ජනපතිතුමණි, කැළණි ගඟ, දැදුරු ඔය විනාශ කරන ව්‍යාපාරත් තහනම් කරන්න!

Published in පුවත්
Sunday, 15 November 2015 13:15

කැලණි ගඟේ ජලය දූෂනය කරන කොකා කෝලා සමාගමත් දැදුරු ඔයේ ජලය දූෂනය කරන ජිෆී සමාගමේත් ව්‍යාපාර කටයුතු තහනම් කොට එම කර්මාන්ත ශාලා වසා දමන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට පරිසර සංවිධාන කිහිපයක් හා එම ගංගා ආශ්‍රිතව ජීවත්වන ජනතාවගෙන් සැදුම් ලත් සංවිධන කිහිපයක් මේවන විට සූදානම් වෙමින් සිටින බව අප වෙත වාර්තාවේ.

පසුගියදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් සිය විධායක බලය යොදවා ඇවන්ගාඩ් ව්‍යාපාරය තහනම් කිරීමට කටයුතු කළාක් මෙන් මෙම පරිසරය දූෂණය කරන ව්‍යාපාරද තහන්ම් කළ යුතු බව ඔවුන්ගේ ඉල්ලිම වී තිබේ.

ජනාධිපතිවරයා මිට පෙර අවස්ථා කිහිපයකදීම තමන්ගේ විධායක බලතල යොදා ගනු ලබන්නේ පරිසරය ‍රැක ගැනීම වෙනුවෙන් පමණක් බව ප්‍රකාෂයට පත් කළ ද මේ දක්ව සිය ඇමැති බලතලවත් කිසිදු පරිසර සංරක්ෂණ කටයුතක් වෙනුවෙන් යොදා ගෙන නොමැත.

එමෙන්ම ඇවන්ගාඩ් සමාගමේ ව්‍යාපාරය තම හිතවත් ව්‍යාපරිකයන් වෙත ලබා ගැනිම සඳහා දිවා රෑ අරගල කර කිසිදු දේශපාලන නායකයකු කොකා කෝලා සමාගම හා ජිෆී සමාගම විසින් කරන පරිසර හා මානව විනාශය ගැන වචනයකුදු කතා නොකිරීම විශේෂ තත්වයකි.එමෙන්ම මීට පෙර මහත් විනාශයකට තුඩු දුන් රතුපස්වල ජලදූෂණයට වගකිව යුතු රබර් කර්මාන්ත ශාලාවට එරෙහිවද මේ කිසිවකුත් කතා කළේ නැත. විකුණා බලයට පැමිණි දේශපාලකයන් මේ ගැන තවමත් නිහඬය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us