මහාචාර්ය විජේසූරිය..,මේ අභියෝගය බාරගන්න ! සැඟවී පලා යන්න එපා.. Featured

Published in පුවත්
Saturday, 11 November 2017 16:41

ජනවහරේ කිසිවකුට මූලග්ගිනිකාරයා යැයි අපහාසයෙන් කියන්නේ එම රොගී තත්යව නිසා පීඩාවට පත් වූවන්ට නොවේ. හිටි හැටියේ කෝප වී වියරුවෙන් දඟලන මානසික රෝගී තත්වයන් පෙන්වන තැනැත්තාටය. පසුගියදා පැවැති මදුළුවාවේ සොභිත හිමි අනුස්මරණ උත්සවයද මෙවැනි මූලග්ගිනිකාරයන්ගේ සංදර්ශනයක් බවට පත් විය. තමන් ආවේ මොකටද කරන්නේ කුමක්ද කියන්නේ මොකක්ද යන්න ගැන සිහිකල්පනාවක් නොමැතිව මිනිස්සු නන් දොඩවන විට එතැන විකාරයක් වීම වැලැක්විය නොහැක. එතැන වූයේ ද එයය.

එහිදී ජනාධිපතිවරයාගේ කියුම් කෙරුම් ගැන මීට පෙර සටහනක් තබා ඇති බැවින් මේ සටහන් කරන්නෙ ඒ ගැන නොවේ..මේ සටහන, අනිත් සිවිල් සමාජ වීරයා වන සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ වත්මන් කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය ලියාගෙන ඇවිත් සිදු කළ කතාවේ දී සිදුකළ කරුණු දැක්වීමක් ගැනය.. මේ කරුණු දැක්වීම කරන්නේ අප නොවේ. මහාචාර්යවරයාගේ චෝදනාව එල්ල වූ ඇවන්ගාර්ඩ් ආයතනයයි.

මහචාර්යවරයා ' ඇවන්ගාර්ඩ් ' ආයතනය විසින් සිදු කළ වංචා සඳහා තවමත් දඬුවම් ලබා දීමට රජය අසමත් වී ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇවන්ගාඩ් ආයතනය මෙම ප්‍රතිචාර දක්වා ඇත. Save Avant Garde නමින් පවත්වාගෙන යන ෆෙස්බුක් ගිණුමෙහි මේ සම්බන්ධයෙන් සටහනක් සහ හඬ පටයක් දක්වා ඇත. (ඒ පහත දැක්වේ)

මෙහිදී තම ආයතනය සිදු කළාය කියන නීති විරෝධී කටයුත්තක් තිබේ නම් ප්‍රසිද්ධ විවාදයකට පැමිණ එය ඔප්පු කරන ලෙසද ඇවන්ගාර්ඩ් ආයතනය මේ මහාචාර්ය වරයාට අභියෝග කරයි. ජනාධිපතිවරයාව සහ පොලිස්පතිවරයාව ඉදිරියෙහි තබාගෙන ඔවුන්ව විවේචනය කිරීමට තරම් ' කොන්දක්' මේ මහාචාර්යවරයාට තිබේ නම් හික් මීයෙක් වගේ සැඟවී පළා නොයා මේ කියන අභියෝගය බාර ගනු ඇතැයි අප ද අපේක්ෂාවෙන් පසුවෙමු. ජනතාව සත්‍යය දැනගත යුතුය. සාධාරණ සමාජයක් ගොඩ නැඟිය හැක්කේ බොරුවෙන් නොවේ. ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීමෙන්ය.


ඇවන්ගාර්ඩ් සමාගම නිකුත් කොට ඇති මෙම හඬ පටයේ සඳහන් වන නයිජීරියා ප්‍රහාරක බොට්ටු නිශ්පාදන ව්‍යාපෘතියට සිදුවූයේ කුමක්ද යන්න ගැන වැඩිදුර කරුණු විමසීම සඳහා එම ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු පවසා සිටියේ. බොරු චෝදනා නඟා ඇවන්ගාර්ඩ් ආයතනය විනාශ කර දැමීමට රජයේ ඇමැතිවරු කිහිපදෙනෙකු උත්සහා කිරීම නිසා රටට ඩොලර් බිලියන ගනනක ආදායම් උපයා ගැනීමට තිබූ අවස්ථා ගනනාවක් නැති වී ගිය බවය. තම ආයතනය නීති විරෝධී කිසිවක් සිදු කර නොමැති බවත් සියලුම දේ රජයේ ලිඛිත අවසරය මත සිදු කර ඇති බවත් කප්පන් නොලැබීම නිසා ඇතැමුන් තමන්ට වංචා දූෂණ චෝදනා කරමින් සිටින බවත් ඔහු පවසයි. තම ආයතනය නීති විරෝධී නම් ශ්‍රී ලංකා රජය, මුහුදු ආරක්ෂකයින්ට නිකුත් කරන අවි ආයුධ තැන්පත් කිරීම සඳහා ඇවන්ගාඩ් ආයතනය සතු රතු මුහුදේ පාවෙන අවි ගබඩාව අදටත් පාවිච්චි කරන්නේ කෙසේදැයි ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියේය. පසුගිය සතියේදීද මෙලෙස අවි තැන්පත් කිරීම සිදුව තිබේ. ( ඒ සම්බන්ධයෙන් වන ලියකියවිලි පහත දැක්වේ) මේ වන විට ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාවේ ශ්‍රීලංකාවෙන් නිකුත් කළ අවි 500 කට වැඩි ප්‍රමාණයක් පවතින බවත් ඔහු පවසා සිටියේය.

එසේම වත්මන් රජය ද මෙම නයිජීරියානු බොට්‍ටු නිශ්පාදනය ගැන ව්‍යාපෘති වාර්තාව අධ්‍යනය කර අනුමත කර තිබූ බවත් සේනාධිපති මහතා පෙන්වා දුන් අතර ඊට අදාල ලිඛිත සාක්ෂි ද ඉදිරිපත් කළේය. (එයද පහතින් දක්වා ඇත)

එවකට මෙම නයිජිරියානු බොට්‍ටු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රිලංකා රජය සිදු කළ විශ්ලේෂණයකින් පසුව දෙරට අතර අවබොධතා ගිවිසුමක්ද අත්සන් තැබුණු අතර එය වත්මන් යහපාලන ආණ්ඩුවද පිලිගෙන තිබිණි. මෙම ව්‍යාපෘතිය ආරම්බ කිරීම සඳහා අදාල ප්‍රහාරක බොට්‍ටු දෙකක් නිශ්පාදනය කර නයිජීරියානු රජයට බාර දී ඒ අනුමත කිරීමද සිදුව තිබේ. කෙසේ නමුත් පසුව මෙම ව්‍යාපෘතිය මෙරට නාවික හමුදාවට බාර දීමෙන් එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ඇණ හිටියේය. මේ වන විට නයිජීරියාව මෙරට තානාපති කාර්යාලයද ඉවත් කරගෙන තිබේ.

මෙම ව්‍යාපෘතිය නිසි පරිදි ක්‍රියාත්මක වූයේ නම් 25,000කට පමණ සෘජු හා වක්‍ර ‍රැකියා අවස්ථා හිමිවීමට තිබූ අතර ඩොලර් බිලියනයකට අධික විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට හිමිවීමට නියමිත විය. මේ ආයෝජනය රටට අහිමි කිරීම ජාතික අපරාධයක් බවත් ඔහු පෙන්වා දෙන්නේ තවමත් වත්මන් රජයට ඩොලර් බිලියනයක තරම් ප්‍රමාණයක විදේශ ආයොජන තබා ණයක්වත් ගැනීමට නොහැකිව ඇති බවද අවධාරණය කරමිනි.

ඇවන්ගාර්ඩ් සමාගමේ ෆේස්බුක් ගිණුමෙහි දැක්වූ සටහන 

සරත් විජේසූරිය වෙත කරන අභියෝගයි....


සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය නමින් NGO වලින් ඩොලර් ලබාගැනීමට අටවාගත් සංවිධානයක සභාපති යයි තමන් හදුන්වා ගත් මෙම ඩොලර් කාක්කා වන සරත් විජේසූරිය (මහාචාරී) , ඇවන්ගාර්ඩ් ආයතනයේ වංචා සඳහා තවමත් දඩුවම් ලබා දී නැතයි කියමින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටී.


2017 නොවැම්බර් මස 8 වන දින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයෙදී පැවති අති ගෞරවනීය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ ගුණ සමරු වැඩසටහනේදීද මොහු ඇවන්ගාර්ඩ් ආයතනයේ වංචා සඳහා තවමත් දඩුවම් ලබා දී නැතයි ප්‍රකාශ කර ඇත.එය හුදෙක් වෛරී ප්‍රකාශයක් බව පහත විස්තරයෙන් ඔබට වටහා ගත හැක.


ඇවන්ගාර්ඩ් ආයතනය කිසිදු වංචාවක් හෝ දුෂණයක් කර නොමැති බවට තරයේ ප්‍රකාශ කරන අතර මේ පිලිබදව අප හා සාකච්චා කර ඇත්ත වටහා ගන්නා ලෙස ඇවන්ගාර්ඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා මීට වසර එකහමාරකට පමණ පමණ පෙර (2016 ජනවාරි 16 දින දහවල් 1:54) සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ සරත් විජේසූරිය (මහාචාරී) වෙත දුරකතනයෙන් අමතා ඉල්ලීමක් කර ඇත (පහත ලින්ක් එක click කිරීම මගින් අදාල හඬ පටය ශ්‍රවනය කල හැක).


අදාල දුරකථන සංවාදයේදී සරත් විජේසූරිය (මහාචාරී) අප ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිදුකරන සමාජ සේවා කටයුතු පිළිබඳව එතුමාගේ මිතුරන් මාර්ගයෙන් දැනුවත් බවත් සෑම කතාවකම දෙපැත්තක් ඇතිබවට තමාද පිළිගන්නා නිසා ඔහුගේ දිනපොත පරීක්ෂා කර නිශ්ශංක සේනාධිපති මහතා සමග සාකච්චා කිරීමට වෙලාවක් ලබා දීමට පොරොන්දු වූ නමුත්(මේ සමග ඇති හඬ පටයේ 3.10 මිනිත්තුවේදී), අද වන විට වසර එකහමාරකට ආසන්න කාලයක් ගතව ඇතත් මේ වනතුරු අප සමග කිසිඳු සාකච්චාවකට ඔහු නොපැමිණියේ ඔහුගේ දිනපොත බැලීමට වෙලාවක් නොමැති වූ නිසාද නොඑසේනම් අපගේ සභාපති තුමා හමුවීමට තරම් කොන්දක් නොමැති වූ නිසාදැයි නොවැටහේ.

නමුත් විල්පත්තු කැලය කපන්නේ යයි මේ රටේ මතයක් ගොඩ නැගෙන විට මෙම ඩොලර් කාක්කන් විල්පත්තුව වෙත ස්වේච්චාවෙන් ගොස් කැලය මැන බලා අදාල ප්‍රදේශ වල ජනතාව හමු වී කරුණු හදාරා එසේ වන සංහාරයක් නොවන්නේයැයි තහවුරු කරමින් මාද්‍ය සාකච්චා පැවැත්වුහ.

මෙසේ විල්පත්තු කැලය කපන්නේය යන චෝදනා ලැබුවන් එම චෝදනාවෙන් නිදහස් කරගැනීම වෙනුවෙන් මෙතරම් කැපවීමක් කල මෙම නඩය ඇවන්ගාර්ඩ් සිද්දිය පිළිබද කිසිදු විමසීමක් අප සමග මේ වනතුරු සිදු නොකර මාද්‍ය ඉදිරියේ අප වංචා කරුවන් ලෙස තවදුරටත් හංවඩු ගසමින් සිටී. මොවුන්ගේ මෙම දෙබිඩි පිළිවෙත අප රණ විරුවන් වූ නිසාදැයි හෝ අප විසින් මොවුන් සඳහා කප්පම් ලෙස ඩොලර් ලබානොදෙන නිසාදැයි සැක මතුව ඇත.

අප ආයතනය තුල සේවයකළ රණවිරුවනි, ඔබ වැනි රණවිරුවන් 6000 අසන්න ප්‍රමාණයකට රැකියා අහිමි කිරීමට මුල්වූ දුෂ්ට කුහක නඩයේ ප්‍රධානියෙකු, මෙම සරත් විජේසූරිය (මහාචාරී) බවද අවධාරණය කරමු.

හැකිනම් ඇවන්ගාර්ඩ් සිද්දිය පිළිබද ඕනෑම රුපවාහිනී නාලිකාවක ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස සරත් විජේසූරිය (මහාචාරී) වෙත අභියෝග කරන අතර එම විවාදයේදී අප ආයතනය වංචාවක් සිදුකර ඇති බවට‍ ඔවුන් විසින් ඔප්පුකළහොත් අපගේ සභාපති තුමා ඕනෑම දඬුවමකට යටත් වීමට සුදානම් අතර, එසේ ඔප්පු කිරීමට ඔවුන්ට නොහැකි උවහොත් සරත් විජේසූරිය (මහාචාරී) විසින් අටවාගෙන ඇති සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය නමැති සංවිධානයේ දරන සියලුම තනතුරු වලින් ඉල්ලා අස්වී අප ආයතනයෙන් ප්‍රසිද්දියේ සමාව ගත යුතු බවත් අප ආයතනය මින් අභියෝග කර සිටින්නෙමු.

මීට
ඇවන්ගාර්ඩ් රැකියා අහිමි වුවන්ගේ සංගමය.


හඬ පටය ශ්‍රවනය සඳහා මෙම සැබැඳිය  මත click කරන්න‍ෙ

https://web.facebook.com/SaveAvantGarde/videos/1868456503182989/


අවි රතුමුහුදේ ගබඩා කරගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යංශය කළ දැන්වීම්

MOD Approval 2MOD Approval 1

බෝට්‍ටු ව්‍යාපෘතිය ගැන යහපාලන රජය පත්වීමෙන් පසුව ආරක්ෂක අමාතයංශ්‍ය කළ දැන්වීම

MOD Approval 3
'''

Last modified on Saturday, 11 November 2017 16:46

Leave a comment

worky

worky1

ld add copy

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us