ඒඅනුව අද දින ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීන්දු කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ කෙසේ නමුතු ඔහු තමන් ඇවන්ගාර්ඩ් අවි ගබඩාව සම්බන්ධයෙන් පසුගියදා පර්ලිමේන්තුව තුලදී සිදු කළ ප්‍රකාශය වෙනුවෙන් පෙනී සිටියේය.
එහෙත් පසුව පැමිණි තත්වයන් හමුවේ අද දින මාධ්‍ය හමුවක් කැඳවා සිය ස්ථාවරය ප්‍රකාශ කිරීමටද නියමිතය. මේ අතරජනතා විමුක්ති පෙරමුණ ඇමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ද ගෙන ඒමට නියමිත අතර ඒ සඳහා එජාපයේ මන්ත්‍රීවරුන්ගේ සහයද හිමිව තිබේ.