ලංකාවේ Medical Tourism වෙනුවෙන් වෛද්‍ය ප්‍රසාද් හේරත්ට වගකීමක්

Published in පුවත්
Monday, 05 October 2026 21:56

වෛද්‍ය සංචාරක (Medical Tourism) කර්මාන්තය ​ශ්‍රී ලංකාවට තවමත් අලුත් සංකල්පයක් වූවත් එම ක්ෂේත්‍රය නඟා සිටුවීම වෙනුවෙන් මෙහෙවරක යෙදෙන, වෛද්‍ය එච්. එම්. සී. ප්‍රසාද් හේරත් මහතා එම ක්ෂේත්‍රයේ නව තනතුරකට පත් කර තිබේ.

ඒ අනුව, ​ශ්‍රී ලංකා ජාතික රෝහලේ අවයව බද්ධ කිරීමේ සම්බන්ධීකාරක (Transplant Coordinator) ලෙස සේවය කරන වෛද්‍ය එච්. එම්. සී. ප්‍රසාද් හේරත් මහතා, ශ්‍රී ලංකා කැනේඩියානු වාණිජ මණ්ඩලයේ (CanCham SL) වෛද්‍ය සංචාරක කමිටුවේ (Medical Tourism Committee) නියෝජ්‍ය සභාපතිවරයා (Deputy Chairman) ලෙස පත් කරනු ලැබ ඇත.

​ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමේ වෛද්‍ය සංචාරක (Medical Tourism) සහ සෞඛ්‍ය සේවා ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සහ ඒ සඳහා කැනේඩියානු ආයෝජන, තාක්ෂණය හා ජාත්‍යන්තර සබඳතා ලබා ගැනීම අරමුණු කරගනිමින් මෙම කමිටුව ස්ථාපිත කර ඇත.

​තම නව ධුරය ඔස්සේ වෛද්‍ය හේරත් මහතා, ශ්‍රී ලංකාව වෙත විදේශීය රෝගීන් ආකර්ෂණය කර ගැනීම, ජාත්‍යන්තර මට්ටමේ රෝහල් හා සෞඛ්‍ය පහසුකම් සංවර්ධනය කිරීම, කැනේඩියානු තාක්ෂණික සහ ආයෝජන සහයෝගීතාව ලබා ගැනීම සහ වෛද්‍ය සංචාරක ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය හා රෝගී ආරක්ෂණය තහවුරු කිරීම සඳහා නායකත්වය ලබා දීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ වෛද්‍ය සංචාරක කර්මාන්තයේ අනාගතයට මහත් ශක්තියක් වෙමින් මෙම නව තනතුරට පත් වූ වෛද්‍ය එච්. එම්. සී. ප්‍රසාද් හේරත් මහතාට අපගේ උණුසුම් සුබපැතුම් ද පිරිනමමු!
dr1

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us