මහින්ද නැති උනොත් අපි අනාතයි - ප්‍රසන්න රණතුංග

Published in පුවත්
Thursday, 05 March 2015 08:46

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා නොකර අපට අනාගතයක්‌ නැති බවත් කුමන දේ නැතිවුණත් තමන් මේ ව්‍යායාමය අත්නොහරින බවත් බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

කවුරු මොන තහංචි දැම්මත් නුගේගොඩට වඩා මහනුවර රැස්‌වීමට ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන්ගේ පැමිණීම වැළැක්‌විය නොහැකි යයි කුමන තත්ත්වයන් යටතේ වූවත් කුමන කොන්දේසි පැනෙව්වත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති බවට පත්කිරීමේ සටන අත්නොහරින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මේ ගමන තනතුරු, වරදාන, වරප්‍රසාද වෙනුවෙන් යන ගමනක්‌ නොවන බවත් මෙය හෘද සාක්‍ෂියට එකඟව යන ගමනක්‌ බවත් පක්‍ෂයක්‌ යනු බෝඩ් ලෑල්ලක්‌ නොවන බවත් පක්‍ෂය රැකගැනීමට නම් පාක්‍ෂිකයන්ගේ මතයට ඉඩ ලබාදීමට පක්‍ෂ නායකත්වය කටයුතු කළයුතු බවත් ප්‍රධාන ඇමැතිවරයා පවසයි.

මිනුවන්ගොඩ වෙළෙඳ සංකීර්ණය ඊයේ (4දා) විවෘත කිරීමේ අවස්‌ථාවට එක්‌වෙමින් බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැතිවරයා මෙම කරුණු අවධාරණය කළේය.

කෙසේ නමුත් රණතුංග මහතා, මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව තමන් අනාත වන බව පිළිගැනීම වැද ගත් කරුණකි අප මෙම නුගේගොඩ සන්ධානය ගෝඩ නැගෙන අවස්ථාවේදිම පෙන්වා දුන්නේ මේ දේශපාලන අනාතයන්ගේ සන්ධානයක් බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us