දෙමළ දේශපාලන සිරකරුවන් යළිත් උපවාසයේ

Published in පුවත්
Tuesday, 10 November 2015 08:26

තමන්ව පොදු සමාවක්‌ යටතේ නිදහස්‌ කරන ලෙස රජයට බලකරමින් බන්ධනාගාරගතව රඳවාගෙන සිටින එල්ටීටීඊ දේශපාලන සිරකරුවන් ඊයේ (9 වැනිදා) සිට යළිත් උපවාසයක්‌ අරඹා තිබේ.

රජයේ තීරණ අනුව ඇප මත මුදාහැරීම නොව ජනාධිපතිවරයාගේ විධායක බලතල යටතේ පොදු සමාවක්‌ ලබා දිය යුතු බව පවසමින් දේශපාලන සිරකරුවන් උපවාසයේ නිරතව සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

බන්ධනාගාරගත රැඳවියන් අතරින් තිස්‌දෙනකු මුදාහරින බවට ඉකුත් දිනවල රජය සඳහන් කළ ද ඊයේ (9 වැනිදා) එවන් නිදහස්‌ කිරීමක්‌ ද සිදු නොවිණි.

රජය දේශපාලන සිරකරුවන් නිදහස්‌ කරන්නේ නම් පොදු සමාවක්‌ යටතේ තමන්ට ද සහනයක්‌ ලබාදෙන ලෙස ඉල්ලා පෙරේදා (7 දා) සිට දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින මරණීය දණ්‌ඩනය නියමවූ සිරකරුවන් පිරිසක්‌ ද උපවාසයක්‌ ආරම්භ කළ අතර එම උපවාසය ඊයේ (9 වැනිදා) දිනයේත් අඛණ්‌ඩව ක්‍රියාත්මක විය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us