් ගැන්වීමෙන් සහ නිමල් විජය සිරිසේන නිෂ්පාදන කළමනාකරණයෙන් ''ගෞතම බුද්ධ මාතා” සිනමා පටය සදහා දායකවී සිටිති.

සිදුහත් කුමරුගේ මව ‘කුමරුන්‘ ඉපිද දින හතකින් මෙලොව හැරයෑමෙන් පසු, සුළු මව ලෙස සිදුහත් කුමරු රැකබලා ගැනීම පිණිස මහා ප්‍රජාපතී ගෝතමිය කළ අසීමිත කැපකිරීම පිළිබද නොඇසූ කතා පුවතක් ''ගෞතම බුද්ධ මාතා” සිනමාපටය හරහා ඔබටත් දැකබලා ගැනීමට ලැබෙනු ඇත.

Leave a comment

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us