ඇවන්ගාඩ් සටන අපි අතාරින්නෙම නෑ.- ටිල්වින්

Published in පුවත්
Tuesday, 10 November 2015 08:37

ජනතා විමුක්ති පෙරමුණට රිදවීම සඳහා ‘එකට වැඩ කළ නොහැකි පිරිස්’ පවා ඒකරාශී වී ඇති නමුත් අවන්ගාඩ් ගනුදෙනුව පිළිබඳව සොයා බැලීම අත් නොහරින බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.  නමුත් එමඟින් පක්ෂයේ ගමනට ඉන් බලපෑමක් හෝ බාධාවක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අවන්ගාඩ් ගනුදෙනුව පිළිබඳව හෙළිදරව් කිරීම නිසා ඊට ප්‍රති ප්‍රහාරයක් ලෙස මෙය දියත් වන බවයි මාධ්‍ය හමුවකදී ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කළේ.

'පිටුපස සිටින ඇමතිවරයා'

‘අපි කටයුතු කරන්නේ කිසියම් ස්ථාවරයකට අනුවයි. මෙම සිදුවීම් පිළිබඳව පොදු චිත්‍රයක් අපට තිඛෙනවා. පසුගිය කාලයේ ඇවන්ගාඩ් ගනුදෙනුව සම්බන්ධයෙන් හෙළිදරව් කළ නිසා එයට ප්‍රහාරයක් ලෙස තමයි මේ සියලූ දේ සිදුවෙමින් තිඛෙන්නේ. දින 100 ආණ්ඩුව කාලයේ ඇවන්ගාඩ් සම්බන්ධයෙන් අපි හෙළිදරව් කළා. ඒ අවස්ථාවේදී ඇවන්ගාඩ් ආයතනයේ පිරිසක් අපේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට කලබලයක් ඇතිකළා. ඒ පිටුපස සිටි ඇමතිවරයා කවුද කියලා ඔබ කව්රුත් දන්නවා. එනිසා මෙම ඇවන්ගාඩ් සල්ලිවලින් යැපෙන විවිධ පිරිස් ජවිපෙට එරෙහිව ප්‍රහාර එල්ල කරන්න එකතුවෙලා ඉන්නවා.’ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය.

'වීරවංශ+සෝමවංශ'

ඒ සඳහා ‘එකට වැඩ කළ නොහැකි පිරිස්’ පවා ඒකරාශී වී ඇති නමුත් අවන්ගාඩ් ගනුදෙනුව පිළිබඳව සොයා බැලීම අත් නොහරින බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

‘එහි තිඛෙන විකාරරූපී බවනම් කවමදාකවත් එකට වැඩ කළ නොහැකි පිරිස් පවා අද එකතුවෙලා තිබීමයි. එක පැත්තකින් විමල් වීරවංශ, සෝමවංශ එකට වැඩකරන්න පටන්ගෙන තිඛෙනවා. අද සෝමවංශ අමරසිංහ මහත්තයා කුමාර් ගුණරත්නම් ගැන කලින් නොකියපු දේවල් කියමින් ඉන්නවා. මේ සියලූ දෙනා එකතු වෙලා ඉන්නේ ජවිපෙට රිදවන්නයි. ජවිපෙන් ඉවත් වුණු, ඉවත්කළ, පිරිස් එකතු වෙලා දැන් ජවිපෙට රිදවන්න උත්සාහ කරනවා. මේ පිටුපස තිබෙන්නේ ඇවන්ගාඩ් කළු සල්ලියි. ගෝඨාභය රාජපක්‍ෂ මේ සිදුවීම් පිටුපස ඉන්නවා. අපිට විරුද්ධ කණ්ඩායම්වලට ගෝඨාභය රාජපක්‍ෂ උදව් කරනවා. මේ පිරිස හිතාගෙන ඉන්නේ මේ අවලාද නිසා අපි ඇවන්ගාඩ් ප්‍රශ්නය අතහරියි කියලා.’ ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා පැවසීය.

bbc ඇසුරෙණි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us