චම්පිකට රාජ්‍ය ආරක්ෂාව භාර, අලුත් ඇමැති තනතුරක්

Published in පුවත්
Saturday, 22 October 2016 09:23

රාජ්‍ය ආරක්ෂාව හා ආරක්ෂක අංශ සම්බන්ධයෙන් වගකියන සක්‍රීය ඇමැති තනතුරක් අලුතෙන් හදුන්වා දීම සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමුව පවතින බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. මේවන විට මේ සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ නම යෝජනා වී ඇති බව ජනාධිපති කාර්යාල ආර්ංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දෙයි.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍ය ආරක්ෂාව බාර ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා පත් වීම අනිවාර්ය වන අතර ඒ අනුව වත්මනේදී ආරක්ෂක ඇමැතිධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දරනු ලබයි. පසුගිය වකවානුවේදී රාජ්‍ය ආරක්ෂාව හා ආරක්ෂක අංශ සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ කටයුතුවලට මැදිහත්වීම මෙන්ම ඒ සම්බන්ධයෙන් වන එල්ලවන චෝදනා ආදියට ද පිලිතුරු බැදිමට සිදුව ඇත්තේද ජනාධිපතිවරයාටය. ජනාධිපතිවරයා ලෙස තවත් බාරධුර කටයුතු රැසක් ඔහු මත පැවැරී තිබීම හා ආරක්ෂක අංශ අමාත්‍යාංශ නිලධාරීන් හා ආරක්ෂක අංශ ප්‍රධානින් සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන යාමට නොහැකිවීම මත ඒ වෙනුවෙන් මෙම අලුත් තනතුර ඇති කිරීම කෙරෙහි බලපා තිබේ.

මේවන විට පසුගිය රජය සමයේදී ඇතැම් සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් ‍රැසක් රිමාන්ඩ්බාරයේ සිටින අතර තවත් ආරක්ෂක අංශ නිළධාරීන් ‍රැසකට චෝදනා එල්ල වී පවතී. මෙවන විට ඇතැම් සිදුවීමක් සම්බන්ධයෙන් නඩු පැවැරීමද සිදුව තිබේ. එමෙන්ම ඉදිරි කාලයේදී මානව හිමිකම් කඩවීම හා යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් යම් නිතිමය පියවරයන් ගැනීමද සිදුවිය හැකිය. ඒ අනුව ජනධිපතිවරයාට ආරක්ෂක ඇමැතිවරයා ලෙස ඊට සෘජුව මැදිහත් වීමේ අසිරුතාවය හේතුවෙන් එම කටයුතු නිසි ආකාරයෙන් කලමනාකරණය කඝ හැකි දක්ෂ සහයකු ගේ අවශ්‍යතාවය මතුව ඇත.


මිට පෙර මෙරට සිටි රාජ්‍ය නායකයන් විසින් ද මෙලෙසම එම විෂය ක්ෂෙත්‍රය ආවරණය කිරීම සදහා විශ්වාසවන්තයකු පත් කරගෙන තිබිණි. හිටපු අගමැතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය වෙනුවෙන් එම වගකීම ඉසුලුවේ ‍ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාය. ඔහු එම වගකීම ඉහලින්ම ඉ‍ටුකළ අයකු බවද ප්‍රකටය. විශෙෂයෙන්ම නවසිය හැට දෙකෙදී පැවැති ආණ්ඩුව පෙ‍රැලීම සඳහා වූ හමුදා කුමන්ත්‍රණය පරාජය කළේ ඔහුගේ මෙහෙයුමක් අනුවය. එවකට ඔහුගේ වයස අවුරුදු 31 කි. ජේ ආර් ජයවර්ධන යුගයේදී රාජ්‍ය ආරක්ෂාවට වගකිව් ඇමැතිවරයා වූයේ ලලිත් ඇතුලත්මුදලි මහතාය. ආර්. ප්‍රෙමදාස යුගයේදී, රංජන් විජේරත්න මහතා එම කාර්යභාරය ඉ‍ටු කළ බලගතු පුද්ගලයකු විය. අනුරුද්ධ රත්වත්තේ මහතා චන්ද්‍රිකා බන්ඩාරනායක වෙනුවෙන් ඒ කාර්යභාරය ඉ‍ටු කලේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ වගකිම බාර දුන්නෙ එවක ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා වෙතය.

එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් කරන ලද කරුණාසේන හෙට්ටිආරචි මහතා හෝ ආරක්ෂක රාජ්‍ය ඇමැති ලෙස ඇමැතිධුරය හොබවන රුවන් විජේවර්ධන මහතාගෙන් අපේක්ෂිත කාර්යභාරය ඉ‍ටු වු බව පෙනෙන්නට නැත. එමෙන්ම රුවන් විජෙවර්ධන මහතාට අමාත්‍යංශ විෂය පථ වෙන් කිරීමේදි ලබා දි තිබෙන ආයතන කිහිපය රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සෘජුව සම්බන්ධිත ආයතනද නොවේ. එසේම ජනාධිපතිවරයා ආපෙක්ෂාකරන වගකීම ඉ‍ටු කිරීමට තරම් ඔවුන් වෙත පැවැරුණු වගකීම් ඉ‍ටු කිරීමදී ඊට හෝ සමත්කම් පෙන්වා ඇති බවද නොපෙනේ. මේ තත්වය අනුව නව ධුරයක් නිර්මාණය කර ඒ වෙනුවෙන් ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයකු වෙත එම තනතුර ලබා දීම නුදුරේම සිදුවනු ඇත.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us