වටගල සහ ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක්
මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්ය සුනිල් වටගල සහ හිටපු බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි යන මහත්වරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.
ශ්රිලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ගේ උපදෙස් පරිදි හෙට 2026.11.02 ගමින් ගමට කොට්ඨාස රැස්වීම් මාලාව ආරම්භ කරන බව ශ්රීලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්රධානී ජොන්ස්ටන් ප්රනාන්දු පැවසීය.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්යාල ආචාර්යවරු අද (30 වැනිදා) සංකේත වැඩවර්ජනයක නිරත වෙති. ආචාර්යවරුන්ගේ පුරප්පාඩු පිරවීම, වැඩිවන ශිෂ්යන්ට අදාළව පහසුකම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ක්රියාත්මක කරන බව විශ්වවිද්යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ ඊයේ (29 වැනිදා) පැවසීය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද (30) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
ලාෆ් ගෑස් සමාගමට එරෙහිව පාරිභෝගික අධිකාරිය නඩු පවරයි
පාරිභෝගිකයන් වෙත අඛණ්ඩව ගෑස් සැපයුම ලබානදීම සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය හමුවේ ඊයේ (29 වැනිදා) නඩුවක් පවරා තිබේ.
අද (30) මධ්යම රාත්රියේ සිට වහාම ක්රියාත්මක වනපරිදි ග්රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.
ඉන්දියාවෙන් ලංකාවට එන වියළි මිරිස් නතර වෙන ලකුණු
නැවත දැනුම් දෙනතුරු ශ්රී ලංකාවට වියළි රතු මිරිස් අපනයනය කිරීම තාවකාලිකව නවතා දමන ලෙස ඉන්දියානු මිරිස් අපනයනකරුවන්ගේ සංගමය (Chillies Exporters Association India) විසින් එම සංගමයේ සාමාජිකයන්ට, මිරිස් අපනයනකරුවන්ට සහ අනෙක් පාර්ශ්වයන්ට දැනුම්දී ඇත.
පොලිසිවෙත ලබා දෙන මාර්ගෝපදේශ මාලා ප්රයෝගිකව සිදුවන්නේ නැහැ - මානව හිමිකම් කොමිසම
පොලිස් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්රියාමාර්ග පිළිබඳ පොලිස්පතිවරයාට යොමු කළ මාර්ගෝපදේශ මාලා පොලිසිවලට දැනුම්දී ඇතත් ප්රායෝගිකව ක්රියාත්මක නොවන බව හෝමාගම සිදුවීමෙන් පෙනී යන බවද ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා ‘අරුණ’ට පැවැසීය.

