ඇවන්ගාර්ඩ් ප්‍රශ්නය සමථයකට, තවත් සමාගම්වලටත් අවස්ථාව දෙයි

Published in පුවත්
Tuesday, 10 November 2015 19:59

ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධ ගැටලුව මේ වන විටත් විසඳී ඇති බවත් ඉදිරියේදී ඇවන් ගාර්ඩ් සමාගමට තිබු ඒකාධිකාරිය අවසන් කර සුදුසුකම් සහිත සමාගම් කිහිපයකටත් එම ව්‍යාපාරය කරගෙන යාමට අවස්ථාව ලබාදීමත් සිදුවනු ඇති බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

ඊට අමතරව එම ව්‍යාපාරය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ නියාමනය සම්බන්ධයෙන් වැඩි මැදිහත් වීමක් සිදු කෙරෙණු ඇති බවත් පැවසේ. එමෙන්ම මෙම ව්‍යාපාරයට අදාලව වන නීතී රීතීන්වල වෙනස්කම් කිහිපයක්ද අලුත් ගිවිසුම්වලට එළඹිමක්ද සිදුවනු ඇති බවත් පැවැසේ.

පෙර පැවැති නීති රීතීන් අනුව එම ව්‍යාපාරයට අවසර ලැබී ඇති බවත් එම ව්‍යාපාර ආයතනයද එම නීති රීති අනුව ක්‍රියාත්මක වී ඇති බවත් පෙනී ගොස් ඇත. කෙසේ නමුත් දැනට වන පරීක්ෂණ කටයුතු අත් හි‍ටුවීමට තීරණයක් ගෙන නොමැත. ඇතැම් විට අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගෙන  සමතයකට පත්වීමක් අපේක්ෂා කළ හැකි බවත් මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මෙම සතිය තුලදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

මේ අතර පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට මේ ගැටළුව සම්බන්ධයෙන් පවතින්නේ 'ඩීල් 'දේශපාලන ආරවුලක් පමණක් බවය. විශේෂයෙන්ම රජයේ ඉහළම බලවතකුගේ හා ඇමැතිවරු දෙදෙනකුගේ බලපෑම මත මෙම පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට තමන්ටද නොහැකිව තිබෙන බව එම පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඇවන්ගාඩ් පරීක්ෂණයට දේශපාලන අධිකාරියේ බලපෑම මත විශේෂ අවධානයක් දැරීමට සිදුවීම  නිසා කෙරෙමින් පැවැති වෙනත් අපරාධ පරීක්ෂණ ගනනාවක පරීක්ෂණ කටයුතු අතර මඟ නැවැතී ඇති බවත් ඊට හේතුව ඉතා සුළු නිළධාරීන් පිරිසකගෙන් මේ සියළු පරීක්ෂණ කටයුතු සිදු කිරීමට සිදුවීම නිසා බවත් එම තොරතුරු මාර්ග වැඩිදුරටත් පවසයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us