ලූස් පොල් තෙල් වල බරපතළ ගැටලු තත්ත්වයක්

Published in පුවත්
Friday, 25 September 2026 09:45

වෙළෙඳ පොලේ ලූස් වශයෙන් අලෙවි කෙරෙන පොල් තෙල් වල බරපතළ ගැටලු තත්ත්වයක් පවතින බවත්,මීට අමතරව ඇසුරුම් කරන ලද පොල් තෙල්වල පවතින ගැටලුවලට අදාළව එම ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගත් අවස්ථා තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ,පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පැවසුවේය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වරින්වර වෙළෙඳ පොළෙන් පොල් තෙල් සාම්පල ලබාගෙන පරීක්ෂා කරන බවද ඔහු කීවේය.

ශ්‍රී ලංකාවේ ප්‍රමිතියට අනුකූල නොවන පොල් තෙල් වෙළෙඳ පොළේ අලෙවි කිරීමට නොහැකි වන පරිදි පොල් තෙල්වල ප්‍රමිතිය තහවුරු කිරීමට අදාළව මේ වනවිට වැඩපිළිවෙළක් සකස් වෙමින් පවතින බවද ඔහු පැවසුවේය.

වෙළෙඳ පොළේ අලෙවි කිරීමට තිබෙන ආවරණය නොකරන ලද පොල් තෙල් භාජන තුළ පිරිසුදු තත්ත්වය සම්බන්ධව ගැටලු තත්ත්වයන් පවතින බවද ඔහු සඳහන් කළේය.මේ නිසා පාරිභෝගිකයාට සෞඛ්‍යමය වශයෙන් සිදුවන හානිය විශාල බවද ඔහු කීවේය.

ආහාරයට ගන්නා පොල් තෙල්වලට වෙනත් තෙල් වර්ගයක් කලවම් කිරීමට නොහැකි බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දැනටමත් ගැසට් කර තිබෙන බවද ඔහු පැවසීය.

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග කියා සිටියේ පොල් තෙල් අලෙවි කිරීමේදී මිලි ලීටර් 175 සීමාවෙන් ඉහළ ප්‍රමාණ ඇසුරුම්කරණය කිරීමට අදාළව වැවිලි අමාත්‍යාංශය හරහා කැබිනට් පත්‍රිකාවක් යොමුකර තිබෙන බවය.

ලූස් වශයෙන් පොල් තෙල් අලෙවි කිරීමේදී නිෂ්පාදකයා හඳුනා ගැනීමේ ගැටලුවක් පවතින බවද ඔහු කීවේය.බාල පොල් තෙල් අලෙවි කිරීම වැළැක්වීම සඳහා පොල් තෙල් ඇසුරුම් කර,ලේබල් යොදා විකිණීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග අධ්‍යයනය කර තිබෙන බවද ඔහු පැවසුවේය.

පොල් තෙල් ඇසුරුම් කිරීමෙන් පසුව ලේබලය සහ බෝතලය නිසා පොල් තෙල් බෝතලයක් රුපියල් 50 කින් පමණ මිල වැඩිවිය හැකි බවද ඔහු කීවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us