මහින්දගේ හීන කැබිනෙට්‍ටු‍වෙන් ඒකාබද්දේ තවත් බෙදෙයි

Published in පුවත්
Friday, 08 July 2016 19:48

රාජපක්ෂ සහෝදරයින්ගේ බලපොරය හේතුවෙන් එම පාර්ශවයේ ඇතිවූ බෙදීම ඡායා කැබිනෙට්ටුව එළිදැක්වීමත් සමඟ තවදුරටත් හෙළිදරව් වෙමින් ඇත.

අප වෙත වාර්තා වන අන්දමට මෙම ඡායා කැබිනෙට්ටුව සකස් කර ප්‍රසිද්ධ කිරීමේ වගකීම ගෙන තිබෙන්නේ එම පාර්ශවයේ සිටින මාධ්‍ය ප්‍රචාරණ ඔස්තාර් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ මුලිකත්වයෙන් සැදුම්ලත් කමිටුවක් විසිනි. ඒ බව අද (08) පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 4 පැවති මාධ්‍ය හමුවකදී ඩලස් මන්ත්‍රීවරයා පිළිගත් අතර ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියේ මාස 6ක දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව අදාළ අමාත්‍යංශ පවරන්නට කටයුතු කළ බවය.

කෙසේ වුවත් ඩලස් මන්ත්‍රීට හත්පොලේ ගාගන්නට සිදුවුයේ මෙම ඡායා කැබිනෙට්ටුව ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව සිදුකළ කුමන්ත්‍රණයක් බව ප්‍රසිද්ධවීමත් සමඟය. ඒ එය සිදුවුයේද එම පාර්ශවයේම පිරිස් අතින්ය.

විමල් මන්ත්‍රීගේ සී නිවුස් වෙබ් අඩවිය මෙම ක්‍රියාව පැහැදිළි කුමන්ත්‍රණයක් බව සඳහන් කර තිබු අතර මහින්දට ඥාති වෙන්න ඔන්න මෙන්න සිටින ලොහාන් රත්වත්තේ මන්ත්‍රී ද මාධ්‍ය වෙත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ තමන්ව ජායා කැබිනෙට්ටුවේ නගර නිර්මාණ හා ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස නම් කිරීම ගැන කිසිඳු දැනුවත්භාවයක් නොමැති බවය. එසේම තමන්ව එයින් ඉවත්කරන ලෙස තමන් ඉල්ලු බවද ඔහු පවසා තිබිණ.

මහින්ද පාර්ශවයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට නම් මේ ඡායා කැබිනෙට්ටුව සකස් කර තිබෙන්නේ මහින්දගේද අනුදැනුම ඇතුවය. ඒ එදිනෙදා දේශපාලන කටයුතු විවේචනය කිරීම වෙනුවට විධිමත් වැඩපිළිවෙලක් තුළ ආණ්ඩුව කවුන්ට් කළ යුතු බවට බැසිල් විරෝධී නඩය ලෙස මේවන විටත් හංවඩු ගැසී සිටින නඩය මහින්දට යෝජනා කර ඇති අවස්ථාවකදීය.

මහින්ද සමඟ නැගිටින්නට ගිය උදවිය මොන දේට මහින්දගෙන් අනුමැතිය ගත්තත් නටන්න ඇත්තේ බැසිල් ගහන බෙරයට අනුවය. ඒ ගැන අප මීට පෙරද හෙළිකර සිටියෙමු. මෙතනදී ඩලස්ට හත්පොළේ ගාගෙන ප්‍රසිද්ධියේ කිච වන්නට කටයුතු යෙදුනේද බැසිල්ගේ පදයෙන් පිට නටන්නට ගිය නිසාය.

වාර්තා වන අන්දමට ගෝඨාභයව ජාතික දේශපාලනයෙන් ඈත්කර බැසිල් හරහා තම දේශපාලන කටයුතු සිදුකල යුතු බවට මහින්ද ගත් තීරණයට ඩලස් ඇතුළු පිරිස එකඟතාවය පළ කර නොමැත. එපමණක් නොව පසුගිය සති කිහිපයක පටන් බැසිල්ගේ මුලිකත්වයෙන් සිදුවන දේශපාලන කටයුතුද ඔවුන් වර්ජනය කර ඇත.

ඒ අනුව ඡායා කැබිනෙට්ටුව එළිදක්වා තිබෙන්නේ මහින්ද සමඟ නැගිටින්න ඉන්න නඩයේ බැසිල් විරෝධී පාර්ශවය විසින්ය. මේ ගැන බැසිල්ගේ නඩය වහා බැසිල්ව දැනුවත් කර ඇති අතර පසුව ඔවුන් එකතුව මීට එරෙහිව ක්ෂණික මෙහෙයුමක් සංවිධානය කර ඇත. ඒ බැසිල් විරෝධී නඩයේ කටයුතු ජනතාව හමුවේ කිච කර ඔවුන්ට යන එන මං නැතිකර දැමීම සඳහාය.

පසුව එම මෙහෙයුම දියත් කිරීමේ කාර්ය උපවාස නිපුන් විමල් හට භාරදී ඇති අතර ඔහුද ලැබුණු උපදෙස් මත වැඩකළා මිස කෙළවන්න යන්නේ කාටදැයි දැනසිට නැත. අද දවල් වන තුරුත් උපවාසගේ උදවිය ජායා කැබිනෙට්ටුව වෙනුවෙන් සමාජ ජාල වෙබ් අඩවි වල කඩේ යමින් සිටියේ එනිසාය. ඩලස්ද තමන් කිච කරන මෙහෙයුමක් බැසිල්ගේ නඩය හරහා දියත්වන බව දැනසිට නැත. ඔහුද ඒ බව දැනගෙන ඇත්තේ හිතවතෙකු කළ දැනුම්දීමක් හරහා වන අතර පසුව පාර්ලිමේන්තුවේ මාධ්‍ය හමුවක් පවත්වා ජායා කැබිනෙට්ටුවේ වගකීම භාරගෙන තිබෙන්නේ බැසිල්ගේ නඩය සමඟ එකට එක කිරීමක් ලෙසින්ය.

කෙසේ හෝ අන්තිමට නැට්ටේ සිට ගොම ගාගෙන ඩලස් අසරණ වූ අතර මේ අයුරින් ප්‍රසිද්ධියේ කිච කිරීමට හේතුව විමසු හිතවතෙකුට ඩලස් නෝන්ඩි හිනාවක් ඇතුව පවසා ඇත්තේ, "ඔය මටනේ කොරන්න ගියේ.. වෙන්නෙ මොකද කියලා ටිකක් සද්ද නැතුව බලං ඉන්නකෝ" කියාය.

මේ පිළිබඳ තවත් තොරතුරු බලාපොරොත්තු වන්න ....

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us