කොංග්‍රස් සාමාජිකයන්ට මුදල් ලබාදීමත්, ඔවුන් එසේ මුදල් ලබා ගැනීමත් ඇමරිකානු නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව ද රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
ලංකාවේ මන්ත්‍රීවරුන්ට වරදාන සහ වරප්‍රසාද ලබා දෙමින් තබා ගත් ආකාරයට ඇමරිකාවේ මන්ත්‍රීවරුන්ට ද මුදල් ලබා දී පැවැති ආණ්‌ඩුවට පක්‍ෂව ක්‍රියා කිරීමට කටයුතු කර ඇත්දැයි අනුර කුමාර දිසානායක මහතා විදේශ අමාත්‍යාංශයෙන් අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.
කොංග්‍රස් මන්ත්‍රීවරු එසේ මුදල් ලබා ගෙන ඇත්නම් ඒ ගැන ඇමරිකානු රජයට දැනුම් දෙන බව ද අගමැතිවරයා කීවේය.