මේ අතර රාජිත සෙනාරත්න මහතා මේ වන විටත් මෙරටින් පලා ගොස් ඇති බව දැන ගන්නට තිබේ.
ඇමැති රාජිත සේනාරත්න ඇවන්ට්ගාඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපතිගෙන් රුපියල් ලක්ෂ 50 ක් ලබා ගත් බව ඇමැති රාජිත සේනාරත්නගේ ලේකම් වරයා වන, රාජිත යටතේ ඇති රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති දොස්තර සයුරු සමරසුන්දර සහ ඇවන්ට් ගාඩ් හිමිකරු සේනාධිපති අතර පැවැති දුරකථන සංවාදයෙන් හෙලිවේ. එම සංවාදය ලංකාඊනිව්ස් වෙබ් අඩවිය මඟින් ප්‍රසිද්ධ කර තිබේ.
අප වෙත ලැබී තිබෙන තොරතුරු අනුව විටින් විට ලක්ෂ 50 බැගින් කිහිපවතාවක්ම මුදල් ලබා ගෙන තිබේ. අවසන් වරට පසුගිය අගෝස්තු මාසයේදි ද ලක්ෂ 50 ක මුදලක් ලබා ගෙන ඇත.
රාජිත සේනාරත්න මහතා ඇවන් ගාර්ඩ් ව්‍යාපාරයට එරෙහිව කටයුතු කරන්නේ ඔහු අපෙක්ෂා කළ මුදල් ඒ ආකාරයෙන් නොලැබිම නිසා බව ඇවන්ගාර්ඩ් සභාපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී පැවසීය.
මෙලෙසම චම්පික රණවක ඇමැතිවරයා , අර්ජුන රණතුංග ඇමැතිවරයා තමාට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන්ද කරුණු හෙළිදරව් කරන බවත් ඔහු පවසයි.එමෙන්ම අනුර දිසානායක මහතා ගේ ඇති ව්‍යාපාරික සම්බන්ධතාද ඉදිරියේදී ඔහු විසින් හෙළි කරන බවත් තමන්ගේ ව්‍යාපාරය ඩැහැ ගැනීමට බලන් සිටින ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගත් දේශපාලකයන් විසින් මේවන විට ජනාධිපතිවරයාවත් මේ ප්‍රශ්නය හමුවේ අසරණ කර ඇති බවත් තමාට ඒත්තු යන බවද ඔහු පවසයි.
පසුගිය අගෝස්තු මාසයේදී සේනාරත්න මහතාට (දොස්තර සයුරුට) ලබා දුන් ලක්ෂ 50 චෙක්පත