වසරකට කුඩු කිලෝ 3500ක් රටට හොරෙන් එනවා - නාවික හමුදාපති

Published in පුවත්
Saturday, 17 October 2015 09:06

අන්තර්ජාතික මත්කුඩු ජාවාරම්කරුවන් වසරකට මත්කුඩු කිලෝ තුන්දහස් පන්සියයකට වැඩි ප්‍රමාණයක් බෙදාහැරීමට මෙරටට එවන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පැවැසීය.

මේ ප්‍රමාණය මෙරටට සැපයීමට ඔවුන් කටයුතු කරන්නේ වසරකට මෙරට මත්කුඩු භාවිතයට ලොල් වූ පිරිස වෙනුවෙන් කිලෝ තුන්දහසක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වන හෙයිනි.

අන්තර්ජාතික මත්කුඩු ජාවාරම්කරුවෝ මෙරට මත්කුඩු ජාවාරම්කරුවන් සම්බන්ධ කරගෙන විවිධ උපක්‍රම යොදමින් ඒ මත්කුඩු ප්‍රමාණය කෙසේ හෝ ආරක්ෂක අංශවලට හොරෙන් රටට ඇතුළු කිරීමට කටයුතු කරති.

මෙරට මුහුදු සීමාවට ආසන්න මුහුදු තීරයේ වසරකට හෙරොයින් අඩංගු කන්ටේනර් ලක්ෂ 15ක් පමණ විවිධ රටවල් වෙත ප්‍රවාහනය කෙරේ.

ඉන් කොටසක් මෙරටට ඇතුළු කරති. ව්‍යාජ මුහුදු මාර්ග, වරාය සහ කටුනායක ගුවන් තොටුපළ හරහා කෙසේ හෝ කුඩු කිලෝ තුන්දහස් පන්සියයකට වැඩි ප්‍රමාණයක් රට තුළට පිවිසුවන බව ද නාවික හමුදාපතිවරයා පවසයි.

silumina

Last modified on Saturday, 17 October 2015 09:46

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us