ලංකාවේ බොරු කුඩුකර, ඇවන්ගාර්ඩ්ට යුරෝපයෙන් 'සොක්‍රටීස්' සම්මානය !

Published in පුවත්
Sunday, 16 October 2016 20:26

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් නුවර පිහිටි යුරෝපිය ව්‍යාපාරික සම්මේලනය විසින් ලෝකයේ විශිෂ්ටතම ජාත්‍යන්තර සමුද්‍රාරක්ෂක ක්ෂේත්‍රයේ ව්‍යාපාරික සන්නාමය සඳහා වාර්ෂිකව පිරිනමන ' සොක්‍රටීස් සම්මානය' 2016 වසර සඳහා පිරිනමා ඇත්තේ ශ්‍රිලංකාවේ ඇවන්ගාර්ඩ් සමුද්‍රාරක්ෂක සමාගමටය.

ලොව පුරා පවතින ප්‍රධාන පෙලේ සමුද්‍රාරක්ෂක සමාගම් 175ක් පසුපසට ඇද දමමින් මෙම සම්මානය ඇවන්ගාර්ඩ් සමාගම දිනා ගෙන ඇත. පසුගිය 7 වනදා ප්‍රංශයේ කේන්ස් නුවර කාර්ල්ටන් ඉන්ටර්නැෂනල් හෝටලයේදි මෙම සම්මාන පිරිනැමීම සිදුකොට තිබේ.

කෙසේ නමුත් වත්මන් යහපාලන ආණ්ඩුව බිහිවීමෙන් පසුව ඇවන්ගාඩ් සමාගමට එරෙහිව චෝදනා පිට චෝදනා එල්ල විය. මූල්‍ය චෝදනා, අවිජාවාරම් චෝදනා ඒ අතර විය. මේවන විට අල්ලස් කොමිසම මෙම සමාගම විසින් රජයට පාඩුවක් සිදු කළාය යනුවෙන් චෝදනා කොට නඩු පැවරීම සිදුකොට ඇති අතර බරපතල අපරාධ පිලිබඳ ජනාධිපති විමර්ශන විශේෂ කොමිසමද පසුගියදා නිවේදනය කර තිබුනේ එම විමර්ශන අවසන් කර ඇති බවත් නෛතික පියවර ගන්නා බවත්ය.

මේ අතර ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා අන්දොලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් මෙම සමාගම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම නඩු පැවැරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක්ද එල්ල කළේය.

avan 2

කෙසේ නමුත් ඇවන්ගාර්ඩ් සමාගමට එරෙහිව ක්‍රියාත්මක වූ මෙරට බලවේග දේශපාලන වුවමනාවන් හා කප්පම් මුදල් නොලැබීම හා එම ව්‍යාපාරය තමන් සන්තක කර ගැනිමේ වුවමනාවන් මත ක්‍රියාත්මක වු බව පැහැදිලිව අනාවරණය විය. එහෙත් මේ දක්වා පැහැදිලි චෝදනාවක් එම ව්‍යාපාරයට එරෙහිව සිදුකර නොමැත. අල්ලස් කොමිසම විසින් පැවැරූ නඩුවද විවාදාපන්නය.

මෙරටදි චෝදනා පිට චෝදනා එල්ල වී ඇති මොහොතක ඇවන්ගාර්ඩ් සමුද්‍රාරක්ෂක සමාගමට ජාත්‍යන්තරයෙන් විශිෂ්ට ඇගයුමක් ලැබී තිබීම මෙම චෝදනා සම්බන්ධයෙන් නැවත වරක් සිතා බැලීමට චූදිතයන්ට සිදුවනු ඇති නමුත් කෙසේ හෝ මෙම සමාගම විනාශ කර දැමීමේ නොනිත් ආශාවෙන් පෙලෙන නිසා ඔවුන් ඒ නොසලකා හැරීම සිදුවිය හැකි වූවත් සිහි බුද්ධියක් ඇති ජනතාවට ඒ ගැන නොතකා සිටිය නොහැක.

දේශපාලන න්‍යාපත්‍රයන් මත මේ රටේ අපරාධ විමර්ශන කටයුතු සිදුවන බවට පසුගියදා ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට මෙම සම්මානය මඟින්ද වලංගුතාවයක් ලබා දී ඇති බව කල්පනා කිරීම වැරදි නොවේ.

avan 3

Last modified on Sunday, 16 October 2016 20:38

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us