රටේ ජනගහනයෙන් 22% කට දෛනිකව අවශ්‍ය වන අවම කැලරි ශක්‌ති ප්‍රමාණය වන කිලෝ කැලරි 2500 නොලැබෙන බවත්, ලංකාවට වාර්ෂිකව පළිබෝධනාශක මෙටි්‍රක්‌ටොන් 6000 ක් ආනයනය කරනු ලබන බවත් එම ප්‍රකාශනයේ සඳහන් ය. එම ප්‍රකාශනයේ මෙසේද සඳහන් ය.
පසුගිය වසර පහ තුළ ලංකාවේ ස්‌වභාවික වනාන්තර සහ ගොවීන් හා ධීවරයන් සතු වෙරළ ඇතුළු ඉඩම් හෙක්‌ටයාර් 36,611 ක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබේ.
රටේ ධීවර සම්පත්වලින් 60% ක් සෑම වසරකම පිටරට සමාගම් විසින් ඩැහැගනී. එහෙයින් අපි නව රජයෙන් ඉල්ලා සිටින්නේ මේවාය.
රටේ සියලුම ජනතාවට වස විසෙන් තොර පෝෂ්‍යදායී ආහාර දැරිය හැකි මිලකට ලැබීමේ අයිතිය තහවුරු විය යුතුය.
ගොවීන්, ධීවරයන් ඇතුළු ආහාර නිෂ්පාදකයන්ට තමන්ගේ ඉඩම්, ජලය සහ බීජ ඇතුළු ස්‌වාභාවික සම්පත් සඳහා ඇති අයිතිය ආරක්‍ෂා කළ යුතුය.
ස්‌වාභාවික පරිසර පද්ධතීන්ගේ තිරසාර භාවිතය ප්‍රවර්ධනය කළ යුතුය. දේශීය ආහාර නිෂ්පාදනය වැඩිදියුණු කළ යුතුය. ගොවි, ධීවර, කාන්තාවන්ගේ අයිතීන් ආරක්‍ෂා කෙරෙන හා ඔවුන්ගේ ජීවිකාවන් වැඩිදියුණු කිරීමට සහාය විය යුතුය.
තිරසාර සුළුපන්න ධීවර කර්මාන්තය සුරක්‍ෂිත කිරිම සඳහා වන මූලික මඟ පෙන්වීම් මාලාව පිළිගෙන එය අනුමත කරමින් අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට පියවර ගත යුතුය. දේශීය ධීවර කර්මාන්තයේ භාවිතා කරන සියලු අහිතකර හා විනාශකාරී පන්නක්‍රම තහනම තදින්ම ක්‍රියාත්මක කර සුළුපන්න ධීවරයා ආරක්‍ෂා කළ යුතුය.
යුරෝපා සංගමයේ මඟ පෙන්වීම අනුව දේශීය ධීවර කර්මාන්තයේ අධීක්‍ෂණ හා මෙහෙයුම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම මගින් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ආයතනය තහනම් කිරීම නිසා දේශීය බහුදින ධීවර කර්මාන්තයට සිදුව ඇති හානිය වැළැක්‌විය යුතුය.
ඉන්දීය ධීවරයන් දේශීය මුහුදු තීරය ආක්‍රමණය කිරීමෙන් සිදුව ඇති අහිතකර ආර්ථික හා පාරිසරික බලපෑම අවම කිරීමට නාවුක හමුදාව මගින් දේශීය මුහුදු තීරයට ඉන්දියන් යාත්‍රා ඇතුළුවීම වැළැක්‌වීමට ක්‍රියාමාර්ග ගන්නා අතර රාජ්‍ය තාන්ත්‍රික සංවාදයන් තුළ ඇතිකර ගන්නා එකඟතා මත දිගුකාලීන විසඳුම් ලබා ගත යුතුය.