ඉවැන්ජලිකයන් නිසා කතෝලික පල්ලිය ආණ්ඩු විරෝධීවේ

Published in පුවත්
Saturday, 22 October 2016 09:52

මෙතෙක් ශ්‍රිලංකාවේ නිල වශයෙන් පිලිගැනිමට ලක්ව නොතිබූ ක්‍රිස්තියානි ඉවැන්ජලික සභාවට පිලිගැනිමක් ලක්වන ලෙස පසුගියදා ඇමරිකාවේ පිහිටි එම ආගමික මුලස්තානය මගින් මෙරට එම දේව මෙහෙයන් සිදු කරනු ලබන පාදිලිවරුන්ට (ෆාස්ටර්වරු) නිල පූජකවරම ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රීලංකා ක‍තෝලික සභාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව වාර්තාවේ. විශේෂයෙන්ම වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු හා හිටපු ඇමැතිවරියක මේ සදහා සෘජු මැදිහත්වීමක් සිදු කිරීම හා ආණ්ඩුව ඒ සඳහා අවසරය ලබා දීම හේතුවෙන් ක‍තෝලික සභාව තම කනස්සල්ල ආණ්ඩුවේ ප්‍රධානින් වෙත පළ කර තිබෙන බවත් දැන ගැනිමට තිබේ.

15 වෙනි සියවසේදි පමණ බිහිවූ මෙම ඉවැන්ජලික ක්‍රිස්තියානි නිකාය හා ක‍තෝලිකයන් අතර දැඩි ආගමික ගට්ටනයක් එම ඉතිහාසය පුරාම තිබිණි. ක්‍රිස්තියානි නොවන අනෙක් ආගමිකයන් හා කතොලිකයන් එම නිකාය වෙත හරවා ගැනිම සඳහා ද්‍රව්‍යමය ප්‍රතිලාබ ලබා දෙමින් මූලධර්මවාදී ආගමික මතවාදයන් ප්‍රචාරය කිරීම නිසා ලෝක මට්ටමෙන්ම ක‍තෝලික සභාව දැඩි අර්බුදයකට ගොස් ඇත. පසුගිය දශක කිහිපයක් පුරා මෙම ඉවැන්ජලිකයන් මෙරට ක්‍රියාත්මක වු අතර සමාජයේ විවිධාකාරයෙන් පීඩාවට පත්වූවන් එම ආගමික සභාව වෙත නම්මවා ගැනීම සම්බන්ධයෙන් බෞද්ධ හා හින්දු ආගමිකයන්ගෙන්ද චෝදනා එල්ලවී ඇත.

ශ්‍රිලංකා කා‍තෝලික සභාව මේ තත්වයට එරෙහිව ක්‍රියාත්මක වූ අතර එම ඉවැන්ජලික ආගමික සභාව මෙරට පිලිගැනිම වැලැක්වීම වෙනුවෙන් ක්‍රියාත්මක විය. එහෙත් වත්මන් පාලකයන් වෙතින් ඉවැන්ජලික සභාව පිලිගැනිමට ලක් කරන්නෙ නම් තව දුරටත් වත්මන් ආණ්ඩුව හා සහයෝගයෙන් කටයුතු කිරීම වෙනුවට එම තත්වයන් වෙනස් කර ගැනීම සඳහා ක‍තෝලික සභාව දැඩි පියවර ගත යුතු බව එහි ප්‍රධානින්ගේ තීරණය වී තිබේ.

එසේම ක‍තෝලික ප්‍රජාව වැඩි වශයෙන් ජිවත් වන ප්‍රදෙශයන් සම්බන්ධයෙන් මේවන විට පාරිසරික හා සමාජ අර්බුදවලට හේතුවක් බවට පත් වෙමින් තිබෙන කොළඹ මූල්‍ය නගරය ඉදිකිරීම, ඒකල කුණු ප්‍රශ්නය, පුත්තලම හොල්සිම් සිමෙන්ති කම්හලේ අපද්‍රවය ප්‍රශ්නය හා මීගමුව ආදි ප්‍රදේශවල සිදුවන වැලි කැපිම ආදි ගැටලු සම්බන්ධයෙන් ඊට විරෝධය පල කෙරෙන ජනතා උද්ඝෝෂණයන්ට සහය දීම හා ඒ වර්ධනය කෙරෙන ආකාරයෙන් කටයුතු කිරීමද ඉදිරියේදී සිදුකිරීම කෙරෙහි අවධානයද යොමුව පවතින බව වාර්තා වේ. පසුගියදා පැවැති ධීවර උද්ඝෝෂණයන්ට ක‍තෝලික පල්ලියේ සහයෝගය හිමි වූයේද ඒ අනුවය. මේ සඳහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිගේ ආශිර්වාදය ද හිමිව ඇති බව පැවසේ. 

Last modified on Saturday, 22 October 2016 09:57

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us