එක්නැළිගොඩ ඝාතනය කර සිරුර ත‍්‍රිකුණාමලයෙන් මුහුදට දමලා

Published in පුවත්
Saturday, 17 October 2015 09:49

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා රජයේ හමුදා බුද්ධි අංශ මඟින් පැහැරගෙන ගොස් සොරිවිල (මනම්පිටිය) වැලිකන්ද ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය අතුරු හමුදා කඳවුරකට බාර දී ඇති බවත් පසුව ඔහු ඝාතනය කර මෘත දේහය ත‍්‍රිකුණාමලයට රැගෙන ගොස් මුහුදට දමා ඇති බවත් හමුදා බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්නැළිගොඩ මහතා සමඟ දෙමළ විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයන් පහළොස් දෙනකු පමණ පිරිසක් ද මෙසේ ඝාතනය කර, සොරිවිල ප‍්‍රදේශයේ මඩවගුරක වළ දමා ඇත.

පසුව එම මෘත දේහ උඩට පැමිණීම නිසා, ත‍්‍රිකුණාමලයට රැගෙන ගොස් මුහුදට දමා ඇතැයි හමුදා බුද්ධි අංශ තහවුරු කරයි.

කරුණා අම්මාන්ගේ අණසක යටතේ:

මෙම අතුරු හමුදා කඳවුර 2007 වර්ෂයේ පිහිටුවා ඇත. මුල දී කරුණා අම්මාන්ගේ අණසක යටතේ පැවැති සොරිවිල කඳවුර පසුව පිල්ලෙයාන්ගේ අණසක යටතේ පාලනය විය. 2010 වර්ෂයේ මුල එම කඳවුර ඉවත් කෙරිණ.

2010 ජනවාරි 24 වනදා රාජගිරියේ දී ජාතික බුද්ධි ප‍්‍රධානී කාර්යාලයේ විදේශ බුද්ධි අංශ ප‍්‍රධානී ලූතිනල් කර්නල් ෂම්මි කුමාර රත්නායක, කෝප‍්‍රල් ප‍්‍රියන්ත හෙවත් නාදන්, හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් වන කනපතිපිල්ලේ සුරේෂ් කුමාර් හෙවත් තවේන්ද්‍රන් සහ සුමතිපාලන් සුරේෂ් කුමාර් හෙවත් නගුලන් යන අය විසින් එක්නැළිගොඩව පැහැර ගන්නා ලදහ.

ලූතිනල් කර්නල් රත්නායක ඇතුළු කණ්ඩායම එක්නැළිගොඩව පැහැරගෙන කන්තලේ ගිරිතලේ හමුදා කඳවුරට රැගෙන යන අතර පසුව එම කඳවුරේ දින කිහිපයක් තබාගෙන ප‍්‍රශ්න කර ඇත.

පසුව හිටපු ආරක්ෂක ප‍්‍රධානියකුගේ නියෝගයක් මත ලූතින් කර්නල් රත්නායක විසින් ඔහුව සොරිවිල වැලිකන්ද අතුරු හමුදා කඳවුරට බාර දී ඇත.

කඳවුරේ ප‍්‍රධානියා පිල්ලෙයාන් :

එක්නැළිගොඩව එම කඳවුරට බාර දෙන අවස්ථාවේ සොරිවිල අතුරු හමුදා කඳවුරේ ප‍්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ පිල්ලෙයාන්ය.

රජයේ හමුදා සහ කරුණාගේත් පිල්ලෙයාන්ලාගේත් කුලී මැර කල්ලි ඒකාබද්ධව පවත්වාගෙන ගිය නැගෙනගිර කඳවුරුවල සිය ගණන් දෙමළ තරුණයන්ට වධ දී ඝාතනය කළ බවත් දෙමළ හා මුස්ලිම් ධනවත් පුද්ගලයන් පැහැරගෙන විත් කප්පම් ගැනීමේ ව්‍යාපාරය ජයටම කරගෙන ගොස් ඇති බවත් හෙළි වී ඇත.

එක්නැළිගොඩ විසින් හමුදා බුද්ධි නිලධාරීන් ඉදිරිපිට සිදු කරන ලද, පාපොච්චාරණ එම බුද්ධි අංශ මඟින් පටිගත කර ඇති බවත් අවශ්‍ය මොහොතක දී එම හඬ පට රටට ඉදිරිපත් කරනු ඇතැයි සමහර ජාතික පුවත්පත් සඳහන් කර තිබුණි.

නමුත් මේ වනතෙක් ඔහු විසින් සිදු කළා යැයි කියන පාපොච්චාරණයට ආදාළ කිසිදු හඬ පටයක් හමුදා බුද්ධි අංශ මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී නැතැයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලියුම්කරු සමඟ පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන කිසිදු පරීක්ෂණයකට හමුදා බුද්ධි අංශයේ සහයෝගය මෙතෙක් ලබා දී නැති බවට ද එම දෙපාර්තමේන්තුව චෝදනා කරයි.

ප‍්‍රබල ඇමැතිවරයකු ගෙන් බාධා :

මේ අතර ප‍්‍රබල ඇමැතිවරයකු මෙම පරීක්ෂණ කටයුතුවලට බාධා කරමින් සිටින බවත් දැන ගැනීමට තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ජෝසප් පරරාජසිංහම් හා රවිරාජ් මෙන්ම මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග යන අයගේ ඝාතනවලට සම්බන්ධ අවශ්‍ය පුද්ගලයන් කිහිප දෙනකුම මේ වන විටත් ව්‍යාජ නම්වලින් විදේශ ගත වී ඇතැයි විමර්ශනවල දී හෙළි කරගෙන ඇත.

එක්නැළිගොඩ මහතා අතුරුදන් කිරීමට අදාළව 11 දෙනකු අත්අඩංගුවේ පසුවන අතර ඔවුන් නොවැම්බර් 23 වන දින දක්වා රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණයේ අවසර ලැබී තිබේ.

එමෙන්ම ඉදිරි දින කිහිපයේ දී ඔවුන් කිහිප දෙනකු වැලිකන්ද ප‍්‍රදේශයට රැගෙන ගොස් පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

(සත්හඬ -ශාන්ත විජේසූරිය)

Last modified on Saturday, 17 October 2015 10:20

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us