දේශීය ක්‍රිකට් ක්‍රීඩා තරග විකාශන අයිතිය සිරසට !

Published in පුවත්
Friday, 16 October 2015 21:20

ශ්‍රී ලංකා ක්‍රිකට් තරග දේශීය විකාශන අයිතිය වතාවක් සිරස ටිවී ආයතනය වෙත පැවරීමේ කුමන්ත්‍රනකාරී වැඩ පිලිවෙලක් සිරස ටීවී හිමිකරු කිලී මහරාජා විසින් විසින් ක්‍රියාවට නඟා ඇති බව දැන ගැනීමට ඇත.

ඒ වෙනුවෙන් ක්‍රීඩා ඇමති දයාසිරි රාජපක්ෂ මහතා හා සමඟ එකඟතාවයක් ඇතිකර ගැනීමේ කටයුත්ත භාරදී ඇත්තේ මහරාජා සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂක ෂෙවාන් ඩැනියෙල් මහතාටය. අද (16) මේ මොහොත වන විට ඔවුන් දෙදෙනා බෙල්ජියමේ හෝටල් කාමරයකට වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව අප වෙත වාර්තාවේ. දයාසිරි ජයසේකර මහතා පසුගියදා ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්සේල්ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සමඟ මෙරටින් පිටව ගියේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිළධාරීන් හමු වීමටය. ඒ ස්විස්ටර්ලන්තයේ ලොව්සානෙ නුවරටය.

ෂෙවාන් ඩැනියෙල් මහතාද පසුගියදා ස්විස්ටර්ලන්තයේ ජිනීවා බලා ගියේ අන්තර් ජාතික සමුළුවකට සහභාගී වීමේ අවස්ථාවකට ද සම්බන්ධ වීම වෙනුවෙනි. ස්විස්ටර්ලන්තයේදී මුණ ගැසුනු මේ දෙදෙනා බෙල්ජියමෙ සංචාරයට පැමිණ ඇත්තේ නව ගනුදෙනුව වෙනුවෙන් බව බෙල්ජියම් නුවරින් වාර්තා වේ.

ඒ කෙසේ නමුත් ඉදිරි වසර තුන සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා විකාශන අයිතිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර් වාර කමිටුව තීරණය කළේ පසුගිය ජුනී මාසයේදීය.

එහෙත් පසුගියදා ක්‍රිකට් ආයතනයේ නිරීක්ෂණයකට එක්වෙමින් සිටියදී ක්‍රිකට් තරග දේශීය රූපවාහිනි විකාශන අයිතිය පැවරීමේ ගනුදෙනුව පිළිබඳ ලබන සතියේදී තීරණයක් ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මාධ්‍යයට පවසා තිබිණි.

ක්‍රිකට් තරග දේශීය විකාශය පැවරීමේ ගනුදෙනුව පිළිබඳ වාර්තාවක් තමාට ලබා දෙන ලෙස ද එහි නිළධාරීන්ට පවසා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යවරයාට එම ගනුදෙනුවට අදාළ වාර්තාවක් මේ වන විට ලබා දී ඇත. රාජපක්ෂ පවුලේ කාල්ටන් ස්පොර්ට්(CSN) ආයතන සතුව තිබු ක්‍රිකට විකාශන අයිතිය අත් හි‍ටුවීමෙන් පසුව මේ වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ක්‍රිකට් තරග දේශීය විකාශන කොන්ත්‍රාත්තුව අලෙවි කළ අතර ඉන් රුපියල් මිලියන 40කට වැඩි පාඩුවක් ක්‍රිකට් ආයතනයට සිදු වුණු බව ද පැවසේ.

2011 වසරේදී ජාතික රූපවහිනිය සතුව තිබූ ක්‍රිකට් ක්‍රීඩා විකාශන අයිතිය ඉතා අඩු මුදලකට CSN නාලිකාවට 2012 වසරේදී පවරනු ලැබූවේ රාජපක්ෂ පවුලේ වුවමනාව මතය. අනෙක් තරගකාරී ආයතන වලට ඒ සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාවද අහිමි කරනු ලැබුවේය.

 

Last modified on Friday, 16 October 2015 21:39

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us