ඇවන්ගාඩ් 'හොර අවි' වලින් නාවික හමුදාව බිස්නස් කරන්නේ කොහොමද?

Published in පුවත්
Monday, 16 November 2015 16:15
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හා ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් ප්‍රකාශ කළ පරිදී ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා වල තිබුනු සියලුම අවි නීත්‍යානූකූල නොවන අවි වන අතර පසුගියදා එම අවි තොගයම නාවික හමුදාව අත් අඩංගුවට ගනු ලැබීය. එමෙන්ම එම ව්‍යාපාරය රක්නා ලංකා හා නාවික හමුදාව මඟින් මේවන විට සිදු කරමින්  පවතින බවත් ආරක්ෂක ලේකම්වරයා විසින් ප්‍රකාශ කර තිබිණි. 
 
එහෙත් අප වෙත වර්තවන පරිදී නාවික හමුදාව විසින් පසුගිය දින කිහිපයේදී නවුකාවල ආරක්ෂාව සඳහා නිකුත් කර ඇත්තේද මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද අවිමය. නාවික හමුදාවට ඔවුන් බාරයේ පවතින වෙනත් අවි හෝ අලුතෙන් ගෙන්වා ගන්න  ලද අවි නිකුත් කිරීමේ හැකියාවක් නැත. නාවික හමුදාවට නිකුත් කරනු ලැබිය යුත්තේ රක්නා ලංකා සමාගම යටතේ ඇති අවි පමණකි.
 
කෙසේ නමුත් පාවෙන අවි ගඩාවල තිබූ අවි විදේශ රාජ්‍යවලට හා රක්නා ලංකා සමාගමට අයත් ඒවා වන අතර මෙම කිසිදු අවියක් හෝ නීත්‍යානූකුල නොවන බව නාවික හමුදාව , ආරක්ෂක අමාත්‍යාංශය  හෝ අධිකරණයක් විසින් මෙතෙක් ප්‍රකාශ කර ද නැත. 
 
අනුර දිසානායක මහතා දිගින් දිගටම ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩා 2 හි තිබු අවි සියල්ලම හොර අවි බව ප්‍රකශ කර තිබූ අතර ඊට එරෙහිව ගිනි අවි පනත යටතේ පියවර ගත හැකි බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගත යුතු බවත් පැවසීය.
 
එහෙත් එම අවිම මේවන විට නාවික හාමුදාව විසින් ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ලබාදෙමින් තිබේ. නීත්‍යානූකූල නොවන අවියක් රජයේ අත් අඩංගුවට ගත් පසුව ඒවා නිත්‍යානූකූල වන්නේ නැත.  එසේ කිරීමද කළ නොහැකිය. එමෙන්ම ඒ ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර. එම අවි කිසිදු කරුණක් නිසා භාවිතයට ගැනීමටද නොහැකිය. එම ගිනි අවි ළඟ තබා ගත්  පුද්ගලයන්ට එරෙහිව  නීතිමය පියවර ගත යුතු අතර . එම අවි නඩු භාණ්ඩ බවටද පත්විය යුතුය.  එවා හොර අවි බව ඔප්පු වව හොත් අධිකරණය හමුවේ  විනාශ කළ යුතුය.   එහෙත් මේ කිසිවන් මේවන තුරු සිදුව නැත. 
 
මෙම හොර අවි ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් 'මහනුවර'නම්  පාවෙන අවි ගබඩාව  ගාලු වරායේ තබා ගැනීමත් නීතිවිරෝධි  බවට විශාල ගෝෂාවක් සිදු කෙරුණද එම පාර්ශ්ව මේ අලුත් තත්වය  සම්බන්ධයෙන් නිහඬව සිටී. 
 
අත් අඩංගුවට ගැනීමට පෙර මහනුවර අවි ගබඩාවේ තිබූ  3200ක් පමණ වන අවි තොගය රක්නා ලංකා සමාගම බාරයේ තිබූ අතර එයට ආරක්ෂාව යොදා තිබුණේද නාවික හමුදාව විසින්ය. දිසානායක මහතාගේ තර්කය අනුව නාවික හමුදාව විසින් ආරක්ෂාකර තිබෙන්නේද හොර අවි තොගයක් වන අතර ගිනි අවි පනත යටතේ එම සෙබලුන්ට හා නිළධාරීන්ට එරෙහිවත් නඩු පැවැරීම සිදු විය යුතුව තිබේ.  
 
එමෙන්ම ඇවන්ගාඩ් සමාගම විසින් පවත්වාගෙන ව්‍යාපාරය ජනාධිපතිවරයා විසින් විධායක බලතල යොදා පවරා ගැනු ලැබීමේ  හිතුවක්කාර පියවර සම්බන්ධයෙන්ද , නිරන්තරයෙන් ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ අධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය් ගැන දොඩවන අනුර දිසානායක නිහඬය. 
 
අනුර දිසානායක මහතා විසින් ඒකාධිපතියකු ලෙස දැඩිව චෝදනා කරනු ලැබූ මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ පාලන කාලයේදී මෙලෙස පවර ගනු ලැබූ දයා ගමගේ මහතාට අයත් සිනී ව්‍යාපරය පවරා ගැනීමට පෙර මාස තුනක කාලයක් ඒ සම්බන්දයෙන් ඔහුට යම් පියවරයක් ගැනිම සඳහා ඉඩ ලබා දී තිබිණි.  මෙලෙස ව්‍යාපාර පවරා ගැනීමට   එරෙහිව දිසානායක මහතා පාර්ලිමේන්තුව දෙවනත් කරමින් කෑ ගැසු බව ජවිපෙ සාමාජිකයන්ටවත් මතක නැති බවට සැකයක් නැත.
 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us