ගමින් ගමට, හෙට කොළඹින් පටන් ගන්නවා - ජොන්ස්ටන්

Published in පුවත්
Sunday, 01 November 2026 18:30

ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ උපදෙස් පරිදි හෙට 2026.11.02 ගමින් ගමට කොට්ඨාස රැස්වීම් මාලාව ආරම්භ කරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.

සතියේ දින පහේම මෙම ගමින් ගමට රැස්වීම් දිවයින පුරා පවත්වන බව ද අවධාරණය කරමින් ඔහු මේ බව පැවැසුවේ කොලඹ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් අතර පැවති රැස්වීමකදීය.

ආණ්ඩුව විසින් ජනතාවට ලබාදුන් බොරු පොරොන්දු පිළිබඳව මෙන්ම මෙම ආණ්ඩුව විසින් සිදු කරන ලද වංචා හා දූෂණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව, විශේෂයෙන්ම කන්ටේනර් 323 පැන්නීම, ගල් අඟුරු වංචාව, මහ බැංකුවට හැකරුන් පැනීම, වැරදි ගිණුම් වලට මුදල් යැවීම වැනි වංචාවන් පිළිබඳව ජනතාවට නැවත නැවතත් මතක් කරන බවද ඔහු පැවැසීය.

තවද මැතිවරණ වේදිකාවල ලබාදුන් පොරොන්දු විශේෂයෙන්ම සෞඛ්‍ය ,අත්‍යවශ්‍ය භාණ්ඩ හා පාසැල් උපකරණවල බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම පිළිබඳව හා තවත් බොරු පොරොන්දු රාශිය දී ඇති බවත් මේවා පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙසත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us