විදේශ ගුවන් නියමුවන්, නාවික කපිතාන්වරු ලංකාවේ වැඩට බය වෙයි

Published in පුවත්
Sunday, 10 July 2016 10:31

මෙරට ගුවන් සේවාවන් වල ‍රැකියා කරන ප්‍රධාන ගුවන් නියමුවන් හා නෞවුකාවල සේවය කරන නාවික කපිතාන් වරු සම්බන්ධයෙන් බල පවත්වන නීතිය කුමක්දැයි මේවන විට ජාත්‍යන්තර වශයෙන් කතා බහට ලක්වෙමින් තිබේ.

ජිනීවා හී පැවැති මානව හිමිකම් සමුළුව සදහා සහභාගී වූ අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතාගෙන් මේ සම්බන්ධයෙන් රුසියානු රාජතාන්ත්‍රික නිළධාරියකු විමසා ඇති බවත් දැන ගැනීමට තිබේ. ඔහු මෙරට සේවය කරන විදේශ ගුවන් නියාමුවන් හා නාවික කපිතාන් වරු සම්බන්ධයෙන් මේ විමසා ඇත්තේ ඇවන්ගාර්ඩ් නෞකාවේ යුක්‍රෙන් ජාතික කපිතාන් වරයා අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම මේ වන විට ජාත්‍යන්තර වානිජ නාවික ක්ෂෙත්‍රය තුල දැඩි කතා බහකට ලක්ව තිබීම මතය. මෙම යුක්‍රේන් ජාතික කපිතාන් වරයා අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කිරීමෙන් පසුව ඊට පසු දිනම යළිත් එම චෝදනාව මතම අත්අඩංගුවට ගෙන රදවා තබාගැනීමට එම අධිකරණය විනිසුරුවරියම කටයුතු කර තිබේ. අනවසර ගිනි අවි ගබඩා කර තබාගැනීම හා ඒවා මෙරටට ආනයනය කිරීමේ චෝදනාව මෙම කපිතාන්වරයාට එල්ල වී තිබේ. නමුත් මෙම නඩුවෙන් එම ගිනි අවි නීත්‍යානු කූල හා මෙරට ගෙන ආවේ රජයේ අවසරය මත බවත් අධිකරණය හමුවේ ඔප්පු විය.

එසේම මුල් අවස්ථාවේදී කපිතාන් වරයා සමග අත් අඩංගුවට ගත් එම ගිනි අවිවල බාර කරුවන් වූ රක්නා ලංකා සමාගමේ නිළධාරීන් දෙදෙනාව ද පළමු අධිකරණ තින්දුවෙන් නිදොස් කොට නිදහස් කෙරිනි. නැවත කපිතාන්ව අත් අඩංංගුවට ගැනීමේදී ඔවුන් හෝ මෙම ගනු දෙනුවට සම්බන්ධ වෙනත් කිසිවකු අත් අඩංගුවට ගැනීමාක් හෝ චෝදනාවක් ඉදිරිපත්ව නැත. මෙය අභුත චෝද්නවක් බව නීති ක්ෂෙත්‍රයේ පිරිස් පෙන්වා දෙයි. යම් ලෙසකින් මෙම කපිතාන් වරයා තමාට එරෙහිව ශ්‍රී ලංකාවේ රජය අසාධාරණ ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගත හොත් ඔහුට ජාත්‍යන්තර නාවික නීති රීති අනුව රුපියල් බිලියන 2 කට වැඩි වන්දියක් ඉල්ලා ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවැරිය හැකි බවද පැවැසේ. මේ නිසා නැවත ඔහුව අත් අඩංගුවට ගෙන රදවා තබා ගනිමින් කුමක් හෝ වරදක් පටවා මෙම ගැටලුවෙන් නිදහස් වීමට ශ්‍රි ලංකා ආණ්ඩුව මේ මොහොතේ යම් උත්සාහයක් ගනිමින් සිටීන බවට සාධාරණ සැකයක් ද ඇතිව තිබේ. විශේෂයෙන්ම මෙම නැවෙහි තිබු අවි ආයුධ කිසිවක් නිති විරෝධී නොවන බවට රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා දුන් වාර්තාවේ සඳහන්ව තිබුණද එම අවි නැවත වරක් පරික්ෂා කරන ලෙසට අධිකරණය මගින් නියොගයක් ලබා ගැනීමේ උත්සාහය ද යම් කුමන්ත්‍රණයක පියවරක් විය හැකි බව නීතිවේදීන් පෙන්වා දෙති. එහෙත් රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරියා අධිකරණයට දැනුම් දී ඇතැයි පැවැසෙන්නේ තමන්ට වැරදීමක් සිදු නොවුන බවත් දිර්ග කාලයක් මෙම පරික්ෂාව කළ බවත් යළි දීමට සිදුවනු ඇත්තේද පෙර වාර්තාවම පමණක් බවය.

කෙසේ නමුත් මෙම නඩු විභාගය අනුව යම් ගුවන් යානයකින් , මත් කුඩු පැකට් එකක කිසිවකු හෝ මෙරටට ‍රැගෙන එමේදී අසු වුවහොත් එම ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවාවද අත්අඩංගුවට ගැනීමක් වුව සිදු විය හැකිය. එමෙන්ම මෙරට නැව් මඟින් නීති විරෝධිව ගෙන එන භාණ්ඩ හසු වීමේදී එම නාවික කපිතාන් වරුන්වද අත්ඩංගුවට ගැනීමේ හැකියාවක් තිබේ. මේවන විට ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රශ්න කරමින් සිටින්නේ මම තත්වයයි.

මෙරට විදේශ ගුවන් නියමුවන් හා විදේශ නාවික කපිතාන් වරු දෙසීයකට ආසන්න ප්‍රමාණයක් සේවය කරයි.

සැබැඳි පුවත්:

ඇවන්ගාඩ් කපිතාන් රිමාන්ඩ් කිරීම සහ කිං කැකිල්ලෙගෙ නංගිලාගේ වැඩ

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us