ඇවන්ගාර්ඩ්ට එරෙහි චෝදනා; නිශ්ශංක රහස් හෙළි කිරීමේ සූදානමක

Published in පුවත්
Thursday, 26 February 2015 15:18

මුහුදු ආරක්‍ෂක නිලධාරින්ගේ (Sea Marshel Officers)නිදහස් සේවා ගිවිසුම් අහෝසි කොට හිටපු ආරක්‍ෂක ලේකම් විසින් වංචා සහගත ලෙස ඇවන්ගාර්ඞ් පෞද්ගලික ආරක්‍ෂක සමාගමට පැවරීම සම්බන්ධව අන්තර් සමාගම් සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබේ.

එම සංගමයේ සභාපති,උතුරුමැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාගේ අත්සනින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමු කළ ලිපියකින් මෙම සාකච්ඡාව ඉල්ලා ඇත.

මෙම ලිපිය සම්බන්ධයෙන් අප විසින් ඇවන්ගාඩ් සමාගමේ හිමිකරු මේජර් නිශ්ශංක සේනාධිපති මහතාගෙන් කළ විමසීමක් දී කියා සිටියේ මෙම ප්‍රශ්න සියල්ලටම තමන් සතුව පිළිතුරු තිබෙන බවත් නමුත් මේ සිදුවෙමින් පවතින්නේ තමන් බිහිකර සදා ගත් දරුවා කොල්ල කෑමේ උත්සහයක් බවත්ය.

ඉදිරියේදී තමන් මේ සම්බන්ධ සුවිශේෂි හෙළිදරව් කිරීමක් කරන බවත් එයින් රටේ කිර්තියටද බරපතල තර්ජනයක් සිදුවුවත් මේ මොහොතේ අකමැත්තෙන් වුවත් ඒ සිදු කිරීමට තමන්ට සිදුව තිබෙන බවත් ඔහු අවධාරණය කරයි. මෙරටේ කීර්තිනාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෞද්ගලික ධනය ද වැය කර කටයුතු කළ බවත් රටට එල්ලවිය හැකිව තිබු ජාත්‍යන්තර අවි ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා වලින් බේරා ගැනීමට තමා පෞද්ගලිකව මැදිහත් වූ බවත් ඔහු පවසයි.

එහෙත් තමන්ට යම් කණ්ඩායම් තම ව්‍යාපාරය අත්පත් කර ගැනීම සඳහා මෙලෙස එලව එලවා පහරදීම තව දුරටත් සිදුවන්නේ නම් මේ රහස් හෙළි කිරීමට සිදුවනු ඇති බව ඔහු පවසයි. ඒකෙන් ජාත්‍යන්තර වශයෙන් අපහසුවට පත්වන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය බවත් ඊට පිළිතුරු බඳින්නට වන්නේ වසන්ත සමරසිංහලාට නොව ආණ්ඩුවේ ප්‍රධානින්ට බවත් ඔහු පවසයි.


වසන්ත සමරසිංහ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමු කළ ලිපිය.


ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ සහ යුධ හමුදාවේ සේවය කොට විශ‍්‍රාම ගිය මුහුදු ආරක්‍ෂක නිලධාරි මහත්වරුන් ජාත්‍යන්තර මුහුදු ආරක්‍ෂක සේවාවන් සඳහා විවිධ නැව් සමාගම් සහ මුහුදු ආරක්‍ෂක සේවාසපයන සමාගම් වල සේවයේ යොදවා තිබුණි.

නිදහස් සේවා ගිවිසුම් මගින් සේවාවට බඳවාගත් එම නිලධාරින් නාවික කටයුතු අමාත්‍යාංශය හා නැව් සංස්ථාව හරහා අදාළ නැව් සමාගම් සඳහා සේවයට යොදවා තිබී ඇත. 2012 වර්ෂයේ චක‍්‍රලේඛයක් මගින් ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් එම නිදහස් ගිවිසුම අහෝසි කොට මුහුදු ආරක්‍ෂක නිලධාරින්ගේ වගකීම් රක්නා ලංකා ආරක්‍ෂක සමාගම මගින් ඇවන්ගාර්ඞ් ආරක්‍ෂක සමාගම වෙත පවරා දී ඇත.

එලෙස කිරීම මගින් නැව් සමාගම් විසින් අදාළ නිලධාරින් වෙත මාසිකව ගෙවූ ඇමරිකන් ඩොලර් 1750 සිට 2200 දක්වා වූ වේතනය හා ඒ සම්බන්ධ දීමනා ඩොලර් 1000 දක්වා පහත දමා අඩු කොට නැව් සමාගම් මගින් ලබාගන්නා රුපියල් මිලයන ගණනක් වූ මුදල ඇවන්ගාර්ඞ් ආරක්‍ෂක සමාගම සතු කර ඇත. මෙම වංචා සහගත කි‍්‍රයාව සඳහා හිටපු ආරක්‍ෂක ලේකම් හා නිලධාරින් ඔවුන්ගේ දේශපාලන බලය මේ සඳහා භාවිතා කර ඇති බව තොරතුරු වාර්තා වී ඇත.

තවද 2012 වර්ෂය තෙක් ජාත්‍යන්තර රක්‍ෂණ සමාගම් හරහා අදාළ සේවක මහතුන් වෙත ලබාදුන් ජීවිත රක්‍ෂණයට සම්බන්ධ මුදල් ද ඇවන්ගාර්ඞ් ආරක්‍ෂක සමාගම වෙත පවරා ගැනීමට කටයුතු කර ඇත. අදාළ නිලධාරින් ජාත්‍යන්තර මුහුදු සේවා අවසන්ව රට තුළට පැමිණෙන විට ඔවුන්ගේ ගමන් බලපත‍්‍රය හා නාවික සේවා බලපත‍්‍රය (CDC)ය ඇවන්ගාර්ඞ් ආයතනයට බාරදිය යුතු බව නියෝග කර ඇත. පුරවැසියන්ගේ ගමන් බලපත‍්‍රය හා නාවික සේවා බලපත‍්‍රය (Passport හා CDC) අන්සතු කිරීම නීති විරෝධ වන අතර එම නීති විරෝධි රඳවා තබා ගැනීමද මේ මොහොත වන විට ඇවන්ගාර්ඞ් ආරක්‍ෂක සේවා සමාගම කටයුතු කර ඇත.


මෙලෙස 2013 සිට අත්තනෝමතික ලෙස කටයුතු කරමින් ඇති ඇවන්ගාර්ඞ් ආරක්‍ෂක සමාගමට මෙම සියලූ බලයන් පවරනු ලැබුයේ 2012 ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක‍්‍රලේඛය මගිනි.ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම් ජයරත්න මහත්මිය විසින් 2013 ජූනි මස 18 වන දින නිකුත් කළ
MODUD/CS/ASM/SM දරණ චක‍්‍රලේඛනය හා 2013 ජූලි මස 24 වන දින දරණ MODUD/CS/ASM/SM දරණ චක‍්‍රලේඛනය හා 2013 ජූලි මස 24 දින දරන MODUD/CS/AGSM දරණ ලිපි මගින් නිදහස් ගිවිසුම අහෝසි කොට ඇවන්ගාර්ඞ් සමාගමට මෙම මුහුදු ආරක්‍ෂණ නිලධාරින් සපයා ඇත.

මෙමගින් මුහුදු ආරක්‍ෂණ නිලධාරින් හට හිමිවිය යුතු එක් නිලධාරියෙකුගෙන් රු. 100,000/= පමණ මුදලක් මාසිකව ඇවන්ගාර්ඞ් සමාගමේ හිටපු ආරක්‍ෂක ලේකම්ගේ අනුමැතියෙන් වංචා සහගතව උපයමින් ඇත.

මේ සඳහා වත්මන් රජයේ අවධානය යොමු කර ඇති අප සංගමය ඒ සඳහා නියෝජ්‍ය ආරක්‍ෂක ඇමතිතුමා වෙතද පැමිණිල්ල යොමු කර ඇත. මේ සම්බන්ධයෙන් කලබලයට පත්වී ඇවන්ගාර්ඞ් සමාගම 2015.02.25 දින එනම් ඊයේ දින සී මාෂල් නිලධාරින්ගේ හා ඔවුන්ගේ පවුල්වල අය බත්තරමුල්ලේ වෝටර්ඒජ් හෝටලයට කැඳවා ඇවන්ගාර්ඞ් සමාගම තවදුරටත් මෙම සේවා සැපයීම කර ගැනීමට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින ලෙස බලපෑම් කර ඇත.


අප සංගමයේ මැදිහත්වීම තුළ කලබලයට පත්වී සිටින ඇවන්ගාර්ඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා රටට හිමිවිය යුතු කෝටි ගණන් ධනස්කන්ධයක් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සමග එක්ව අත්පත් කර ගෙන ඇති බව රටට හෙළිදරව් වී ඇත.

මේ සම්බන්ධව පසුගිය දිනවල ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර දිසානායක සහෝදයා විසින් ද පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කර ඇත.අප සංගමය විසින් නියෝජ්‍ය ආරක්‍ෂක ඇමතිතුමා වෙත 2015.02.02 දින ලිපියක් යොමු කර මේ සම්බන්ධව විමසීම් කළද මෙතෙක් ඒ සඳහා කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැත.

මේ හේතුවෙන් ඇවන්ගාර්ඞ් සමාගමේ කෝට් ප‍්‍රකෝටි ගණන් ජනතා මුදල් වංචා කරමින් සිටී. එබැවින් ඔබතුමාගේ අවධානය මේ සඳහා යොමු කර ජාත්‍යන්තර මුහුදේ සේවයේ නියුතු මුහුදු ආරක්‍ෂණ නිලධාරින් 1000 කගේ පමණ රැකියාව හා අයිතීන් රැකගැනීමට විශේෂ අවධානයක් යොමු කර සියලූ පාර්ශවයන් මැදිහත් කර කඩිනම් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us