දිට්වා හේතුවෙන් කල්දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් එළැඹෙන 12 වනදා සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීමේ සහ වන්දි ලබාදීමේ සමාරම්භක වැඩසටහන හෙට (09) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
කාලගුණයෙන් නැවතත් රතු එළි - හදිසි අවස්ථාවක් සඳහා සියල්ල සුදානමින්
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.
ගංවතුර සඳහා සුදානම් වීමේ පූර්ව අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබේ.
ගැබ්ගෙල පිළිකා රෝගීන්ගේන් 30%ක් නිරපරාදේ මිය යනවා
ගැබ්ගෙල පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාරවලට අවශ්‍ය ඉමේජ් ගයිඩඩ් රේඩියේෂන් තෙරපි (Image Guided radiation Therapy) උපකරණ ප්‍රමාණවත් තරම් නොමැති නිසා ජීවත් කරවිය හැකි රෝගීන්ගෙන් සියයට තිහක (30%) පමණ පිරිසක් නිරපරාදේ මියයන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (07 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.
දැනට පවතින පීඩන අවපාතය ඉදිරි පැය12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනයක්
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ (07) රාත්‍රී 11.30 වන විට පොතුවිල් සිට 490 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.3°N සහ දේශාංශ 86.0°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුනි.
මේ මාසේ ගෑස් මිලෙහි වැඩි කිරීමක් වෙන්නේ නැහැ - ලිට්‍රෝ සමාගම
ජනවාරි මායෙට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.
මහවැලි ගඟ පිටාර ගැලීමෙන් සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය නැවත වසා දමයි
පොළොන්නරුවට ඇදහෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟ මේ වන විට පිටාර ගලමින් පවතින අතර පොළොන්නරුව සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය අද (07) උදෑසන 8.30 සිට සැහැල්ලු වාහන සඳහා සම්පූර්ණයෙන්ම වසා දමන බව පොලිසිය මහජනතාවට දැනුම් දී තිබෙනවා.

