විශෙෂයෙන්ම කුමාර් ගුණරත්නම් මහතාගේ පැහැර ගැනීම රාජපක්ෂ මහතා විසින්ම හෙළි කර ඇත. එම පැහැර ගැනිම සිදුකළ දිනවල රාජපක්ෂ මහතා ඒ පිලිගත්තේ නැත. එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකයාද පිලිගත්තේ නැත.
එහෙත් අද දින ගොඨාභය රාජපක්ෂ මහතා එය තමන් ගේ අනුදැනුම මත සිදුවූවක් බව පිළිගෙන ඇත. එහෙම එම කාල සීමාව තුලදි තවත් සිදුවීම් පෞද්ගලික හේතුන් මත සිදුවූ බවද ඔහු ප්‍රකාශ කරයි. තමන් යටතේ සිටි නිළධාරීන් මේවාට සම්බන්ධ බවද ඔහු ප්‍රකාශ කර තිබිණි. එනම් ඒ සම්බන්ධ සිදුවීම් සියල්ල ඔහු දැන ගෙන සිටි බවය. ඇතැම් සිදුවීම ගැන පරීක්ෂණ පැවැත්වීමද එම කාල සීමාවේ හැටියට සිදු නොකළ බවද ඔහු පවසයි.
එවැනි අනාවරණයක් ගෝඨාබය රාජපක්ෂ විසින්ම සිදු කර තිබියදී ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් හෝ කළ යුතු බවට හඬක් නැගිය යුතු නමුදු , අතුරුදහන් කිරීම හා පැහැර ගැනීම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ කෑමොර දුන් සිවිල් සමාජය මෙහිදී දක්වන නිහඩ තාවය ගැටලු සහගතය.
විශේෂයෙන්ම පුරවැසි බලය , අලුත් පරපුර.. ආදී රාජපක්ෂ රේජීමය පැරදවීමට එහා ගිය ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කළ සංවිධාන නිහඬය, ජොසප් ස්ඨාලින් , සමන් රතන්ප්‍රිය , රජිත් කීර්ති තෙන්නකෝන් වැනි ඕනෑ එකටයි එපා එකටයි මාධ්‍ය නිවේදන පිට නිවේදන ගසන වෘත්තීය සමිති නියෝජිතයෝද නිහඬය.
සමහර විට විදේශ ආධාර මත යැපුනු රාජ්‍ය නොවන සංවිධානවලට දැන් විදේශධාර නොලැබීම මත එම කටයුතු අඩපන වීම නිස නිහඬව සිටීනවා විය හැකිය. එහෙත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගොඩනැගුවාය කියන මහජන සංවිධාන ලෙස රට හමුවේ පෙනී සිටින සංවිධාන නියෝ ජිතයන් මෙහිදී නිහඬව සිටින්නේ. තමන් මුක්කු ගැසූ යහපාලනයට දැන් කෙළවේගන එන නිසා ඊළඟ සැරේ පැත්ත මාරු කිරීමේ වුවමනාවෙන්ද යන්න ගනද ඇත්තේ බරපතල සැකයකි.
මෙහිදි වඩාත්ම ඛේදජනක සිදුවීම වන්නේ මෙම සාකච්ඡාව එම පුවත්පතේ පළ කිරීම ගැන රාජපක්ෂ රෙජීමය පැරදවීම වෙනුවෙන් කතා කළ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඉතා බරපතල ලෙස උරනව සිටීමය. ගුණරත්නම් සිද්ධියට සිය නායකයා හවුල් වුවානම් වියයුතුව වන්නේ ඊට එරෙහි අරගලයක් පක්ෂය තුල සිදු කර යළි එවැනි වරදක් නොවීමට පක්ෂය සකස් කර ගැනීමය. එහෙත් මෙහිදී සිදුව තිබෙන්නේ, ඒ රහස් ගනුදෙනුව හෙළි කිරීම ගැන එම පුවත්පතට එරෙහිව අවලාද නැගීමය.
එහෙත් ඊට වඩා ප්‍රගතිශීලීව හා ඉදිරිගාමි ලෙස කටයුතු කරන එකසත් ජාතික පක්ෂයේ සාමාජිකයන් තමන්ගේම පක්ෂයේ ඇමැතිවරයකු වූ තිලක් මාරපනගේ ක්‍රියා මාර්ග විචේචනය කිරීම දකින්නට තිබේ.
වර්තමානයේ පක්ෂ දේශපාලනය හෝ පුද්ගලයන් මත්තේ නැසීමෙන් මේරට ඇතිවන සුගතියක් නැත. ගෝත්‍රික අදහස් හා ක්‍රියා මාර්ගවලින් මේරටට වැඩක් නැත. ජාතික සම්මුතියක් සහිතව පුළුල් දේශපාලන වුවමනාවක් සහිත වැඩ පිළිවෙලක් ක්‍රියාවට නැංවීමේ අවශ්‍ය තාවයය අද රට ඉදිරියේ තිබෙන්නේ. පෙර වැරදී නිවැරදි කර ගැනිම හා යළි යළිත් එක වැරද්ද සිදු නොවීමට වග බලා ගැනීම විය යුතුව තිබේ. ඒ වෙනුවෙන් කවුරු කවර තරාතිරමක හෝ පාර්ශවීය භාවය බාධාවක් කර නොගෙන සෘජුව කටයුතු කිරීමේ හැකියාව මේ සිවිල් සංවිධාන හා එම නියෝජිතයන්ට තිබිය යුතුය. ඊට කොන්දක් තිබිය යුතුය.
තමන්ට පොස්ටර් ටික ගහලා දෙන්නේ, වේදිකාව හදලා දෙන්නේ අහවලා හෝ අහවල් සංවිධානය නිසා වෙන අනං මනං කතා කරන්නට ගොස් ඒක ගැන වචයකින් හරි විවේචනය සිදු වුණොත් තමන්ගේ හිරි ඔතප් බිඳිමට හේතුවනු ඇති බව කල්පනා කරන සිවිල් සංවිධාන වල වුන් ඇත්තෙන්ම නොම්මර එකේ තක්කඩියන්ය.මේ වන විට පෙනෙන්න්ට තිබෙන තවත් එක්තරා සත්‍යයකි මෙය.
සැබැඳි පුවත්: