උමා ඔය ගිවිසුම අතුරුදහන්. නියමිත ගණනට වඩා තුන් ගුණයකුත් වැය කරලා

Published in පුවත්
Thursday, 26 February 2015 15:52

පසුගිය අඟහරුවාදා(24දා ) පැවති ජාතික විධායක සභාවේදී උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සම්බන්ධව ශ්‍රී ලංකා රජය හා ඉරානය අතර අත්සන් කෙරුණු ගිවිසුම අතුරුදන්ව ඇති බව අනාවරණය වේ. ඉරාන රජයේ ආධාර යටතේ ආරම්භ වූ මේ ව්‍යාපෘතිය මේ වනවිට තවකාලිකව අත්හිටුවා ඇත.

මෙහිදී අනාවරණය වී ඇත්තේ උමා ඔය ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව ආයෝජනය කළ යුතු මුදලට වඩා තුන්ගුණයක මුදලක් මේ වනවිට ගෙවා ඇති බවයි. 2012 වර්ෂයේ ඇතිකරගත් ගිවිසුමට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 529ක මුදලක් වැයවන බව ගණන් බලා තිබුණි. මේ අනුව ඩොලර් මිලියන 450ක් ඉරාන රජයෙන්ද ඩොලර් මිලියන 79ක් ශ්‍රී ලංකා රජයෙන්ද සැපයීමට එකඟ විය.

කෙසේවෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික විධායක සභාව හමුවේ ප්‍රකාශ කළේ නියමිත මුදලට වඩා තුන් ගුණයක් මේ වනවිට ගෙවා අවසන් බවයි. ජාතික විධායක සභාව සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ උමා ඔය ව්‍යාපෘතියට අදාළ ගිවිසුම නැවත අධ්‍යනය කිරීම සඳහා නැවත ලබා දෙන මෙන් ඉරාන රජය සිදු කළ ඉල්ලීමකට අනුව පරික්ෂා කර බැලීමේදී එම ගිවිසුමේ මුල් පිටපත අතුරුදන් වී ඇති බව හෙළිව ඇති බවයි.

මේ සිද්ධිය සම්බන්ධව අදහස් දැක්වූ මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා ප්‍රකාශ කළේ එම ගිවිසුම තම අමාත්‍යංශය සතුව පැවතිය යුතු බව සහ එය සෙවීමට කටයුතු කරන බවයි.

උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් සම්බන්ධ වගකීම දරණුයේ ඉරාන සමාගමක් වන හර්දිෂ් ඉංජිනේරු සමාගමයි. මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සමගම මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිර්දේශිත පරිසර වාර්තාව අනුව කටයුතු නොකරන බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි.

එසේම දැනට ඌව පළාතේ සාමාන්‍ය ජනතාවගේ සහ පරිසර සංවිධාන වල විරෝධතා හමුවේ නවතා දමා ඇති ව්‍යාපෘතිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට පත් කළ තාක්ෂණික කමිටුවේ වාර්තාව තව සති දෙකක පමණ කාලයක් තුල නිකුත් කිරීමට ඉඩ ඇති බවයි. මෙම කම්ටුවේ සභාපතිත්වය දරන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ සම්මානිත මහාචාර්ය කපිල දහනායක මහතායි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us