පෙර දින පැමිණි රස පරික්ෂක කණ්ඩායම විසින් කරන ලද පරික්ෂණයේදි හදුනා ගත් අපැහැදිලි අංක සහිත ආයුධ නැවත පරික්ෂා කිරීම සදහා මෙම කණ්ඩායම පැමිණ තිබේ.
නියෝජ්‍ය රස පරික්ෂක පී.සී මඩවල ඇතුලු සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම පරික්ෂණවලට පැමිණ ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක්ද මෙම පරික්ෂණ කටයුතුවලට සහභාගීවී ඇත.
මේ අතර ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවක් අද (09) වැනිදා පැවැත්වීමට නියමිතය.
dinamina