අයිටීඑන් මූර්ති, විපුල, උපාලි දොට්ට

Published in පුවත්
Monday, 16 November 2015 16:04

පසුගිය රාජ්‍ය පාලන සමයේදී රාජ්‍ය ආයතන හයක සිදුවූ බව කියන බරපතළ වංචා සහ දූෂණ සිද්ධි පිළිබඳ පරීක්ෂණවලට බාධා විය හැකි යැයි පවසා එම රාජ්‍ය ආයතන හයේ සේවය කරන ඉහළ නිලධාරීන් 13 දෙනෙකු එම ආයතනවලින් වහාම ඉවත් කරන්නැයි බරපතළ වංචා සහ දූෂණ විමර්ශන කොමිසම එම රාජ්‍ය ආයතනවලට නියම කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ස්වාධීන රූපවාහිනි සේවයේ සාමාන්අධිකාරී මූර්ති විජේසිංහ, නියොජ්‍ය සාමාන්‍ය අධිකාරීවරුන් වන විපුල රත්නසිරි ( වැඩසටහන්) උපාලි රංජිත් (මුදල්) අද දින සිට ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ. පසුගිය රාජපක්ෂ පාලන සමයේදී එම ආයතනේ දේපල දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යොදා ගැනීම හා මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් නොමිළයේම ලබාදිම ආදී චෝදනා රැසක් ඔවුන්ට එරෙහිව එල්ල වී තිබේ.


එමෙන්ම අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියකද, පොල් පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයෙකුද, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයාද, සමුපාකාර තොග වෙළෙඳ සංස්ථාවේ නිලධාරීන් හය දෙනෙකුද, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ රාජකාරි කරන මහියංගණය ප්‍රාදේශීය ලේකම්වරයාද, එම ආයතනවලින් වහාම ඉවත් කරන ලෙස මෙසේ නියම කොට ඇතැයි වාර්තා වේ.

මෙම නිලධාරීන් මෙම ආයතනවල තවදුරටත් රාජකාරි කිරීම එම ආයතන සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට බාධාවක් බවත්, මේ සම්බන්ධයෙන් සාක්ෂි දෙන්නේ එම ආයතනවලම සේවකයන් නිසා ඔවුන්ට බලපෑම් ඇති විය හැකි බවත් පෙන්වා දෙන කොමිසම ඊට පිළියමක් ලෙස මෙම පරීක්ෂණ අවසන් වන තුරු තාවකාලිකව එම නිලධාරීන් ආයතනවලින් ඉවත් කරන ලෙස දැනුම් දී ඇතැයිද සඳහන් වේ.

Last modified on Monday, 16 November 2015 16:09

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us