කුලීකාරයන්ගේ මාධ්‍ය වාර්ථා සහ ඇත්ත අතර පරතරය ගොඩක් වැඩියි. Featured

Monday, 02 August 2021 12:54

නූතන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අර්ථකතන සැපයීමේදී ප්‍රජාතන්ත්‍රවාදය සු‍රැකීමේ ප්‍රධාන කුළුණු හතරෙන් එක්ක ලෙස ජනමාධ්‍යයද එකතු කරගෙන තිබේ. පෙර පැවැති අර්ථ දැක්වීම් වලදී විධායකය, ව්‍යවස්ථාදයකය සහ අධිකරණය මත පමණක් මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය රඳා පැවැතිනි.

මේ අනුව ජනමාධ්‍යයට ලබාදී ඇති වටිනාකම ඉහළය. රටක ජනතාවකට රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගැනීම සඳහා නිදහස්, ස්වාධීන මාධ්‍යයන් පැවැතීම කරන කොටගෙන ජනමාධ්‍යයේ කාර්යභාරය මෙලෙස ඇගයීමකට පාත්‍ර වී තිබුණද අද වන විට විධායකය, ව්‍යස්ථාදායකය සහ අධිකරණය දූෂ්‍ය වී ඇති තරමට වඩා වේගයෙන් සහ ප්‍රමාණිකව ජනමාධ්‍ය ක්ෂේත්‍රය දුෂ්‍ය වී ඇති බව පැහැදිලිව පෙන්වා දිය හැකි මට්ටමක තිබේ. අද ඕනැම රටක වුව ජනතාව නොමඟ යැවීමට, ජන මනස විකෘති කිරීමට, අනිසි බලපෑම් කිරීමට, ජාති ආගමික සහ දේශපාලනික ආදී ගැටුම් ඇති කිරීමට පාර්ශ්වික වුවමණාවන් වෙනුවෙන් බහුලවම පාවිච්චියට ගැනෙන්නේ ජනමාධ්‍යයයි. වර්තමානයේ සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය පුළුල්වීමත් සමඟ මේ තත්වයන් කිසිවකුට පාලනය කරගත නොහැකි තරම් දුර දිග ගොස් ද තිබේ. එහෙත් අවශ්‍ය නම් ඒ තත්වයත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලෙස කිසිවකුට හේතු සාදක ඇතිව පෙන්නා දීමේ හැකියාවද තිබේ.

කොහොම නමුත් හිතා මතාම ජනතාව නොමඟ යැවීම අපේක්ෂා කරගෙන පදනම් විරහිත වර්තා සැපයීම අද බහුලවම දකින්නට ලැබෙන්නකි. විශේෂයෙන් වසර ගනනාවක් තිස්සෙ ජනතාවගේ පිළිගැනීමට ලක්වූ විශ්වාසනීය තොරතුරු බෙදාහරින ජනමාධ්‍යයන් පවා අද පාර්ශවික, නැතිනම් තවත් පාර්ශ්වයකට හානි කිරීමේ වුවමණාව මතම පුවත් වාර්තා පළ කිරීම දකින්නට ලැබේ.

මේ සම්බන්ධයෙන් නිදසුන් සිය ගනනාවක් මෙරට ප්‍රධාන මාධ්‍යයන් සම්බන්ධයෙන් පමණක් පෙන්වා දිය හැකිය. මේ ගැන විවේචනාතමක කතිකාවන් ද මේ සමාජය තුළ දැන් කාලයක් තිස්සේම පවතී. එහෙත් මේ ජනමාධ්‍යයේ ජඩ භාවිතය අඩුවක් වී නැත. මෙරට වඩාත් පිළිගැනීමට ලක්වූ පුවත් පතක් වූ , 'sundaytimes' (සන්ඩෙටයිම්ස්) ඉංග්‍රිසි පුවත්පත කාලන්තරයක් තිස්සේ නිවැරදී, සමබර, අපක්ෂපාත පුවත් වාර්තා කරණයෙහි යෙදී සිටි බව මෙරට පමණක් නොව ජාත්‍යන්තරව පවා පිළිගැනීමට ලක්වූ යුගයක් තිබිණි. නමුත් අද එම පුවත් පත්ද තුට්‍ටු දෙකේ මඩ අවලාද නගන සමාජ මාධ්‍ය පි‍ටුවක් තරමටම බංකොලොත් තත්වයට පත්ව තිබේ. ඊට හේතුව එදා සිටි ජනමාධ්‍යවේදීන් අද නොමැති වීමත් ඒ තැන්වලට ජඩ මාධ්‍ය කුලීකරුවන් පත්ව ඇති නිසා විය හැකිය.

ඇවන්ට්ගාර්ඩ් - ඩිල්රුක්ෂි පලහිලව්ව

ඊයේ සන්ඩෙටයිම්ස් පුවත් පතෙහි පුවත් පළ කරමින්, අල්ලස හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර ඇති වූ දුරකතන සාකච්ඡාව පිළිබඳ කෙරුණු විමර්ශනක් පිළිබඳ සටහන් කර තිබේ. එය බැලු බැල්මටම ආකර්ශනීයය, විස්මය දනවන , කුතුහලය දනවන, පුවතකි. මේ අනුව ඩිල්රුක්ෂිට වූ අසාධාරණයක් ගැනත් ඇයගේ නිවැරදි භාවයකුත් උලුප්පා දැක්වීමට උත්සාහයක් ගෙන තිබිණි.

මෙම වාර්තාවේ සංශිප්තයක් ලෙස ජේෂ්ඨ ජනමාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා සිය ෆේස්බුක් පි‍ටුවෙහි සටහනක් පළකර ඇත. එය මෙසේය.

''හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්රමසිංහ සහ ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවති දුරකථන සංවාදයක් සේනාධිපති විසින් පටිගත කර සංස්කරණය කර ඇති බව පරිපාලන අභියාචනා විනිශ්චය සභාව විසින් තහවුරු කර තිබේ.
2019 සැප්තැම්බර් මාසයේදී යූටියූබ් වෙත මුදා හැර තිබූ එකී සංවාදය හේතුවෙන් වික්රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කර අනිවාර්ය සේවා නිවාඩු මත රාජ්ය සේවා කොමිසම විසින් යවන ලදි. විනිශ්චය සභාව තේරීම් කාරක සභාවට නියෝග කර ඇත්තේ ඉහත වැඩ තහනම් කිරීමේ නියෝගය අහෝසි කරන ලෙසත් වහාම ක්රියාත්මක වන පරිදි සොලිසිටර් ජනරාල් තනතුරේ වික් රමසිංහ මහත්මියගේ රාජකාරි කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර දෙන ලෙසත් ය. කෙසේ වෙතත්, වික් රමසිංහ මහත්මිය පසුගිය සිකුරාදා (ජූලි 30) විශ්රාම ගැන්වීමට නියමිතව තිබුනි.
මොරටුව විශ්ව විද්යාලයේ වාර්තාවක් ඇතුළුව විශේෂඥ වාර්තා තුනක් සනාථ කළේ මෙම පටිගත කිරීම සැලකිය යුතු ලෙස සංස්කරණය කර ඇති අතර, එය මූලික හඬපටයෙහි අඩංගු අදහස මූලික වශයෙන් විකෘති කර ඇති බවත්ය.
මේ අතර රජයේ සහකාර රස පරීක්ෂක ඩබ්ලිව්.ජී.ඩී.එල්. ගුණතිලක වික්රමසිංහ මහත්මියට එරෙහි චෝදනා ගැන පරීක්ෂණයක් පවත්වමින් කියා සිටියේ මෙම හඬ පට පටිගත කිරීම ස්ථාන 10 කදී සංස්කරණයට ලක් කර ඇති බවයි.
තීන්දුවේ සඳහන් කර ඇත්තේ, එම පටිගත කිරීම තමා විසින් තම අවශ්යතාවයට ගැලපෙන ලෙස සංස්කරණය කිරීමට ලක් කළ බව මූලික විමර්ශනයේදී නිස්සන්ක සේනාධිපති ප්රකාශයක් මඟින් පිළිගත් බවයි. සංස්කරණය නොකළ පටියක් ඉදිරිපත් කිරීමට ඔහුට අවස්ථාව ලබා දී ඇතත් එය කිරීමටද ඔහු අසමත් විය.
හිටපු අමාත්ය වජිර අබේවර්ධන සමඟ රාත්රී භෝජන සංග්රහයකදී සේනාධිපති ගෙන් දුරකථන ඇමතුමක් ලබා ගැනීමෙන් වික්රමසිංහ මහත්මිය උගුලකට හසුකරගෙන ඇති බව පරීක්ෂණයේදී තහවුරු වී තිබේ. වජිර අබේවර්ධන සිය දුරකථනය වික්රමසිංහ මහත්මියට දිගු කළ අතර ඔහු කියා සිටියේ නිශ්ශංක සේනාධිපති ඇය සමඟ කතා කිරීමට අවශ්ය බව කියන බවයි. ඔවුන්ගේ සංවාදය නීත්යානුකූල ප්රසම්පාදනය පිළිබඳ ප්රශ්නයකට සම්බන්ධ විය.
අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත්තේ සේනාධිපති හිතා මතාම උගුලක් අටවා ඔහුගේ අවශ්යතා සඳහා අවශ්යවූ අවස්ථාවක ඇය සමඟ කරන ඕනෑම දුරකථන සංවාදයක් පටිගත කිරීමට පෙර සූදානමකින්න් බලා සිටි බව ඔප්පුවන බවයි.
මේ අතර, සේනාධිපති විසින් ප්‍රකාශයට පත් කරන ලද හා බෙදා හරින ලද බව කියන හඬ පට සහ වීඩියෝ පටය තුළින් තමාට සිදු වූ අලාභය හා හානිය සඳහා රුපියල් බිලියන 2 ක මුදලක් වහාම ගෙවන ලෙස ඉල්ලා වික් රමසිංහ මහත්මිය සේනාධිපති වෙත එන්තරවාසි ලිපියක් ද යවා තිබේ.

https://www.sundaytimes.lk/.../former-solicitor-general...

මෙම සටහනම අප උපුටාගත්තේ මේ වන විට සමාජ මාධ්‍ය පුරා සැරි සරන්නේ එම සටහන වීමත් ඒ ආශ්‍රයෙන් නැවත සකස්කරන ලද සටහන් (පෝස්ට්) බහුලවම සංසරණය වන නිසාත් සහ සන්ඩෙටයිම්ස් හි ඉංග්‍රීසි භාෂාවෙන් කළ සටහන විකෘති කිරීමක් මෙහිදී සිදුව නැති බවට විශ්වාසයක් ඇති නිසාය.

times

ටයිම්ස් තක්කඩිකම

එහෙත් ගැටළුව ඇත්තේ මේ ටයිම්ස් වාර්තාවේ අඩංගුවෙහි ඇති බරපතල දෝශ සහගත තත්වයයි. එනම් පාඨකයා නොමඟ යවන සහ පට්ට පල් බොරු, ඒ තුල අඩංගු වීමය.

මේ දුරකතන සංවාදය සත්‍ය එකකි. එය එවකට යහපාලන යුගයේදි හිටපු ඇමැති වජිර අබේවර්ධනගේ මැදිහත් වීමත් සිදු කෙරුණකි. එසේම ඇවන්ට්ගාර්ඩ් සභාපතිවරයා විසින් එම සංවාදයෙන් කොටසක් සමාජ මාධ්‍යවලට මුදා හැරද ඇත. එය සංස්කරණය කෙරුණක්ද විය.. මේවා ඇත්තය.

වීඩියෝ පටයක් ප්‍රසිද්ධ කිරීමට කලින් සංස්කරණකට ලක්කිරීම සාමාන්‍ය දෙයකි. අදාල නැති හෝ දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය බාධා ඉවත් කිරීම, ඒ පරිශීලනය කරන්නට වඩාත් පහසුවක් ඇති කිරීම ආදී හේතු මත විඩියෝ සංස්කරණය වේ. නමුත් මේ තුළින් ඩිල්රුක්ෂි ප්‍රකාශයට පත් කෙරුණු අදහස් විකෘති කිරීමක් සිදුව ඇති බවට නැගෙන චෝදනාව සහ අදාල සංස්කරණය නොකරන ලද මුල් පිටපත හෝ අදාල විමර්ශන කණ්ඩායමට ලබානොදුන්නාය කියන චෝදනා සත්‍යයෙන් තොර බව ඊට සම්බන්ධ ලිපි ලේඛන ඇවන්ට්ගාර්ඩ් සමාගම දැනටම ප්‍රසිද්ධ කරමින් පෙන්වා දී තිබේ.( ඒ පහතින් දැක්වේ)

ලොකුම විහිළුව

මේ අතර එම වාර්ථාව අවසානයේ එල්ලා ඇති කොටසින් කියවෙන්නේ මෙම හඬ පටය ප්‍රසිද්ධ කිරීම නිසා ඩිල්රුක්ෂිට වූ හානිය සහ අලාබය වෙනුවෙන් සේනාධිපති මහතාගෙන් රුපියල් බිලියන 2ක් වන්දි ලෙස ලබා දෙන ලෙසත් එසේ නොවුණහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට එන්තරවාසියක් යවා ඇති බවය. මේ පුවත් වාර්තාවේ ඇති ලොකුම විහිළුව එයය.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම යනු ස්වාධීන කොමිෂන් සභාවකි. එහි කටයුතුවලට ආණ්ඩුවකට හෝ ඇඟිලි ගැසිය නොහැක. එසේම එහි නිලධාරීන්ද සිය ස්වාධීනත්වය රැකගත යුතුය. ඔවුන්ට ආණ්ඩුවේ හෝ විපක්ෂයේ හෝ දේශපාලකයන් සමඟ ගනුදෙනු හෝ ඇයි හොඳයිකම්වත් පවත්වා ගැනීමේ ඉඩක් තිබිය නොහැක. නිල වශයෙන් රාජකාරීම වශයෙන් රාජ්‍ය නිලධාරීන් හෝ දේශපාලන අධිකාරියේ ප්‍රධානින් සමඟ ගනුදෙනු තිබිය හැකි නමුත් පෞද්ගලික ගනුදෙනු තිබිය නොහැක. එහෙත් මේ ඩිල්රුක්ෂි සිය ධුර කාලය තුළදී සිය දේශපාලනික ලැබැඳියාවන් සමඟ පෞද්ගලික කිට්‍ටු ඇසුරක් පවත්වාගෙන ගිය බව බව තවදුරටත් රහසක් ලෙස සැලකිය නොහැක. මේ කියන අදාල හඬ පටය තුළදීම ඇය දේශපාලනය ඉගෙන ගැනීමට සතිපතා වජිර අබේවර්ධන මුණ ගැසෙන බව ඇය පැහැදිලිව කියයි.

එසේම ඇය ඇතැම් විමර්ශන සම්බන්ධයෙන් දේශපාලන අධිකාරියෙහි දේශපාලන වුවමණාවන් වෙනුවෙන් කටයුතු කළ බව පිළිගනියි. මෙපමණක් නොව, මෙම ඇවන්ට්ගාර්ඩ් සිදුවීම සම්බන්ධයෙන්ම වත්මන් ජනපති, පසුගිය රාජපක්ෂ යුගයේදී ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂට එරෙහිව රජයේ සාක්ෂිකරුවකු ලෙස ඇවන්ට්ගාර්ඩ් සභාපති සේනාධිපති මහතාව යොදාගැනීමට ඔහුට කළ බලපෑම ගැනත් මෙලෙසම හඬපට සක්ෂි තිබේ. ඩිල්රුක්ෂිලාගේ දේශපාලනික ගැති බව සහ තමන්ගේ රාජකාරී සීමාවන්, නීතිය, ආචාරධර්ම උල්ලංඝණය කරමින් කටයුතු කළ තවත් අවස්ථා ගැනත් උදාහරණ තිබේ.

වන්දි ඉල්ලනේ රෙදි ඇඳගෙනද?

කොහොම නමුත් තමන්ගේ නිති විරෝධී, සදාචාර විරෝධී, පක්ෂග්‍රාහී හැසිරීම් සියල්ල පසෙකලා ඇය අද නිශ්ශංක සේනාධිපතිගෙන් රු බිලියන දෙකක වන්දියක් ඉල්ලන්නේ කොහොමදැයි අපි කල්පනා කර බැලිය යුතුය.

ඩිල්රුක්ෂිට රෙද්දක් ඇඳගෙන මෙහෙම වන්දියක් ඉල්ලන්න බැරිය. තමන්ගේ ගැලවුණු රෙදි නිසා ලෝකයට නිරාවරණය වූ නිරුවත වසා ගන්නට ගන්නා තවත් ලැජ්ජා සහගත උත්සාහයක් ලෙස මෙම වන්දි ඉල්ලීම ගැන කෙටියෙන් පැහැදිලිව සඳහන් කළ හැකිය. ඇය ඇත්තටම මෙහෙම එන්තරවාසියක් සේනාධිපති මහතාට යොමුකර තිබිය හැකි නමුත් ඇයට තමන් කළ වරදෙන් නිදහස් වීමට අධිකරණය හමුවේදී නම් නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. මේවා විහිළුය.

එහෙත් මේ සන්ඩෙටයිම්ස් ජඩ මාධ්‍ය භාවිතයනම් විහිළුවක් නොවේ. ඒ හිතා මතා රටේ ජනතාව නොමඟ යැවීම වෙනුවෙන් සිදු කළ අන්තිම පහත් තුච්ඡ වැඩකි. සැබැවින්ම අපක්ෂපාත, සාධාරණ, යුක්ති සහගත, සැබෑ ජනමාධ්‍යවේදට තරම් නොවන වැඩකි. ජනමාධ්‍ය ආචාර ධර්ම අමු අමුවේ කෙලසා දැමීමකි. අඩුම තරමින් මේ පළ කරන පුවත තුළින් ඉලක්ක කරන අනෙක් පාර්ශ්වයෙන් මේ සම්බන්ධ විමසීමක් හෝ සිදු කර තිබුණානම් අපට මෙහෙම දෙයක් ලියන්න සිදු නොවුණු ඇත. මෙය ඒක පාර්ශ්වික, ජඩ දේශපාලනික හෝ පෞද්ගලික වෛරයක් මත හෝ ඩිල්රුක්ෂිගේ අල්ලසකට යටවී හෝ පළ කළ වාර්ථාවක් බව පැහැදිලිය.

කොහොම නමුත් ජනමාධ්‍ය භාවිතයේ ජඩකම ගැන අප මතු කරන විවේචනය මෙම සන්ඩෙටයිම්ස් පුවත් පතට පමණක් නොව මෙරට සියළුම මාධ්‍ය සම්බනධයෙනුත් අදාල බව කණගාටුවෙන් වුවත් පැවැසිය යුතුය. එතරම්ම මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයම පිරිහී තිබේ.

ඇවන්ට්ගාර්ඩ් ආයතනයේ පිළිතුර පහත දැක්වේ. (save avantgarde - පිටුවෙනි)

හිටපු අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස්ට එරෙහිව රාජ්‍ය සේවා කොමිසන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන ලද අතර ඒ සම්බන්ධයෙන් 2021 අගෝස්තු පළවෙනිදා "සන්ඩේ ටයිම්ස්" පුවත්පතේ පළවූ ලිපියෙ සම්භන්ධව කෙරෙන පැහැදිලි කිරීමයි.


අදාල ලිපියට අනුව නිශ්ශංක සේනාධිපති විසින් දුරකථන සංවාදයේදී අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් "Fix" කර ඇතැයි වාර්තා කර ඇත.
දිල්රුක්ෂි ඩයස් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්ව සිටියදී සේනාධිපතිට විරුද්ධව අල්ලස් නඩුවක් ගොනු කරන ලදී. එම නඩුව ගරු අධිකරණයේදී විභාග වන විට එම නඩුවට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටියේද දිල්රුක්ෂි ඩයස් වීම අල්ලස් නඩු ඉතිහාසයේ තවත් විශේෂත්වයකි. මක්නිසාදයත් අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවක අල්ලස් කොමිසම වෙනුවෙන්, එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාම මින් පෙර පෙනී නොසිටි බැවිනි.


මෙවැනි පසුබිමක් තිබියදී දිල්රුක්ෂි ඩයස් විසින්ම නඩු පවරා, එම නඩුව වෙනුවෙන් චූදිතයාට විරුද්ධව ඇයම පෙනී සිටියදී, චූදිතයා සමඟ විනාඩි පහකට වඩා වැඩි කාලයක් දුරකථන සංවාදයක යෙදීමට තරම් ඇය බබෙක්ද?


මෙම දුරකථන සංවාදයට අදාල හඬ පටය සමාජ ජාලා වෙත නිකුත් වීමත් සමගම ඇයගේ සේවය අත්හිටවූ අතර, ඊට අදාළව රාජ්‍ය සේවා කොමිසන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන ලදී. එම පරීක්ෂණයේදී නිශ්ශංක සේනාධිපති විසින් මෙම හඬ පටය විකෘති කර ඇතැයි ඇය ප්‍රකාශ කර ඇත.


ඒ අනුව රාජ්‍ය සේවා කොමිසම් සභාවේ විමර්ශන කමිටු සභාපති වන කේ පී චන්දිත් මහතා විසින් මෙම දුරකථන සංවාදයට අදාල සංස්කරණය නොකරන ලද හඬ පටය විමර්ශන කමිටුව වෙත යොමු කරන ලෙස දැනුම් දෙමින් නිශ්ශංක සේනාධිපති මහතා වෙත 2020 ජූලි 21 දින ලිපියක් යොමු කර ඇත (අදාල ලිපිය මේ සමග ඇමුණුම 1 ලෙස ඉදිරිපත්කර ඇත).
ඒ අනුව 2020 සැප්තැම්බර් 22 දින සේනාධිපති මහතා විසින් අදාළ දුරකථන සංවාදයේ සංස්කරණය නොකරන ලද හඬ පටය රාජ්‍ය සේවා විමර්ශන කොමිෂන් සභාවේ කේ පී චන්දිත් මහතා වෙත භාර දීමට කටයුතු යොදා ඇත. අදාල හඬ පටය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විමර්ශන කමිටුව විසින් භාරගත් බවට සේනාධිපති මහතා වෙත නිකුත් කරන ලද ලිපිය මේ සමග ඉදිරිපත් කර ඇත (අදාල ලිපිය මේ සමග ඇමුණුම 2 ලෙස ඉදිරිපත්කර ඇත).
.
නිශ්ශංක සේනාධිපති මහතා අදාල දුරකථන සංවාදයේ සංස්කරණය නොකරන ලද හඬ පටය විමර්ශන කමිටුව වෙත ඉදිරිපත් කිරීමට අපොහොසත්ව ඇති බව "Sunday Times" ලිපිය මගින් වාර්තා කර ඇත. එබැවින් මෙම ලිපියේ සඳහන්ව ඇති අනෙකුත් කරුණුවල සත්‍යතාවය ගැන කවර කතාද?


නිශ්ශංක සේනාධිපති මහතා අදාල දුරකථන සංවාදයේ සමාජ ජාලා වෙත මුදා හැර ඇත්තේ කොටසක් පමණි. එම කොටසෙන් පමනක් දිල්රුක්ෂි ඩයස් පහත කරුණු පාපොච්චාරණය කර ඇත.


1. ඇවන්ගාඩ් ආයතනයට අදාළ ලිපි ලේඛන 7000ක් පමණ ඇය විසින්ම පරික්ෂා කරන ලද බවත්, එමගින් ඇවන්ගාඩ් ව්‍යාපාරය සම්පූර්ණ නීත්‍යානුකූල ව්‍යාපාරයක් බව ඇයට ප්‍රත්‍යක්ෂ වූ බව සඳහන් කිරීම.


2. ඇය දේශපාලනය ඉගෙන ගැනීම සඳහා සතියකට වරක්, යහපාලන රජයේ හිටපු අමාත්‍යවරයෙකු වූ වජිර අභයවර්ධන මුණගැසීමට ඔහුගේ නිවෙසට යන බව.(ස්වාධීන කොමිසන් සභාවක සභාපති වරයෙකුට එම තනතුරේ රාජකාරි කරන අතරතුරදීම, දේශපාලඥයින් සමඟ මෙවැනි සම්බන්ධතා පැවැත්වීම එම කොමිසන් සභාවේ ස්වාධීනත්වයට කෙසේ බලපෑම කරනු ඇත්ද?)


3. නිශ්ශංක සේනාධිපතිට එරෙහිව ඇය විසින් නඩු පැවරුවේ දේශපාලඥයින්ගේ බලපෑම මත බවත්, ඒ සම්බන්ධයෙන් ඇය හදවතින්ම කම්පා වන බවත් සඳහන් කරීම.
රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් වරයෙකු සිටියදීම අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ දිල්රුක්ෂි ඩයස්ය, ඇයම පවරණ ලද නඩුවක චූදිතයෙකුට දුරකථන සංවාදයකදී ඇයව "Fix' කළ හැකි නම්, ඇය මෙවැනි තනතුරු දැරිම සඳහා සුදුසු නිලධාරිනියක්ද?


මෙම දුරකථන සංවාදයේ සංස්කරණය නොකරන ලද හඬ පටය සමාජ ජාලයට මුදා හැරියහොත් ඇයට යම් ආත්ම ගරුත්වයක් හෝ වෘත්තීය ගරුත්වයක් මේ වන විට ඉතිරිව ඇත්නම්, එයද විනාශ වී යනු ඇත. අදාල සම්පූර්ණ හඬ පටය සමාජ ජාලය වෙත නිකුත් කිරීමට කාලද දැන් කාලය එළඹ ඇත. බලාපොරොත්තුවෙන් සිටින්න නුදුරු දිනකදීම එය සිදුවනු ඇත.

avant 1 2avant 1 1

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us