මිනීමරුවන්,කප්පම්කරුවන් කියන පලියට මං අස්‌වෙන්නේ නෑ- විජයදාස රාජපක්‍ෂ

Published in පුවත්
Wednesday, 11 November 2015 08:29

ඇවැන්ගාඩ් සිද්ධිය මුල්කරගෙන මිනීමරුවන් සහ කප්පම් කරුවන්ගේ ඉල්ලීම්වලට මුලා වී ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීමට තරම් තමන් අඥනවන්තයකු නොවන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ (10 දා) පැවැසීය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මෙය අපි හදපු ආණ්‌ඩුව, අපි මෙම ආණ්‌ඩුව රැක ගත යුතුයි. මිනිමරුවන් කප්පම්කරුවන් අස්‌වෙන්න කියපු පලියට මම අස්‌වෙන්නේ නැහැ. ඒ ගොල්ලෝ කවුද?

මට ඉවත් වෙන්නැයි කියන උදවිය හරිනම් තවදුරටත් තනතුරේ සිටින ලෙස බලපෑම් කළ යුතුයි. මහින්ද රාජපක්‍ෂ මහතා රට පාලනය කළ සමයේ ඔය කෑගසන උදවිය කොහෙද හිටියේ කියලා මං අහනවා.

රටේ ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් සැබෑ තත්ත්වය අවබෝධකරගෙන සිටියදී අහක ඉන්න උදවියයි කෑගහන්නේ. තනතුරෙන් ඉල්ලා අස්‌වෙන්න තරම් මා මෝඩ නැහැ. ඇවන්ගාඩ් සැබෑ තත්ත්වය ගැනයි මා කිව්වේ. අපේ නීති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආරක්‍ෂා කළ යුතුයි. මට ඔවුන් පාවා දෙන්න බැහැ. රටේ යුද්ධය මෙහෙයවා ත්‍රස්‌තවාදීන් මුළුමනින්ම ඉවත් කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බලපෑම් කිරීම මම නම් අනුමත කරන්නේ නැහැ.

ඇවන්ගාඩ් පිළිබඳව මම සැබෑ තත්ත්වය ප්‍රකාශ කළේ හැංගිහොරා නොවේ. අපට සත්‍ය කතාකරන්න නිදහස තිබෙනවා. අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා සත්‍ය අවබෝධ කරගෙන තිබියදී අහක සිටින උදවිය අද මා වෙනුවෙන් උද්ඝෝෂණ පවත්වනවා.

divaina

Last modified on Wednesday, 11 November 2015 08:32

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us