පාවෙන අවි ගබඩාව නිත්‍යානුකූල බව පිළිගනී

Published in පුවත්
Thursday, 05 March 2015 08:49

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් මර්දනය කිරීම සඳහා යොදවා තිබූ පාවෙන අවි ගබඩාව සම්බන්ධව 2015 ජනවාරි 18 දා සිට ඇති ව තිබූ ආන්දෝලනාත්මක අර්බුදය අවසන් කරමින් එකී මෙහෙයුම නිත්‍යානුකූලව සිදුවුවක්‌ යෑයි රජය පිළිගෙන ඇත.

ඇවන්ගාර්ඩ් සමාගම සතු මහනුවර නම් නවුකාව (පාවෙන අවි ගබඩාව) සඳහා විශ්‍රාමික හමුදා නිලධාරීන් බඳවා ගැනීමත් රජයට මුදල් ගෙවීමත් නීත්‍යානුකූලව සිදු වී ඇති බව රජයේ විමර්ශනයෙන් සනාථ වී තිබේ.

මෙකී පාවෙන අවි ගබඩාව මෙහෙය වූ රජය සතු රක්‌නා ලංකා ආරක්‍ෂක සමාගමට පාවෙන අවි ගබඩාවේ මුහුදු ආරක්‍ෂකයන් යෙදවීමට ආරක්‍ෂක අමාත්‍යාංශය අවසර දී තිබූ බව තවදුරටත් තහවුරු වී ඇත.

ඇවන් ගාර්ඩ් සමාගමට දිගින් දිගටම චෝදනා එල්ල කරන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසා නායක මහතාට එම සමාගමේ අධිපති මේජර් නිශ්ශංක මහතා ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කළ ද දිසානායක මහතා ඒ ප්‍රතික්ෂේප කළේය.

ඒ කෙසේ නමුත් ඊයේ දිනයේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා පැවැසූවේ මෙම පාවෙන අවි ගබඩාවේ කටයුතු සඳහා හමුදාවෙන් පැන ආ සෙබළුන් දෙදහක් පමණ යොදාගෙන සිටින බවය. තමන්ට එරෙහිව පසුගිය රජය නඩු පැවැරුවේද හමුදාවෙන් පැන ආ සෙබළුන් තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා කොට බවත් එම චෝදනා බොරු බවත් ඔහු පැවැසිය.

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us