ඉන් අනතුරුව නැවත්ත් අන්තර්ජාලයට එක් කර තිබෙන සමරසුන්දර මහතා හා සෙනාධිපති මහතා ආතර වූ සංවාදයක හඬ පටය නිසා, නිශ්චිත ලෙසම මුදල් ගනු දෙනුව සිදුව තිබෙන බව තහවුරු වී තිබේ. එම හඬ පටය සමරතුංග මහතා අවිසින් අන්තර්ජාලයට මුසු කරන්නේ රාජිත සෙනාරත්න මහතාගේ ගැලවීමට නමුත්. තමන් විසින් මුදල් ලබා ගැනීම සිදු කර ඇති බව මෙයින් තහවුරු වන බව ඔහුට අවබෝධයක් තිබී නැත.
කෙසේ නමුත් අපට දැන ගැනීමට ඇති පරිදී මෙලෙස ආපසු හරවා යවා ඇත්තේ අවසන් වරට ලබා දුන් ලක්ෂ 50 ක මුදලකි. ඊට හෙතුව වී ඇත්තේ ඒ දිනවල රාජිත සෙනාරත්න මහතා මෙම ඇවන්ගාර්ඩ් ප්‍රශ්නය සම්බන්දයෙන් පෙනී සිටි ස්ථාවරය වේ. ඒවන විට දෙදෙනා අතර විරසක භාවයට මුලපුරා තිබිණි. ඊට හේතුව රුපියල් ලක්ෂ 300 ක තවත් ගනු දෙනුවක් නිසා බවද අප වෙත තොරතුරු ලැබි ඇත.
එහෙත් මෙම ගනුදෙනුවට පෙර සිදු කළ ගනුදෙනු සම්බන්ධයෙන්ද මේවන විට සාක්ෂි රැසක් අප වෙත ලැබී තිබේ.
කෙසේ නමුත් මෙය බරපතල අල්ලස් ගනුදෙනුවක් බව පැහැදිලි වන අතර මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂනයක් පැවැත්වීම වගකිව යුත්තන් සිදු කළ යුතුව තිබේ.
සැබැඳි පුවත් :