ලංකා අයි.ඕ.සී සමාගම, ආර්.එම්. පාර්ක් සමාගම සහ සිනොපෙක් සමාගම ඩීසල් නිකුත් කිරීම සීමාකිරීම හේතුවෙන් ඩීසල් ලබාගැනීම සඳහා තදබදයක් රට පුරා නිර්මාණය වී තිබෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
වසර දෙකකට පෙර රුපියල් 70 ත් 80 ත් අතර මිලකට අලෙවි වූ කොත්තමල්ලි ග්‍රෑම් 100 ක වර්තමාන සිල්ලර මිල රුපියල් 125 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳපල ආරංචි මාර්ග සඳහන් කරයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද (08) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ තිබේ.
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් මගින් දන්වා යවා ඇත.
ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදට යෙදී තිබෙන අතර මෙවර එහි තේමාව 'ජනතාව, පෘථිවිය සහ සමෘද්ධිය සඳහා සාක්ෂරතාවය' යන්නය.
ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පවතින නීතිමය බාධා ඉවත් වූ සැණින් පළාත් සභා මැතිවරණයකට යනවා - ජනපති
දේශපාලන විඥානයක් නැති පාර්ශ්වය, ජනතාව බියට පත් කිරීම සඳහා ආණ්ඩුව මැතිවරණ කල් දමන බවට විවිධ ප්‍රකාශ කළත් නියමිත පරිදි ජනාධිපතිවරණය, මහ මැතිවරණය පවත්වන බවත් පවතින නීතිමය බාධා ඉවත් වූ සැණින් පළාත් සභා මැතිවරණය ද පවත්වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා.

