ගුණරත්නම්ව අත්අඩංගුවට ගන්න තොරතුරු දුන්නේ අනුර ! - ගොඨා (හඬපටය) Featured

Published in පුවත්
Friday, 06 November 2015 22:23

2012 වසරේ අප්‍රේල් 7 වන දින පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධානියකු වූ ප්‍රෙම්කුමාර් ගුණරත්නම් මහතා අත් අඩංගුවට ගැනීමට සඳහා එවකට ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතාට අවශ්‍යව තිබුණු බවත් ඒ සඳහා තමන්ට තොරතුරු දුන්න බවත් එවකට ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.ඔහු මේ බව ප්‍රකාශ කළේ 'සත්හඬ' පුවත්පතට දුන් සම්මුඛ සකච්ඡාවක් අතර තුරදීය. එහි හඬ පටය අප වෙත ලැබී තිබේ.(යූ ටියුබ් වීඩියෝවක් ලෙස ඇති හඬ පටය පහතින් දක්වා ඇත)

ජනතා විමුක්ති පෙරමුණට පෙර‍ටුගාමී පක්ෂයෙන් එල්ල වී තිබු තර්ජනය නිසා අනුර කුමාර, ගොඨාබය රාජපක්ෂ ලවා එම ව්‍යාපාරය මර්දනය කිරීමට සහය ලබා ගෙන තිබෙන බව මෙම ප්‍රකාශයෙන් පැහැදිලිවේ. එදා ගුණරත්නම් මහතාව අත් අඩංගුවට ගනු ලැබුවේ නිල පොලිස් හෝ හමුදා ක්‍රියාන්විතයක් අනුව නොවේ, පැහැර ගැනීමක් ලෙසය. එම පැහැර ගැනීමත් සමඟ ආණ්ඩුවට එල්ල වූ දේශීය හා විදේශීය බලපෑම් හමුවේ ගුණරත්නම් මහතාව දින කිහිපයකින් නිදහස් කිරීමට සිදු වූ අතර එය සිදු කරනු ලැබුවේද දෙමටගොඩ පොලීසිය අසලට හොර රහසේ ගෙනවිත් දැමීමෙනි.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බව එදා ගොඨාභය රාජපක්ෂ පිලිගත්තේද නැත. යම් හෙයකින් ආණ්ඩුවට, ගුණරත්නම්ව නිදහස් කරන ලෙස එල්ල වූ බලපෑම් දුර්වල වූයේනම් ගුණරත්නම්ගේ නමත්, එම පක්ෂයේ ක්‍රියාකාරීන් වූ ලලිත් හා කුගන් මෙන් අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවේ සඳහන්ව තිබෙනු ඇත.

එහෙම කෙනෙක් අපේ පක්ෂයේ හිටියේ නෑ කියා අනුර කුමාරලා අද කියන නරුම කතාව එහෙනම් ඉතා පහසුවෙන් කිව හැකිව තිබිණි. අනුරලාට අවශ්‍ය වූයේ ඒ නමත් රූපයත් භෞතික ශරීරයත් විනාශ කර දමා තමන්ගේ කාලකණ්නි ම්ලේච්ඡ දේශපාලනය පහසුවෙන් කරගෙන යාමටය.

කෙසේ නමුත් වත්මන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් හා එම ව්‍යාපාරය විසින් සිදුකරනු ලැබූ දුෂණ, වංචා, අපරාධ, ව්‍යපාරික ගනු දෙනු, ව්‍යාපාරික ආයෝජන( දේශිය හා විදේශිය), ජාවාරම්කාර ව්‍යාපාරිකයන් සමඟ කළ ගනුදෙනු.... ආදී තොරතුරු ‍රැසක් මේ වන විට වත්මන් ආණ්ඩුවේ ඉහල පෙළේ නායකයකු සතුව ඇති බවත් අපවෙත තොරතුරු ලැබී තිබේ. 

සැබැඳි පුවත් : ගුණරත්නම්ව අත් අඩංගුවට ගැනීම අනුරගේ ඉල්ලීමක් !

Last modified on Friday, 06 November 2015 22:25

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us