ඇවන්ගාඩ් චෝදනාත් දේශපාලන න්‍යායපත්‍රයක් මත කෙරෙන බවට ජනාධිපතිගෙන් දෝස්මුරයක්

Published in පුවත්
Wednesday, 12 October 2016 20:26

ඇවන්ගාඩ් සමුද්‍රාරක්ෂක සමාගමට පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉඩ ලබාදීම මඟින් රජයට කෝටි 1140 ක් පාඩුවක් සිදු කළාය යන චෝදනාව අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණය හමුවේ නඩු පැවැරීම දේශපාලන න්‍යාපත්‍රයක් අනුව සිදු වුවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර ඇත.


අද (12) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති "සත්විරු සංහිඳ" නිවාස හා ඉඩම් හිමිකම් ප්‍රදානෝත්සවය අමතමින් මෙම නඩු විභාගයේදී හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු අධිකරණය හමුවට කැඳවීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය අප්‍රසාදය ඉතා දැඩිව හෙළ දැක්කේය.


ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කර ඇත්තේ අරමුණක් සහ ප්‍රතිපත්තියක් මත බවත් ඊට අදාළ විෂය ක්‍ෂේත්‍රය එහි සේවය කරන්නන් දැනගත යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.


'මීට සතියකට කලින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ නාවික හමුදාවේ නාවික හමුදාපතිවරු තුන් දෙනෙක් උසාවියට අරගෙන ගියා. මම සම්පුර්ණයෙන් මගේ අප්‍රසාදය පළ කරනවා යුද්ධය කරපු නාවික හමුදාපතිවරු තුන් දෙනෙක් උසාවියට දක්කාගෙන යාම පිළිබඳව.' යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසීය ඇවන්ගාර්ඩ් ප්‍රශ්නය සම්බන්ධයෙන් ක්‍රියා කළයුතු ක්‍රමයක් පිලිවෙලක් තිබෙන බවත් ඔහු විසින් අවධාරණය කරනු ලැබීය. එමෙන්ම ආරක්ෂක අංශ නිලධාරීන් සම්බන්ධයෙන් ගන්නා නීතිමය ක්‍රියාමාර්ගයන් පිළිබදව තමන්ව දැනුවත් නොකිරීම ගැනද ජනාධිපාතිවරයා විරෝධය පල කළේය

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෝ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දේශපාලන න්‍යාය පත්‍ර මත ක්‍රියා කරන්නේ නම් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බවට ජනාධිපතිවරයා මෙහිදී අනතුරු ඇඟවීය.

'මම විවෘතව මේ රටේ ජනතාවට කියනවා, මම ජනාධිපති වුණේ උසාවියට ටෙලිෆෝන් කෝල් දෙන්න නෙමෙයි. මම කිසිම වෙලාවක හමුදාව දුර්වල කරන්න කටයුතු කරන්නේ නැහැ. හමුදාව දුර්වල කරන්න මම ඉඩ දෙන්නෙත් නැහැ.' යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අඩංගු වීඩියෝව මෙතැනින් නැරබිය හැක

කෙසේ නමුත් මේ වන විට ගොඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට ඇවන්ගාඩ් ප්‍රශ්නය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවරා තිබෙන නඩුව සම්බන්ධයෙන්ද විවාදාත්මක තත්වයක් පවතී. මන්ද මෙයට පෙර නොතිබුණු ව්‍යාපාරික අවස්ථාවක් නිර්මාණය කරමින් ඇවන්ගාර්ඩ සමාගම විසින් රජයට වැඩි ලාබයක් අත්පත් කර දි තිබියදී එමඟින් රජයට පාඩුවක් කළාය යන්න මුලික වශයෙන්ම සැක සහිත චෝදනාවකි. එමෙන්ම මෙහිදී ඉදිරිපත් කෙරෙන රුපියල් කෝටි 1140 ක මුදල යනු එම ව්‍යාපාරය සිදු කරගෙන ගිය වසර තුනක කාලයට අදාලව සම්පූර්ණ පිරිවැ‍ටුම වේ. ඒ අනුවද මෙම චෝදනාව මුලික වශයෙන්ම වැරදි සහගතය.

එමෙන්ම අල්ලස කොමිසම මෙම චෝදනාව කරන්නේ අල්ලස පනතේ 70 වන වගන්තිය අනුවය. මෙම වගන්තියද විවාදාපන්නය.

මේ වගන්තිය මෙසේය,

ආණ්ඩුවට අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස පාඩු සිදු කිරීමෙන් හෝ තමා වෙත හෝ යම් තැනැත්තකු ලෙස අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස අර්ථ ලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් සිදු කිරීමේ චේතනාවේන්, හෝ ආණ්ඩුවට හෝ යම් තැනැත්තකුට අයුතු සහගත ලෙස හෝ නිති විරෝධී ලෙස පාඩු සිදුවිය හැකි බව නැතාහොත් යම් තැනැත්තකුට අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස අර්ථ ලාභයක් , අනුග්‍රහයක් වාසියක් සැලසෙන බව දැන දැනම පහත සඳහන් යාම් ක්‍රියාවක් , එනම්

(අ) රජයේ සේවකයකු වශයෙන් වූ ස්වකීය ධුරය ප්‍රකාර කිරීමට තමාට බලය පැවැරී ඇති යම් ක්‍රියාවක් කරන හෝ කිරීමෙන් වැළකී සිටින;

(ආ) රජයේ සේවකයකු වශයෙන් වූ ස්වකීය ධුරය ප්‍රකාර කිරීමට වෙනත් රජයේ සේවකයකුට බලය පැවැරී ඇති යම් ක්‍රියාවක් ඉ‍ටු කිරීමට හෝ ඉ‍ටු කිරීමෙන් වැලැකී සිටීමට , වෙනත් රජයේ සෙවකයකු පොළඹවන ;

(ඇ) රජයේ සේවකයකු වශයෙන් වූ ස්වකීය ධුරය ප්‍රකාර යම් තීරණයක් ගැනිමෙහිලා සහභාගී වන ;

(ඉ) රජයේ සෙවකයකු වශයෙන් ස්වකීය ධුරය කෙළින්ම හෝ ආන්‍යාකාරයකින් හෝ පාවිච්චි කිරීමෙන් යම් ක්‍රියාවක් ඉ‍ටු කිරීමට හෝ ඉ‍ටු කිරීමෙන් වැලැකී සිටීමට වෙනත් තැනැත්තකු පොළඹවන

යම් රජයේ සෙවකයකු, දූෂණය පිළිබඳ වරද සම්බන්ධයෙන් වරද කරු විය යුතු අතර , මහේස්ත්‍රාත්වරයකු විසින් පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරද කරු කරනු ලැබූ විට අවුරුදු දහයක් නොඉක්මවන කාලයක් සඳහා බන්දනාගාර ගත කිරීමකට හෝ රුපියල් එක් ලක්ෂයක් නොඉක්මවන දඩයකට හෝ ඒ බන්ධනාගාර ගත කිරීම හා දඩය යන දඬුවම් දෙකට ම හෝ ඔහු යටත් විය යුතුය. "


අල්ලස් හෝ දුෂණ විමරශන කොමිසමේ වර්තමාන නිලධාරීන්ට මෙම නෛතික වගන්තිය ගෝඨාටාභය රාජපක්ෂ මහතාව වරද කරුවකු කිරීම සඳහා මේ ආකාරයෙන් යොදා ගැනිමේ හැකියාව ලැබුනේ හිටපු අධිකරණ ඇමැති ජී ඇල් පීරිස් මහතා නිසාය. මන්ද ඒවකට පැවැති අල්ලස් වරද සම්බන්ධයෙන් වූ නීතිය සංශෝධනය කර 1994 ඔක්තොබර් මස 27 වන දින පාර්ලිමෙන්තුව මගින් සමත කළ 1994 අංක 20 දරණ අල්ලස් ( සංශෝධන) පනත ඔහුගේ අප්‍රතිහත මන්සියේ ප්‍රතිපලයක් නිසාය.එතෙක් නාමිකව තිබු ආල්ලස් හෝ විමර්ශන කොමිසන් සභාව සක්‍රිය කර ඒ පිහි‍ටුවීමද ඔහුගේ වෑයම නිස සිදු වුවකි. අල්ලසට දුෂණයට එරෙහිව කටයුතු කරන බව 1994 අගොස්තු 17 වැනි දින මෙරට විධායක ජනධිපතිධුරයට පත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් විය. එම රජයේ අධිකරන ඇමැති වරයා වූයේ මහචාර්ය ජී ඇල් පීරිස මහතාය.

කෙසේ නමුත් මෙම වගන්තිය ප්‍රකාරව ඇමැතිවරයකු යම් සද් චේතනාවකින් යුතුව හෝ අසරණයකුට සහනයක් පිණිස හෝ ගන්නා පියවරක්, අල්ලස් පනත යටතේ ආණ්ඩුවට පාඩු කරන ක්‍රියාවක් විය අර්ථකතනය කළ හැකිව තිබේ.

Last modified on Wednesday, 12 October 2016 20:34

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us