චීනයේ අලුත් වසංගත භීතිකාවක්  - බය වෙන්න එපා ! Featured

Monday, 06 January 2025 11:05

චීනයේ ශීත කාලය තුල ස්වසන ආශ්‍රිත රෝග ඉහළ යන කාලයකි. ඍතු කාලවල ඇතිවන influenza, රයිනෝ වයිරස්, respiratory syncytial වෛරස්, Human Metapneumonovirus ( HMPV ) Mycoplasma pneumonie ඇතුළු රෝග කාරක දහයක් පමණ ව්‍යාප්ත වෙමින් පවතිනවා. 

කෙසේ වෙතත් චීනය තුළ සම්පූර්ණ ව්‍යාප්ති ප්‍රමාණය හා සිවුරතාව ය මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ මේ කාලයට වඩා අඩුයි. විශේෂයෙන්ම පවතින ශීත කාලගුණය තුළ.


WHO එක චීනයේ අදාල වසංගත නියාමනය කරන ආයතන සමඟ ඉතාමත් හොඳින් මේ සම්බන්ධව කටයුතු  කරමින් පවතින බව ප්‍රකාශ කරලා තියෙනවා.

දැනට පවතින තොරතුරු අනුව WHO නිර්දේශ කරන්නේ චීනය තුළ පවතින ස්වසන ආශ්‍රිත රෝග බෝවීම ව්‍යාප්ත වීමේ අවදානම අඩු කරගන්න කියලා. Influenza vaccine එක ගන්නා ලෙසත් දුරස්ථභාවය පවත්වා ගැනීමත්   රෝග ලක්ෂණ පවතී  නම් රැකියාවලට නොගොස් නිවාස වලට වී සිටින ලෙසත්  එවැනි තත්ත්වයක් පවතිනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසත්  සහ වෛද්‍ය පරීක්ෂණවලට යොමුවෙන ලෙසත්, හොඳ වාතාශ්‍රයක් සහ නිතර නිතර දෑත් පිරිසිදු කරන ලෙසත් උපදෙස්  ලබා දී තිබෙනවා.  

දැනට චීනයට ට්‍රැවල් කරන්න එපා කියලා කියන්නෙත් නැහැ.  සාමාන්‍යයෙන් පුළුවන්නම් ස්වසන ආශ්‍රිත රෝග ( Upper respiratory track infection symptoms) travel කරද්දි ඊට පසුව පවතිනවා නම් අදාළ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන්න කියලා තමයි ප්‍රකාශ කරන්නේ.
සාමාන්‍යයෙන් ලෝකයේ දින කිහිපයකට සැරයක් කොහේ හරි තැනක පොඩි පොඩි වසංගත ඇතිවෙනවා, ඒවා සියල්ලම ලෝකෙ පුරා පැතිරෙන්නෙ නැහැ. කොවිඩ් වසංගතය නිසා බියට පත්වෙලා ඉන්න ගොඩක් අයට මේ ප්‍රවෘත්ති බියක් ඇති කරවනවා . වගකීම් අඩු මාධ්‍ය වලටත් ඒවා හොඳ තෝතැන්නක්
වසංගත වලට අදාළ සෞඛ්‍ය ආයතන, IHR ( International Health Registration) වලට අදාල ආයතන හා නිලධාරීන් ඒ සම්බන්ධව සොයා බලමින් කටයුතු කරමින් පවතිනවා. මීට කලිනුත් මෙවැනි කුඩා outbreak රටවල්වල ඇතිවුණා. ජපානය තුළ රෝගයක් සම්බන්ධවත් ලොකු කතිකාවතක් ලංකාවේ ඇතිවුණා. දැනට අනවශ්‍ය බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ .......

වෛද්‍ය ප්‍රසාද් හේරත් ✍

Last modified on Monday, 06 January 2025 11:12

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us