මෙම තරගය මෙවර තරගාවලියේ 16 වැනි තරගයයි.
ඕමානය මෙවර ලෝක කුසලාන තරගාවලිය හා එක් වෙන්නේ සිව් වැනි වතාවටයි.
ඔවුන් මීට පෙර 2016, 2021 සහ 2024 යන වසරවල දී මෙම තරගමාලාව සමඟ එක් වූ අතර, මෙවර පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන ආසියා – පැසිෆික් කලාප සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී 2 වැනි ස්ථානයට පත් වෙමින් මේ අවස්ථාව උදා කරගැනීමටයි සමත් වන්නේ.
ඔවුන් මේ දක්වා ලෝක කුසලාන තරග 11කට සහභාගී වී තිබන අතර, ඉන් ජයග්‍රහණය කරනු ලබන්නේ තරග ද්විත්වයක දී පමණයි.
ඒ 2016 වසරේ දී අයර්ලන්තයට එරෙහිව සහ 2021 වසරේ දී පැපුවා නිව් ගිනියාවට එරෙහිවයි.
ඉතිරි තරගවලින් තරගයක් ලකුණු සම වීමෙන් ද තවත් තරගයක් විසඳුමකින් තොරව ද අවසන් කරන ඔවුන්ට අනෙක් තරග 7 නිමා කිරීමට සිදු වෙන්නේ පරාජිත තරග ලෙසිනුයි.
ඒ අතර මෙවර තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම වෙතින් ලත් පරාජය ද තිබෙනවා.
ඕමාන ඉතිහාසයේ මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ තරග 111කට පමණක් වන අතර, ඒ අතර ශ්‍රී ලංකාව සමග එක් තරගයක්වත් නැහැ.
ඒ අනුව ඔවුනොවුන් විස්සයි විස්ස ලෝක ජාත්‍යන්තර තරග පිටියක දී හමුවෙන පළමු අවස්ථාව මෙයයි.
ඔවුනොවුන් මේ දක්වා ජාත්‍යන්තර තරග පිටියක දී හමුව ඇත්තේ එක් එක්දින තරගයක දී පමණක් වන අතර, එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කඩුලු 10ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් වුණා.
