නවතම පුවත්
චමල් අල්ලස් කොමිසමට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද (08) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ තිබේ.
නාමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් මගින් දන්වා යවා ඇත.
ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදයි
ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදට යෙදී තිබෙන අතර මෙවර එහි තේමාව 'ජනතාව, පෘථිවිය සහ සමෘද්ධිය සඳහා සාක්ෂරතාවය' යන්නය.
පස්වරු 2.00න් පසුව වැසි
ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පවතින නීතිමය බාධා ඉවත් වූ සැණින් පළාත් සභා මැතිවරණයකට යනවා - ජනපති
දේශපාලන විඥානයක් නැති පාර්ශ්වය, ජනතාව බියට පත් කිරීම සඳහා ආණ්ඩුව මැතිවරණ කල් දමන බවට විවිධ ප්‍රකාශ කළත් නියමිත පරිදි ජනාධිපතිවරණය, මහ මැතිවරණය පවත්වන බවත් පවතින නීතිමය බාධා ඉවත් වූ සැණින් පළාත් සභා මැතිවරණය ද පවත්වන...
වාහන අංක තහඩු හේතුවෙන් වාහනහිමිකරුවන් හා පොලිසිය අතර මත ගැටුම්
විද්‍යුත් වාහන සඳහා කොළ පැහැ අංක තහඩු මුද්‍රණය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණත් එය නිසි පරිදි පොලිසිය ඇතුළු කොළ පාට සෙසු ආයතන වෙත දැනුම් නොදීම මත වාහන හිමිකරුවන් හා පොලිසිය අතර මත...
වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයන් 115,000 ඉක්මවයි
වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයන් පිරිස 115,000 ඉක්මවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. දිස්ත්‍රික්ක 07 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35 ක පදිංචි පවුල් 35,149 කට අයත් පිරිසක් මෙලෙස පීඩාවට පත්ව සිටිති.
පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර අදන් ඇරඹේ
2026 වර්ෂයේ සියලුම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (07) ආරම්භ වේ.
තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඩිජිටල් රක්ෂණ කාඩ්පත පිළිනොගන්නා පොලිස් නිලධාරීන්ට වැඩ වරදී
වාහන පරික්ෂා කිරීම්වලදී ඩිජිටල් රක්ෂණ කාඩ්පත පිළිනොගන්නා පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර පැවසීය.
වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද සිට
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද (04) සිට සිදුකෙරන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
IMF නියෝජිතයින් පිරිසක් එළැඹෙන සතියේදි දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් එළැඹෙන සතියේදි දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
අද සවසට ගිගුරුම් සහිත වැසි
ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (04) පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දැඩි වියළි කාලගුණයෙන් කුට්ටම් පොකුණේ ජලය අඩිය පෙනෙන මට්ටමට
රජරටට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් අනුරාධපුරයේ මහමෙව්නා උයනේ පිහිටි කුට්ටම් පොකුණේ ජලය අඩිය පෙනෙන මට්ටමට සිඳී තිබේ. පළමුවැනි අග්ගබෝධි රජ දවස ඉදිව ඇති මෙම පොකුණු යුගල අඩි 18ක ගැඹුරකින් යුක්තය.
කොළඹ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්
අද (03) රාත්‍රී 8.00 සිට හෙට (04) රාත්‍රී 8.00 දක්වා කොළඹ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
විශේෂාංග
හිංසනය පිටුදකින සත්ව සුබසාධන කෙටුම්පත සම්මත කිරිම පාර්ලිමේන්තුවේ වගකීමයි
"අහිංසා පරමෝ ධම්මෝ" (අවිහිංසාව උතුම්ම ධර්මය හෙවත් ප්‍රතිපත්තිය යි) 2026 ජුලි මස 17 වන දිනැති 2026 ජුලි මස 20 නිකුත් කල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද සත්ව සුබසාධනය සැලසීම...
පැය 2 කින් තරුණ වෙන්න පුළුවන්. NEXT LEVEL ප්‍රතිකාරයක් ! - වෛද්‍ය ප්‍රසාද හේරත්
අද වන විට වෛද්‍ය විද්‍යාවේ ශීඝ්‍ර දියුණුවත් සමඟ ශරීරයේ රෝග සුවපත් කිරීමට මෙන්ම තරුණ බව රැක ගැනීමටද නවීන ප්‍රතිකාර ක්‍රම රැසක් හඳුන්වා දී තිබේ. ඒ අතරින් ලෝකයේම දැඩි අවධානයක් දිනාගත් විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ හයිපබැරික්...
ඇමරිකාවේ බලගතුම අවිය Petrodollar ක්‍රියා විරහිත වෙයි
පෙට්රෝ ඩොලර් ගැන දන්නෙ නැත්නම් ඔයා ලෝක දේශපාලනයට තාම ළදරුවෙක්.. හිතලා බලන්න, ඔබ කඩේට ගිහින් පාන් ගෙඩියක් ගන්නවා. ඒකට ගෙවන්නේ ඔබේ අතේ තියෙන මුදල් නෝට්ටුවකින්. හැබැයි ඒ කඩදාසි කොළේට වටිනාකමක් ලැබිලා තියෙන්නේ මීට අවුරුදු 50කට...
මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය මහ විනාශයක් - ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය හා ආසියානු සංවර්ධන බැංකුව එක් ව සකස් කළ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සැලැසුම් හේතුවෙන් අද වන විට මන්නාරම දූපතේ ජනතාව හා එහි ජෛව ප්‍රජාව දැවැන්ත අනතුරකට මුහුණ...

