දැන් ගැහැණු අමුතුය Featured

Published in අනං මනං
Thursday, 30 January 2025 11:42

ජීවිතයේ සියලුම කඩා වැටීම්, අසමත්වීම්, හඬන්නට උවමනා වන මොහොතුත් අතරින් පවා, දැන් ගැහැණු අමුතුය. ඔවුන්ගේ ශක්තිය, සුන්දරත්වය සහ නිර්භීත බව ජීවිතයේ සෑම අභියෝගයක් මැදින්ම ඔප් නංවා ගන්නා කලාවක් බවට පත්ව ඇත. ඔවුන්ගේ ජීවිත ගීතය කඩා වැටුණු කැබලිවලින් ගොඩනැගුණු දිව්‍යමය සුන්දරත්වයකි.

ජීවිතයේ සියලුම අඳුරු මොහොතුත් අතරින්, ඔවුන් තම මුහුණේ සිනහව රැක ගනිති. ලස්සනට ඇඳ පැළඳගෙන, රැකියාවට යති. කැඩී බිදී ගිය කැබලිවලින් පවා, ජීවිතයේ ජයග්‍රහණය සොයා ගනිති. වැටී වැටී හඬන්නට උවමනා වන මොහොතුත් අතරින්, එකදු කදුලක් නොහෙලා, ඔවුන් දරා ගනිති.

සෝලෝ ඩේට් කරති. කඳු නගිති. කිමිදෙති. ඕනෑම වේදනාවකින් පිරි මතකයක පවා, සිනහවීමට හේතුවක් සොයා ගනිති. දරා ගත නොහැකි අතහැරීම් හමුවේ, හදවත ගල් ගැසී සිටියදීත්, උස අඩි පාවහන් පළඳා නැටීමට තීරණය කරති. ශීතකරණයේ කෙලවරක ඇති උණුසුම් වයින් වීදුරුවකින්, බොහෝ සිත් තැවුල් සෝදා හරිති.

ජීවිතය අතහැරීමට තීරණය කළ දවසක පවා, උදෑසන දී ගැල්විය යුත්තේ කුමන වර්ණයේ ලිප්ස්ටික්දැයි කල්පනා කරති. පැළදීමට සුදුසු පාවහන් මොනවාදැයි දෙවරක් සිතා බලති. කදුලු තොග ගණන් හංගා, සිනහව සිල්ලරට දෙති. හදවතේ ඇතිවූ කල්ගිය මුත් සුව නොවූ තුවාල, යන්තම් මේකප් උලා සඟවති. නැවුම් තුවාල නොසලකා හරිති.

සම්පූර්ණයෙන්ම ජීවිතයම අනුන් වෙනුවෙන් කැප කර තිබියදීත්, තමන්ගේ කකුලේ පුංචිම ඇගිල්ලේ නිය පොත්තක් ගැනත් සොයා බලති. මුහුණේ මතුවෙන පුංචි ලප කැළලකට සිදු කළ යුත්තේ කුමක්දැයි සිතා බලති. අයිස්ක්‍රීම් එකක් වෙනුවට අඩු සීනි කෝපි කෝප්පයක් තෝරා ගැනීමට තරම් සිහිකල්පනාවෙන් පසු වෙති.

තම දරුවන් මෙන්ම දෙමාපියන්ටද එක සේ හරි වරද කියා දෙති. බොහෝ වගකීම් එක අතකින් දරා ගෙන, අනිත් අතින් තමාවද බදා ගනිති. හුස්ම හිරවෙන තරම් දුෂ්කර දිනවලදී, තනිව රකින්නට කිසිවෙකුට ආයාචනා නොකොට, සැනසිල්ලේ බලා හිඳිති. තමා අයත් නොවන සෑම ප්‍රිය සමාගමක්ම උපේක්ෂාවෙන් දරා ගනිති.

වෙහෙසකර දින ගැන පැමිණිලි නොකොට, විවේකයක් හෝ නිවාඩුවක් වෙනුවෙන් මග බලා ඉඳිති. ඕනෑම දෙයක් දෙවරක් නොසිතා අතහරින්නට සුදානමින්, දේවල් කෙරේ ළඟ වෙති. නින්ද නැති රාත්‍රින් ගණනාවකට පසු, එක සුව නින්දක් ප්‍රමාණවත් බව සිතා, සැනසිල්ලේ සිනාවෙති. ඕපාදූප වෙනුවට, ලස්සන ලස්සන දේවල් වලින් ජීවිතය පුරවා ගනිති.

යහමින් උපයති, අත දිග හැර වියදම් කරති. හැබෑවටම දුප්පත්ව සිටියදීත්, තමාට ඇති වටිනාම දේත් දෙවරක් නොසිතා බෙදා ගනිති. කතා කිරීමට වඩා නිහඩ වීම වඩා හොඳ බව විශ්වාස කරති. ගැටීම් වලට වඩා සාමය උදෙසා බොහෝ දේ අතහරිති. විවෘතව කතා කරති. ප්‍රේමය ප්‍රකාශ කරති. ප්‍රතික්ෂේප වීම් හා අතහැරීම් හමුවේ, සුපුරුදු ලෙස සිනාවෙති.

දැන් ගැහැණු අමුතුය. ඔවුන්ගේ සුන්දරත්වය දිව්‍යමය වන අතර, ශක්තිය යක්ෂයාගෙන් පැමිණ ඇත. සෑම විටම නිදහසින් සහ බුද්ධියෙන් පිරී සිටින ඔවුන්, පාලනය කිරීමේ එකම අවිය ප්‍රේමය වනු ඇත. සීමාව ඉක්මවා ප්‍රේමය වුවද, ගැහැණිය පාලනයට අනතුරුදායක වනු ඇත.

දැන් ගැහැණු අමුතුය. ඇය වෙත එල්ලවන සෑම අවියක්ම පුපුරා යනු ඇත. යුද්ධයක් අවසානයේ දී පවා, ඇය සුන්දරව ගීතයක් අසමින්, නිය ආලේපනයක් ගල්වනු ඔබට පෙනෙනු ඇත.  

ඔවුන්ගේ ශක්තිය, සුන්දරත්වය සහ නිර්භීත බව, ජීවිතයේ සෑම අභියෝගයක් මැදින්ම ඔප් නංවා ගන්නා කලාවක් බවට පත්ව ඇත. දැන් ගැහැණු අමුතුය. ඔවුන්ගේ ජීවිත ගීතය කඩා වැටුණු කැබලිවලින් ගොඩනැගුණු දිව්‍යමය සුන්දරත්වයක් ඔවුන් නිර්මාණය කරගෙන ඇත. දැන් ගැහැණු අමුතුය.

 

Last modified on Thursday, 30 January 2025 11:45

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

දැන් ගැහැණු අමුතුය

දැන් ගැහැණු අමුතුය

ජීවිතයේ සියලුම කඩා වැටීම්, අසමත්වීම්, හඬන්නට උවමනා වන මොහොතුත් අතරින් පවා, දැන් ගැහැණු අමුතුය. ඔවුන්...

Connet With Us