එක්‌නැළිගොඩ ඝාතනය ගැන ගෝඨගෙන් ප්‍රශ්න කිරීමට යයි

Published in පුවත්
Sunday, 18 October 2015 10:10

මාධ්‍යවේදී ප්‍රදීප් එක්‌නැළිගොඩ මහතා පැහැරගෙන ගොස්‌ අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තාවේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල විදේශ ගතව සිටින බැවින් ඔහු යලි දිවයිනට පැමිණි වහාම එසේ ප්‍රශ්න කිරීමට සැරසෙන බව පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

එක්‌නැළිගොඩ මහතා අතුරුදහන් කිරීමට අදාළ පරීක්‍ෂණ අවසන් අදියරට පැමිණ තිබෙන බවද ඊට සම්බන්ධ යුද හමුදාවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අතුරුදහන් සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා කර්නල්වරු දෙදෙනකු ඇතුළු එකොළොස්‌ දෙනකු මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.

මෙතෙක්‌ කළ පරීක්‍ෂණවලින් හෙළිවී ඇති අන්දමට ප්‍රදීප් එක්‌නැළිගොඩ මහතා මරණිය චේතනාවෙන් යුතුව කුමන්ත්‍රණකාරී ලෙස පැහැරගෙන ගොස් ඇත්තේ, යුධ හමුදා බුද්ධි අංශයේ ප්‍රබලයින් පිරිසක් විසින් බව තහවුරුවී ඇත.

විවිධ පාර්ශ්වයන්ගෙන් බලපෑම් :

මේ අතර, එක්‌නැළිගොඩ මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධව කෙරෙන පරීක්‍ෂණ කටයුතු වලට විවිධ පාර්ශ්වයන්ගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත දැඩි බලපෑමක් එල්ලවෙමින් පවතී.

කෙසේවුවද, එක්‌නැළිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ පවත්වා ඊට සම්බන්ධ අපරාධකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස්‌ දී තිබේ.

මේ අතර 'සත්හඬ' පුවත්පත අද (18) වාර්තා කර ඇත්තේ, මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා රජයේ හමුදා බුද්ධි අංශ මඟින් පැහැරගෙන ගොස් සොරිවිල (මනම්පිටිය) වැලිකන්ද ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය අතුරු හමුදා කඳවුරකට බාර දී ඇති බවත් පසුව ඔහු ඝාතනය කර මෘත දේහය ත‍්‍රිකුණාමලයට රැගෙන ගොස් මුහුදට දමා ඇති බවත් ය.

Last modified on Sunday, 18 October 2015 10:42

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us