කුමාර්ව ගත්තේ ගෝඨා, ඒ ගැන පරීක්ෂණ කරන්න - අනුර

Published in පුවත්
Monday, 09 November 2015 20:10

පහුගිය කාලේ සිදුවුණ ඝාතනවලට සහ පැහැරගැනීම්වලට වගකිව යුත්තේ ගෝඨාභය රාජපක්ෂ බව, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පක්ෂයේ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. එමෙන්ම මේවනවිට ඇවන්ගාඩ් පෙරමුණක්ද බිහිවී ඇතිබව හෙතෙම පැවසීය.

එහිදී අදහස් දැක්වූ අනුර දිසානායක මහතා මෙසේපැවසීය.

දැන් ඇවන්ගාඩ් පෙරමුණක් බිහිවෙලා තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ කල්ලියත් වර්තමාන ආණ්ඩුවේ සැලකිය යුතු පිරිසකුත් මාධ්‍ය ආයතන කිහිපයකුත් වෙබ් අඩවි කිහිපයකුත් මේ ඇවන්ගාඩ් පෙරමුණේ ඉන්නවා. මේ සියලූ දෙනා කලබල වෙලා කුපිත වෙලා ජවිපෙ ප‍්‍රධාන සතුරා බවට පත්කරගෙන ජවිපෙට එරෙහිව මඩ අවලාද රැල්ලක් දියත් කරමින් ඉන්නවා.

විජයදාස රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේදී කිව්වා ගෝඨාභය අත්අඩංගුවට ගන්න කියලා සමහරු කිව්වා කියලා. ඔහු නොකියා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගැනයි. ඒ අතර ගෝඨාභය රාජපක්‍ෂ කියනවා කුමාර් ගුණරත්නම් පැහැර ගන්න ජනතා විමුක්ති පෙරමුණ තොරතුරු ලබාදුන්නා කියලා. අපි ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රකාශය මුළුමනින්ම ප‍්‍රතික්‍ෂෙප කරනවා. ඡායාරූප ලබාගැනීමට හෝ තොරතුරු ලබාදීමට අපිට කිසිදු වුවමනාවක් තිබුණේ නැහැ. කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමට අපි කිසිදු මැදිහත්වීමක් කළේ නැහැ. 2012 අපේ‍්‍රල් 10 විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව ඔහු පිළිබඳ සියලූ විස්තර ආණ්ඩුව සතුව තිබුණු බවට පැහැදිළි වෙනවා. ඔහු ලංකාවට පැමිණි විස්තර, විදේශ ගමන්බලපත‍්‍රවල තොරතුරු ආණ්ඩුව සතුව තිබෙනවා. එනිසා දැන් හොඳටම පැහැදිලි වෙනවා මේ සියලූ දෙනා ඇවන්ගාඩ් පෙරමුණේ ආරක්‍ෂකයන් බව.

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගත්තා නොවෙයි, ඇත්තටම සිදුවූයේ පැහැරගැනීමක්. ඔහු සමඟ දිමුතු ආටිගල පැහැර ගත්තා. කුමාර් ගුණරත්නම් මාධ්‍යවලට කියා සිටියා, එනිසා දැන් හොඳටම පැහැදිළියි. පැහැර ගත්තේ කව්ද කියලා. ගෝඨාභය රාජපක්‍ෂ කියා තිබෙනවා කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ නිවසක සිටින බවට ඇමතුමක් ලැබුණා කියලා. එම පැහැරගැනීම සිදුකළ බවට ඔහු විසින්ම දැන් ප‍්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ada.lk

සැබැඳි පුවත්: 

ගුණරත්නම්ව අත්අඩංගුවට ගන්න තොරතුරු දුන්නේ අනුර ! - ගොඨා (හඬපටය)

එදා පුද්ගලයන් පැහැර ගත් බව ගෝඨා පිලිගත්තා. ඒ ගැන සිවිල් සංවිධාන නිහඬ ඇයි ?

 

Last modified on Monday, 09 November 2015 20:12

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us