ලාෆ් ගෑස් සමාගමට එරෙහිව පාරිභෝගික අධිකාරිය නඩු පවරයි

Published in පුවත්
Friday, 30 October 2026 09:51

පාරිභෝගිකයන් වෙත අඛණ්ඩව ගෑස් සැපයුම ලබානදීම සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (29 වැනිදා) නඩුවක් පවරා තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති අංක 86 දරන විධානය උල්ලංඝනය කරමින් පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයුම ලබානොදීමේ චෝදනාව මත එම අධිකාරිය විසින් අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 5 අධිකරණය හමුවේ එලෙස පවරා තිබේ.

එම නඩුව​ට අදාළව ලාෆ් ගෑස් සමාගමට සිතාසි නිකුත් කළ අධිකරණය අදාළ නඩුව නොවැම්බර් 11 වැනිදා කැඳවීමටද නියෝග කළේය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ලාෆ් ගෑස් සමාගමට එරෙහිව පැවරූ නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න හමුවේ එලෙස කැඳවීමට නියමිතය.

මේ අතර මාසයක පමණ කාලයක සිට ලාෆ් ගෑස් මෙරට වෙළෙඳපොළේ නොමැති අතර මේ මොහොතේ එකදු ලාෆ් ගෑස් සිලින්ඩරයක්වත් සිය සමාගම සතුව නැතැයි ලාෆ් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ද සඳහන් කරයි.

මෙරට ලාෆ් ගෑස් සිලින්ඩර් ලක්ෂ හතර හාමාරක් පමණ මාසයකදී අලෙවි වන අතර මේ වනවිට ඇණවුම් කර ඇති ගෑස් නෞකා පැමිණෙන දිනයක් පැවසීමට නොහැකි බවද එම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අනාවරණය කළේය.

මේ අතර මෙම ලාෆ් ගෑස් හිඟය හේතුවෙන් ලිට්‍රෝ ගෑස් වෙත අධික ඉල්ලුමක් ඇති වූ බවත් මෙතෙක් ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 32000ක් මසකට වෙළෙඳපොළට මුදාහැරියද මේ වන විට ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 40000ක් වෙළඳපොළට නිකුත් කිරීමට සිදුව ඇතැයි එහි සභාපති චන්න ගුණවර්ධන ‘අරුණ’ට පැවසීය.

මෙරට ගෑස් වෙළෙඳපොළ පංගුවෙන් සියයට අසූවක් (80%) ලිට්‍රෝ සමාගම විසින්ද ඉතිරි සියයට විස්ස (20%) ලාෆ් සමාගම මගින් ද සපුරනු ලබයි. තවද ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලක්ෂ ලක්ෂ දහ අටක් මසකට අලෙවි වූ බවත් මේ වන විට එම සංඛ්‍යාවද වැඩි කිරීමට සිදුව ඇති බවත් සභාපාතිවරයා කියා සිටියේය.

මේ අතර කෙසේ වෙතත් සති දෙකකට පසුව පෙරේදා (28 වැනිදා) හැටන් කොටගල ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයා වෙත ගෑස් ලැබී තිබූ අතර එමගින් ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩර් 140ක් පාරිභෝගිකයන්ට බෙදා දුන් බව කොටගල ලිටෝ ගෑස් අලෙවි නියෝජිතයා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us