අප්‍රිකානු සූකර උණ මෙරටින් නැවතත්

Published in පුවත්
Thursday, 29 October 2026 10:55

අප්‍රිකානු සූකර උණ රෝගය දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවිපොළවලින් යළි වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර, අනුරාධපුර, මහනුවර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ගොවිපොළ 48ක සිදුකළ පරීක්ෂාවකින් එම උණ වෛරසය වැළදුණු සූකරයින් වාර්තා වු බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු මහතා පැවසුවේය.

"ඇත්තටම අපි මේ රෝග තත්ත්වය පහුගිය අවුරුද්දේ සෑහෙන දුරට පාලනය කළා. නමුත් මේ අවුරුද්දේ සමහරක් ස්ථානවල මේ රෝගය නැවතත් වාර්තා වෙනවා කියලා අපිට වාර්තා ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේස් පිළිබඳව මහජනතාව දැනුවත් කරන්නේ. අපි ගොවිපොළ 48ක් පරීක්ෂා කළා. ඒ 48න් අපිජන්න සහ තර සතුන් නැති කරන ගොවිපොළ ගත්තොත් ඒ සියල්ලම අනිවාර්යයෙන්ම මේ රෝග තත්ත්වයන් තියෙනවා කියලා අපිට වාර්තා වුණා. එතකොට අපි මේ ගොවිපොළ 48න්ම අපි සතුන් 1200කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කරලා බැලුවම ඒකෙන් බොහෝ සතුන් ප්‍රමාණයක් මේ රෝග කාරකය තියෙනවා කියලා තමයි තහවුරු කර ගත්තේ. හැම ගොවිපොළේම සත්තු එකෙක් දෙන්නෙක් ඉන්නවා. දිස්ත්‍රික්ක ගත්තොත් එහෙම කොළඹ දිස්ත්‍රික්කය, ගම්පහ, කළුතර, අනුරාධපුරය, මහනුවර සහ පුත්තලම. ඒ කියන දිස්ත්‍රික්කවල තමයි මේ ගොවිපොළ පරීක්ෂා කළේ. එතකොට ඉතින් සතුන් 200කට ආසන්න ප්‍රමාණයක් ඒ සත්තු පොසිටිව් කියලා අපිට වාර්තා වෙලා තියෙනවා. මයිනස් ඒ වැළඳුණොත් නැත්නම් මේක ඇඟේ තියෙනවා පෙන්නන්නයි. මෙය මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු සුදුසු නැද්ද? සුදුසුයි. ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේක සූනෝටික් ඩිසීස් එකක් නෙමෙයි. මිනිසුන්ට බොවීම් නැහැ"

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us