ඇවන්ගාර්ඩ්ගෙන් සල්ලි ගත්තු මාධ්‍යවේදීන්, දේශපාලකයන්, ජවිපෙ හෙළිකරන්න යයි !

Published in පුවත්
Saturday, 17 October 2015 10:29

ඇවන්ගාර්ඩ් මුහුදු ආරක්ෂක සාමගමට අයත් පාවෙන අවි ගබඩාව පිළිබඳ ව ඇති චෝදනා වසන් කිරීම සඳහා එම ආයතනයෙන් මුදල් ලබා ගත්තාය කියන මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් ,ආරක්ෂක අංශ නිළධාරීන්, පොලිස් නිලධාරීන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, දේශපාලකයන් ආදී සියලු දෙනා හෙළිදරව් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙමින් සිටින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මෙහිදී ගත් මුදල් හා වරප්‍රසාදයන් ගැනද හෙළි කෙරෙණු ඇති බවත් මේවන විට විශාල තොරතුරු ප්‍රමාණයක් එක් ‍රැස් කරගෙන ඇති බවත් එම තොරතුරු මාර්ග පවසයි.

මෙලෙස අල්ලසට වරප්‍රසාද වලට යටවූ මාධ්‍ය ආයතන හා දේශපාලකයන් සිටින බව් පසුගියදා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කර තිබිණි. ඔහු ඇවන්ගාර්ඩ් සම්බන්ධ පරීක්ෂන කටයුතු විමසා පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශය 'රාඩා' මුදල් වංචාවට චෝදනා ලබා සිටින ටිරාන් අලස් ගේ ( චෝදනාවට වරදකරු වී දේපල රාජසන්තක වේ යැයි බියෙන් මේවන විට මව්බිම පුවත්පත් ආයතනයේ අයිතිය තුෂාර ගුණරත්න මහතා වෙත පවරා ඇතැයිද වාර්තාවේ) 'මව්බිම' පුවත් පතෙහි පමණක් පල කර තිබිණි. මේ සම්බන්ධයෙන්ද අදහස් පළ කළ දිසානායක මහතා අන් මාධ්‍ය මේ පළ නොකලේ ඇවන්ගාර්ඩ් ආයතනයෙන් මුදල් ලබා ගෙන ඇති නිසා බවද මව්බිම පුවත් පතටම ප්‍රකාශ කර තිබිණි.

කෙසේ නමුත් පසුගිය සතියේ පැවැත්වූ කැබිනට් මණ්ඩල ‍රැස්වීමේදීද මේ ප්‍රශ්නය දිගැහැරුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙම පරීක්ෂණ කටයුතු කිසිදු බලපැමකට යටත් නොවී සිදු කරන ලෙස අවධාරණය කර තිබිණි. ඇවන්ගාර්ඩ් ආයතනයෙන් මුදල් ලබා ගත් බවට එජාපයේ මෙන්ම ශ්‍රී ලනිපයේ ඇමැතිවරුන් කිහිප දෙනෙකු වෙත වෙබ් අඩවි කිහිපයකින්ම චෝදනා එල්ල කර තිබිණි.

ජනතා විමුක්ති පෙරමුණ මෙලෙස අල්ලසට යටවුණ මාධ්‍ය හා දේශපාලකයන් හෙළි කිරීමට සූදානම් වේ නම් ඒ මහත් ආන්දෝලනයකට තුඩු දෙන්නක් වීම වැලැක්විය නොහැක. එමෙන්ම දිසානායක මහතා මාධ්‍යට එල්ල කළ චෝදනාවද බරපතලය. ඒ ඔහු හෙළිදරව් කිරීම සිදු කළ යුතු බව මාධ්‍ය සංවිධාන නියෝජිතයන්ද අවධාරණය කරයි.

සැබැඳි පුවත් :පාවෙන අවිගබඩා ව්‍යාපාරය මහරාජාට ! රුවන් උගුලක, අර්ජුන ගිනි පිබියි, අනුර හොරි කසයි.

Last modified on Saturday, 17 October 2015 10:31

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us